ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සෑම මාසයක දී ම තෝරා ගනු ලබන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා මැයි මාසය වෙනුවෙන්, නිමා වූ ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙකු නිර්දේශ කර තිබෙනවා.
එහි දී 1-0ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දීම වෙනුවෙන් පන්දුවෙන් සහ පිතිකරණයෙන් සුපිරි දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් නිර්දේශ වෙද්දී, බංග්ලාදේශය නියෝජනය කරමින් Mushfiqur Rahim මේ සඳහා නිර්දේශ කර තිබෙනවා.
ICC ලෝක ටෙස්ට් ශූරතාවයට අයත් වූ මෙම තරගාවලියේ දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු 16.61ක සාමාන්‍යයක් සමඟින් තරගාවලියේ දී දවා ගත් කඩුලු සංඛ්‍යාව 13ක්. සමස්ත ටෙස්ට් තරගාවලිය පුරාවට ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 51ක් ලබා දෙමින් කඩුලු 6ක් දවා ගන්නට සමත් වුනේ ශ්‍රී ලංකා කඩුලු 10ක දැවැන්ත ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට දායක වෙමිනුයි.
- චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක්
- ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා සටනේ නිලධාරි මණ්ඩලය
- සිංහ – කැන්ගරු T20 උණුසුම
- ගැම්මක් ඇතිව කතා කළ හැකි බංග්ලාදේශ සංචාරය
- පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පුරාවට පිතිකරණයෙන් සාර්ථකත්වය ළඟා කර ගත් ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග දෙකේ දී ම ශතක වාර්තා කරන්නට සමත් වුනා. ඔහු විසින් තරගාවලිය පුරාවට ලකුණු 344ක් රැස් කළේ 172 සාමාන්‍යයක් රඳවා ගනිමින් වීම කැපී පෙනෙනවා. එහි දී ඔහු ප්‍රථම ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකය පෙනෙන මානයේ දී ලකුණු 199කට දැවී ගිය අතර දෙවැනි තරගයේ දී ඔහු විසින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 145ක්.
මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට සමගාමීව ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව වෙනුවෙන් ද නිර්දේශ 3ක් ICC විසින් ඉදිරිපත් කර තිබෙන අතර ඊට නිමා වූ ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්ස තරගාවලියේ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ පාකිස්තාන ක්‍රීඩිකාවන් වන Tuba Hassan සහ Bismah Maroof ඇතුළත්.
ඔවුන් දෙදෙනාට අමතරව France Women’s International T20 Quadrangular තරගාවලියේ දී දක්ෂතා දැක්වූ 17 හැවිරිදි ක්‍රීඩිකාවක් වන Trinity Smith ද මාසයේ ක්‍රීඩිකාව ලෙස නිර්දේශ නාම අතර ඇතුළත්.
මෙම නිර්දේශිත නාම සඳහා ලොව වටා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට www.icc-cricket.com/awards ඔස්සේ එළඹෙන සෙනසුරාදා තෙක් මනාප ප්‍රකාශ කළ හැකි අතර ජයග්‍රාහීන් කවුරුන්ද යන්න ඉදිරි සතියේ දී ප්‍රකාශයට පත් කෙරෙණු ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<