එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු එක්දින සංචිතය අද මාධ්‍ය වෙත නිකුත් කළේය. දකුණු අප්‍රිකා කණ්ඩායම සතුව සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන හශීම් අම්ලා ද එළඹෙන ලෝක කුසලානයට නම් කළ දකුණු අප්‍රිකා සංචිතයට ඇතුළත් කරගෙන ඇත.
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබල වෙනස්කම්
එළඹෙන මැයි මස 30 වැනිදා එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත 12…..
හශීම් අම්ලාත් සමඟින් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයේ ආරම්භක පිතිකරුවන් තුන් දෙනෙකු සිටීම විශේෂත්වයකි. එලෙස තෝරාගත් අනෙක් ආරම්භක පිතිකරුවන් වන්නේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සහ එයිඩන් මාක්රම්
ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ක්වින්ටන් ඩි කොක් එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් වාර්තා කරමින් දස්කම් දැක්විය. එළඹෙන ලෝක කුසලානයට නම් කළ දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම සුපුරුදු පරිදි පැවරී ඇත්තේ ෆෆ් ඩූ ප්ලෙසිස්ටය.
වේගපන්දු යවන්නන්ට උචිත තණතිලි සහිත ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිත එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයට වේගපන්දු යවන්නන් ලෙස කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්, ඇන්රිච් නොට්ජේ, ඇන්ඩිල් ෆිලොක්වායෝ සහ ඩ්වේන් ප්‍රටෝරියස් නම් කර ඇත. ඇන්රිච් නොට්ජේ නිමා වූ දකුණු අප්‍රිකානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පැයට කිලෝමීටර් 150කට අධික වේගයකින් පන්දු යැවීමට සමත් වූ දක්ෂ පන්දු යවන්නෙකි.
ආර්චර් නොමැතිව එංගලන්තය ලෝක කුසලාන සංචිතය නම් කරයි
එංගලන්තය සිය මූලික ලෝක කුසලාන සංචිතය අද (17) නම් කළ අතර…..
උරහිසේ ආබාධයකට ලක්ව කෙටි කාලයක් ක්‍රිකට් පිටියෙන් බැහැරව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ජේ පි ඩුමිනි ද ලෝක කුසලානයට නම් කළ දකුණු අප්‍රිකා සංචිතයට ඇතුලත්ය.
40 වැනි වියේ පසුවන සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් ද දකුණු අප්‍රිකානු එක්දින සංචිතයට කැඳවා තිබේ. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු ඉම්රාන් තාහීර් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව පසුගිය දා නිවේදනය කර ඇත.
යොවුන් ක්‍රීඩක ටබ්රායස් ශැම්සි ද දඟපන්දු යවන්නෙක් ලෙස දකුණු අප්‍රිකා සංචිතයට ඇතුලත් කරගෙන ඇත. එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අරඹමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම මැයි 30 වැනිදා සත්කාරක එංගලන්තය සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.
දකුණු අප්‍රිකා සංචිතය – ෆෆ් ඩූ ප්ලෙසිස් (නායක), එයිඩන් මාක්රම්, ක්වින්ටන් ඩි කොක්, හශීම් අම්ලා, රසී වෑන් ඩර් ඩසන්, ඩේවිඩ් මිලර්, ඇන්ඩිල් ෆිලොක්වායෝ, ජේපි ඩුමිනි, ඩ්වේන් ප්‍රටෝරියස්, ඩේල් ස්ටේන්, කගීසෝ රබාඩා, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නොට්ජේ, ඉම්රාන් තාහීර්, ටබ්රායස් ශැම්සි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<