2019 මයිලෝ ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (11) තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, ආනන්ද විදුහල විසින් එම තරගයට එරෙහිව ලබා ගත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හේතුවෙන් තරගය කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.
දෙවැනි වටයේ නිල සංචිතය නම් කෙරේ
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නිල…
මීට මාස දෙකකට ඉහත දී පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණි. එම තරගය ප්‍රථමයෙන් තර්ස්ටන් විදුහල හා ආනන්ද විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ජූලි මස 17 වැනිදා ලුම්බිණි විදුහල විසින් ආනන්ද විදුහලට එරෙහිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය වෙත පැමිණිල්ලක් ගොනු කරමින් පවසා සිටියේ “අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ තරගය සඳහා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළා” බවයි.
සම්මේලනය විසින් එම පැමිණිල්ල විභාග කිරීමෙන් පසු ආනන්ද විදුහලේ වැරදි ඔප්පු වීම හේතුවෙන් ජූලි මස 19 වැනිදා තර්ස්ටන් විදුහල හා ලුම්බිණි විදුහල අතර ප්‍රිමියර් කුසලාන අවසන් තරගය පැවැත්වීමට කටයුතු කෙරුණි.
එම තරගය ආරම්භ වීමට මොහොතකට පෙර ආනන්ද විදුහල අධිකරණ වාරණ නියෝගයක් තරග සංවිධායකයින් වෙත ඉදිරිපත් කළේ “අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ ක්‍රීඩකයාට එම පාසලේ උසස් පෙළ කිරීමට සුදුසුකම් ඇති බව පවසමිනි.”
උක්ත නඩුව උසාවියේ විභාගයට ගැනුණේ ජූලි මස 26 වැනි දිනයි. එදින ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ නීතිඥවරයා උසාවිය වෙත ඉදිරිපත් කළ කරුණු විනිසුරුතුමන් විසින් පිළිගත් නමුත් ආනන්ද විදුහලට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාව ලබා දෙමින් අගෝස්තු 7 වැනි දින දක්වා උසාවිය කල් දී තිබුණි.
නමුත් අගෝස්තු 7 වැනි දින ආනන්ද විදුහලට ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් ආනන්ද විදුහලේ වාරණ නියෝගය නිෂ්ප්‍රභා කරමින් විනිසුරුතුමන් පවසා ඇත්තේ “ආනන්ද විදුහල හිතාමතාම අධිකරණයට සත්‍ය වසන් කර අධිකරණය නොමග යවා වාරණ නියෝගය ලබා ගත් බව ඒත්තු ගිය හෙයින් එම වාරණ නියෝගය නිෂ්ප්‍රභා කරන බවයි.”
රග්බි ලෝක කුසලාන කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන්!
2019 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට තව ඇත්තේ සති දෙකක පමණ සුළු කාලයක් පමණි. නමුත් මේ…
ඉන්පසු ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයෙන් ලුම්බිණි විදුහලට සහ තර්ස්ටන් විදුහල වෙත පණිවුඩ නිකුත් කරමින් එම පාසල් දෙක අතර සාකච්ඡා කොට ඔවුන්ට හැකි දිනයක ප්‍රිමියර් කුසලාන අවසන් තරගය පැවැත්විය හැකි බව දන්වා තිබුණි.
ඉහත පාසල් දෙක අද දිනයේ දී (11) සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතව තිබුණි.
ජූලි මස 19 වැනි දින ලුම්බිණි සහ තර්ස්ටන් විදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයට විරුද්ධව ආනන්ද විදුහල දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් කර ඇත. අද (11) දින පැවැත්වීමට නියමිතව තිබූ තරගයට එරෙහිව ආනන්ද විදුහල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා කාන්තාවෝ අනුශූරතාව දිනා ගනිති
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි දිනය අද (01) දකුණු කොරියාවේ ඉන්චන් නුවර දී…
මේ පිළිබඳව ThePapare.com ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාගෙන් විමසූ අවස්ථාවේ දී පැවසුවේ,
“අද ලුම්බිණි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර ප්‍රිමියර් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවයේ අවසන් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. නමුත් එයට එරෙහිව ආනන්ද විදුහලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත්තා යැයි අපට තොරතුරු ලැබීම හේතුවෙන් අප මෙම තරගය නැවත කල් දැමීමට තීරණය කළා. නමුත් අපට තවමත් එම වාරණ නියෝගය ලැබුණේ නැහැ”.
මෙම සිද්ධිය හා සබැඳි සියලු සිද්ධි සමුදායන් පහතින් –
- 2019/07/12 වැනි දින – ආනන්ද විදුහල හා ලුම්බිණි විදුහල අතර තරගයෙන් ආනන්ද විදුහල ලකුණු 26-22ක් වශයෙන් ජය ගත්තා.
- 2019/07/17 වැනි දින – ලුම්බිණි විදුහල විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ඔප්පු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ආනන්ද විදුහල තරගාවලියෙන් ඉවත් කළා.
- 2019/07/19 වැනි දින – ලුම්බිණි විදුහල සහ තර්ස්ටන් විදුහල අතර තරගය ආරම්භ වීමට මොහොතකට පෙර ආනන්ද විදුහල දිසා අධිකරණ වාරණ නියෝගයක් ඉදිරිපත් කළා.
- 2019/07/26 වැනි දින – ඉහත නඩුව අධිකරණයේ දී විභාගයට ගැනීමෙන් අනතුරුව ආනන්ද විදුහලට නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට තවත් අවස්ථාවක් හිමි වුනා.
- 2019/08/04 වැනි දින – විනිසුරුතුමන්ට “ආනන්ද විදුහල හිතාමතාම අධිකරණයට සත්‍ය වසන් කර අධිකරණය නොමග යවා වාරණ නියෝගය ලබා ගත් බව ඒත්තු ගිය හේතුවෙන්” ආනන්දය ලබාගත් වාරණ නියෝගය නිෂ්ප්‍රභ කළා.
- 2019/09/11 වැනි දින – ලුම්බිණි විදුහල සහ තර්ස්ටන් විදුහල ප්‍රිමියර් කුසලාන අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් ආනන්ද විදුහල ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගත්තා.
කෙසේ වුවත් මෙම තරගය අධිකරණයෙන් නිසි විසඳුමක් ලැබීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිතයි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<