කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවති 93 වැනි සුලෝහිත මහා සංග්‍රාමය අද (5) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
දිනය ආරම්භ වන විට සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටියා. ඒ නාලන්දා විද්‍යාලය ලබා ගත් ලකුණු 280ට පිළිතුරු ලෙසයි.
ආනන්ද පළමු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවයක් ගොඩනැංවීමට කාංචන සහ අශිංස සමත් වුනා. කාංචන ලකුණු 44කට දැවී ගියා.
නාලන්දා දඟපන්දු යවන්නන් හමුවේ එල්ල වුනු පීඩනය නිසා ලකුණු 60ක් තුල ආනන්ද කඩුලු 4ක් බිඳ වැටුණා. ලකුණු 128කට කඩුලු 6ක් බිඳ වැටී තිබිය දී 14 හැවිරිදි කිත්ම විදානපතිරණ අයේෂ් ශෂීමාල් එක්ව ලකුණු 64ක සබඳතාවයක් ගොඩනංවමින් ආනන්දයේ අවදානම විශාල ලෙස අවම කළා.
සිය මංගල මහා තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් කිත්ම පන්දු 184ක් තුල ලකුණු 90ක් ලබා ගත්තේ 4 පහර 10ක් එල්ල කරමින්. කෙසේ නමුත් ජනුලගේ පන්දුවක් හමුවේ දැවී යාම නිසා ශතකය සම්පූර්ණ කරගන්නට හැකි වුනේ නැහැ. අවසානයේ දී ආනන්ද පළමු ඉනිම ලකුණු 235කට සීමා කරමින් මිනෝද් සහ ජනුල් කඩුලු 3 බැගින් දවා ගත්තා.
ලකුණු 45ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළ නාලන්දා පිතිකරුවන් මුල සිටම වේගයෙන් පන්දුවට පහර දීම සිදු කළා. අවසානයේ දී ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 121ක් ලබාගෙන සිය දෙවැනි ඉනිම අත්හිටවූවා.
එහි දී රුසිරු සහ යසිරු පිළිවෙළින් ලකුණු 38ක් සහ ලකුණු 29ක් ලබාගෙන දස්කම් දැක්වූවා. පන්දු යැවීමේ දී සිය මංගල මහා තරගයට ක්‍රීඩා කළ කවීෂ කඩුලු 3ක් දවා ගත්තේ මහා තරගය තුල සමස්ත කඩුලු 5ක් දවාගෙනයි.
- එරංග සහ කුශ්මිතගේ අර්ධ ශතකවලින් සුලෝහිත සංග්‍රාමය ඇරඹෙයි
- 93 වැනි සුලෝහිත සංග්‍රාමයට පෙර
- තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින් සතුටින් විසිර යයි
- WATCH – ආනන්ද – නාලන්ද 93වැනි සුලෝහිත සංග්‍රාමයේ වැඩි වාසිය කාටද? | 93rd Battle of the Maroons – Preview
- WATCH – 144 වැනි නිල් මහා සටනට ඩයලොග් සවි බලය | 144th Battle of the Blues – Sponsorship Exchange
පන්දුවාර 11ක් තුල ලකුණු 167ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ආනන්ද කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ අනුව 74 වැනි වරටත් ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා. මිනෝද් දෙවැනි ඉනිමේ කඩුලු 2ක් දවා ගත්තේ සමස්ත තරගයේ කඩුලු 5ක් දවාගෙනයි.
- දක්ෂතම පන්දු රකින්නා – චනුල් අතුකෝරල (නාලන්දා විද්‍යාලය)
- දක්ෂතම පන්දු යවන්නා – කවීෂ මෙන්ඩිස් (ආනන්ද විද්‍යාලය)
- දක්ෂතම පිතිකරු – කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය)
- තරගයේ වීරයා – එරංග ජයකොඩි (නාලන්දා විද්‍යාලය)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rusiru Vilochana | c Viduna Wijebandara b Yehan Gunasinghe | 32 | 57 | 5 | 0 | 56.14 |
Yasiru Samarakoon | lbw b Kaveesha Mendis | 0 | 1 | 0 | 0 | 0.00 |
Sadew Samarasinghe | c Yehan Gunasinghe b Kaveesha Mendis | 11 | 27 | 1 | 0 | 40.74 |
Kushmitha Silva | c Ashinsa Nainayake b Ayesh Sashimal | 57 | 91 | 5 | 1 | 62.64 |
Eranga Jayakodi | c Iruth Gimshan b Ayesh Sashimal | 83 | 77 | 8 | 3 | 107.79 |
Chanul Athukorala | not out | 44 | 68 | 5 | 0 | 64.71 |
Senesh Wijesinghe | not out | 40 | 51 | 3 | 2 | 78.43 |
Extras | 13 (b 5 , lb 0 , nb 6, w 2, pen 0) |
Total | 280/5 (61 Overs, RR: 4.59) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nethma Samaraweera | 9 | 3 | 35 | 0 | 3.89 | |
Kaveesha Mendis | 15 | 1 | 61 | 2 | 4.07 | |
Isuru Weerasooriya | 5 | 0 | 17 | 0 | 3.40 | |
Yehan Gunasinghe | 8 | 0 | 32 | 1 | 4.00 | |
Kithma Sithmal | 5 | 0 | 36 | 0 | 7.20 | |
Ashinsa Nainayake | 7 | 1 | 39 | 0 | 5.57 | |
Ayesh Sashimal | 12 | 1 | 53 | 2 | 4.42 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Viduna Wijebandara | c Yasiru Samarakoon b Janula Indusara | 13 | 18 | 1 | 0 | 72.22 |
Kanchana De Livera | run out (Janula Indusara) | 44 | 66 | 7 | 0 | 66.67 |
Ashinsa Nainayake | c Chanul Athukorala b Eranga Jayakodi | 16 | 59 | 2 | 0 | 27.12 |
Kenul De Soyza | b Janula Indusara | 3 | 19 | 0 | 0 | 15.79 |
Kithma Sithmal | c Senesh Wijesinghe b Janula Indusara | 90 | 184 | 10 | 0 | 48.91 |
Iruth Gimshan | c Yasiru Samarakoon b Minod Caldera | 19 | 30 | 1 | 2 | 63.33 |
Kaveesha Mendis | c Thisara Dewdunu b Chanul Athukorala | 8 | 21 | 0 | 0 | 38.10 |
Ayesh Sashimal | lbw b Chanul Athukorala | 19 | 60 | 3 | 0 | 31.67 |
Nethma Samaraweera | c Kushmitha Silva b Minod Caldera | 17 | 49 | 1 | 0 | 34.69 |
Isuru Weerasooriya | c Thisara Dewdunu b Minod Caldera | 0 | 14 | 0 | 0 | 0.00 |
Yehan Gunasinghe | not out | 2 | 7 | 0 | 0 | 28.57 |
Extras | 4 (b 2 , lb 0 , nb 1, w 1, pen 0) |
Total | 235/10 (87.4 Overs, RR: 2.68) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chanul Athukorala | 15 | 7 | 29 | 2 | 1.93 | |
Thisara Dewdunu | 6 | 0 | 27 | 0 | 4.50 | |
Janula Indusara | 24 | 8 | 44 | 3 | 1.83 | |
Sajitha Vithanage | 12 | 0 | 49 | 0 | 4.08 | |
Yasiru Samarakoon | 3 | 0 | 6 | 0 | 2.00 | |
Eranga Jayakodi | 5 | 1 | 9 | 1 | 1.80 | |
Minod Caldera | 14.4 | 2 | 53 | 3 | 3.68 | |
Sadew Samarasinghe | 8 | 1 | 16 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Yasiru Samarakoon | run out (Yehan Gunasinghe) | 29 | 28 | 3 | 1 | 103.57 |
Rusiru Vilochana | c Iruth Gimshan b Kaveesha Mendis | 38 | 43 | 3 | 0 | 88.37 |
Chanul Athukorala | c Kenul De Soyza b Isuru Weerasooriya | 12 | 25 | 0 | 0 | 48.00 |
Eranga Jayakodi | not out | 21 | 27 | 2 | 2 | 77.78 |
Senesh Wijesinghe | b Kaveesha Mendis | 0 | 1 | 0 | 0 | 0.00 |
Sajitha Vithanage | c Kanchana De Livera b Kaveesha Mendis | 3 | 6 | 0 | 0 | 50.00 |
Sadew Samarasinghe | not out | 12 | 21 | 1 | 0 | 57.14 |
Extras | 6 (b 5 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 121/5 (25 Overs, RR: 4.84) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nethma Samaraweera | 3 | 0 | 18 | 0 | 6.00 | |
Kaveesha Mendis | 6 | 0 | 34 | 3 | 5.67 | |
Isuru Weerasooriya | 9 | 0 | 32 | 1 | 3.56 | |
Ayesh Sashimal | 2 | 0 | 18 | 0 | 9.00 | |
Yehan Gunasinghe | 3 | 0 | 10 | 0 | 3.33 | |
Ashinsa Nainayake | 2 | 0 | 5 | 0 | 2.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Viduna Wijebandara | c Kushmitha Silva b Minod Caldera | 3 | 6 | 0 | 0 | 50.00 |
Kanchana De Livera | not out | 13 | 22 | 0 | 0 | 59.09 |
Iruth Gimshan | b Minod Caldera | 6 | 18 | 0 | 0 | 33.33 |
Ashinsa Nainayake | not out | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 22/2 (9 Overs, RR: 2.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Minod Caldera | 5 | 1 | 11 | 2 | 2.20 | |
Janula Indusara | 3 | 0 | 10 | 0 | 3.33 | |
Chanul Athukorala | 1 | 0 | 1 | 0 | 1.00 |
ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ 46 වැනි එක්දින මහා තරගය, මාර්තු 12 වැනිදා උදෑසන 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog ViU app හරහා සජීව ලෙස නැරඹීමට හැකි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<