ප්‍රංශ රග්බි කණ්ඩායමේ නායක Antoine Dupont (අන්ටුවාන් ඩුපොන්ට්) නිමා වූ සික්ස් නේෂන්ස් තරගාවලියේ වීරයා ලෙස නම් කර තිබෙනවා.
ඔහු මෙම සම්මානය තෙවරක් දිනා ගත් දෙවැන්නා බවට ඉතිහාසගත වනවා. 2020 සහ 2022 යන වසරවල දීත් සික්ස් නේෂන්ස් තරගාවලියේ හොඳම ක්‍රීඩකයා වුනේ ඩුපොන්ට්. ඔහුට පෙර එම දස්කම පා තිබුණේ අයර්ලන්ත සුපිරි සෙන්ටර් ක්‍රීඩක Brian O’Driscoll (බ්‍රයන් ඔ’ඩ්‍රිස්කල්).
- “සල්ලි වලට කවදාවත් එපා නුඹේ හිස නමන්න!”
- වොලිබෝලය ඉහළටම යැවීමට විශ්ලේෂකයන් අවශ්‍ය කොට තිබේ!
- නයෝමිගේ ජයග්‍රහණය වසන් කළ ඇමරිකානු නිරුවත
2023 සික්ස් නේෂන්ස් තරගාවලිය අවසන් වුනේ අයර්ලන්තයට එහි ශූරතාවය පිරිනමමින්. එහෙත් ප්‍රංශ කණ්ඩායම ද එහි දී ප්‍රබල තරගයක් ලබා දෙමින් දෙවැනි ස්ථානය දිනා ගත්තා. මේ වන විට ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් වලට අනුව අංක 1 සහ 2 ස්ථාන හොබවන්නේ පිළිවෙළින් අයර්ලන්ත සහ ප්‍රංශ කණ්ඩායමයි.
“තරගාවලියේ කණ්ඩායම”ට අයර්ලන්ත ක්‍රීඩකයන් 10 දෙනෙකු ඇතුළත් වුනා. තවත් ප්‍රංශ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන Penaud (පෙනූ) සහ Thibaud Flament (තිබෝ ෆ්ලමෙන්’) සමඟ ඩුපොන්ට් ද එයට ඇතුළත් වුනා.
මේ වසරේ දී රග්බි ලෝක කුසලාන තරගාවලියක් ද පැවැත්වෙන බැවින් සහ එය ප්‍රංශයේ දී පැවැත්වෙන බැවින් මෙය ප්‍රංශයට සතුටුදායක පුවතක් වනු ඇති.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<