ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු සිය ධුරයට සමුදෙයි

4

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Anton Roux සිය වගකීමට සමුදීමට තීරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 14 වැනි දා ඔහු විසින් මෙම තීරණය ලබා ගෙන ඇති අතර, ඔහු සිය සමුගැනීම පිළිබඳ අද (11) සිය Instagram ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති Roux, 2022 වසරේ පටන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වගකීම් දැරූ අතර, එහි දී ඔහු විසින් ශ්‍රී ලංකාව සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ලැබීමට, ආසියානු විස්සයි විස්ස ශූරයින් වීමට මෙන්ම, ආසියානු එක්දින අනුශූරයින් වීමට ද සමත් වුනා.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ද, LPL තරගාවලියේ Galle Marvels කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

ශ්‍රී ලංකාව මගේ ජීවිත කතාවේ කොටසක් බවට පත් වුනා. ශ්‍රී ලංකාවේ දී තමයි මගේ පොඩි පුතා Aiden උපත ලැබුවේ.

එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ට සදාතනික මතකයක් වනු ඇති බව සඳහන් කරන Roux මෙහි දී මහේල ජයවර්ධන, Tom Moody, Tim McCaskill සහ Chris Silverwood හට සිය කෘතවේදීත්වය පළ කිරීමට අමතක කළේ නැහැ.

ඒ අනුව Roux මෙම සතියේ නිමාවත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදීමට නියමිතයි.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<