ඇන්ජලෝ පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වනවා.
31 හැවිරිදි වියේ පසු වන ඇන්ජලෝ පිතිකරුවෙකු ලෙස එක්දින සහ විස්සයි විස්ස තරග 6ක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු පළමු වරට ජාත්‍යන්තර පිටියට පිවිසියේ 2013 දී වන අතර ඔහු අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගී වුනේ 2019 වසරේ පැවති පාකිස්තාන සංචාරය වෙනුවෙනුයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අන්තර්වාර පුහුණුකරුවන් දෙදෙනෙක්
- සදීෂ් ජයවර්ධනගේ ආබාධය සුව අතට
- ශ්‍රී ලංකා යෞවනයින්ට දිරිය දෙන්න මහේල කොදෙව් දේශයට
- ශ්‍රී ලංකාව ආසියාවේ අනුශූරයින් ලෙස කිරුළු දිනයි
- ලොව හොඳම T20 ක්‍රීඩකයා සම්මානයට හසරංගගේ නමත්
දකුණතින් පිතිකරණයේ නිරත වන ඇන්ජලෝ දේශීය සහ ලීග් ක්‍රිකට් පිටියේ තවදුරටත් දක්ෂතා දැක්වීමට අපේක්ෂාවෙන් පසුවනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පළමුපෙළ නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන ඔහු දේශීය තරග බිබේ දී NCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂතා දක්වනවා.
ඔහුගේ ජාත්‍යන්තර පිටියේ දක්ෂතා එතරම් මට්ටමක නොපැවතියත්, ඔහු පළමුපෙළ තරග 107ක් සඳහා සහභාගී වෙමින් වාර්තා කරගෙන තිබෙන සාමාන්‍යය 48.08ක්. එමෙන්ම A කාණ්ඩයේ තරග 150ක් සඳහා සහභාගී වෙමින් ඔහු ලකුණු 42ක සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වීම ඔහුගේ වෘත්තීය දිවියේ සංධිස්ථානයක්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<