ඕස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස Andrew McDonald පත් කර තිබෙනවා.
වසර 4ක දිගු කොන්ත්‍රාත් කාලයක් සමඟ ඔහුව එම තනතුරට පත් කර ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.
මීට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Justin Langer පසුගිය පෙබරවාරි මාසයේ දී එම ධූරයෙන් ඉවත් වුනා. අනතුරුව ඔවුන්ගේ කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු ලෙස කටයුතු කළේ ද Andrew McDonald.
- මහේලගේ ICC තනතුර යළිත් අලුත් වෙයි
- මධ්‍යස්ථ විනිසුරුවන් ගැන ICCයෙන් තීරණයක්
- චෙන්නායි පළමු ජයග්‍රහණයට මහීෂ්ගෙන් කඩුලු 4ක්
- 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නේ මෙහෙමයි
- වනිඳුගෙන් කඩුලු දෙකක දස්කමක්; MIට තවත් පරාජයක්!
නිමා වූ පාකිස්තාන සහ ශ්‍රී ලංකා තරග සංචාරයන් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සාර්ථකව නිමා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. 40 හැවිරිදි McDonald 2019 වසරේ සිට Justin Langerගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.
IPL තරගාවලියේ කණ්ඩායම් දෙකක් වන Royal Challengers Bangalore කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස සහ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව Victoria සහ Melbourne Renegades යන කණ්ඩායම්වල ද පුහුණුකරු ලෙස කටයුතු කර අත්දැකීම් රැසක් ලබාගෙන තිබෙන පුහුණුකරුවෙක් ලෙස McDonald හඳුන්වා දීමට හැකි.
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන McDonald එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<