SUNQUICK වෙරළ වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

SUNQUICK Beach Volleyball Championship 2025

118

ජාතික වොලිබෝල් සංගමයේ අධීක්ෂණය යටතේ “SUNQUICK”  පූර්ණ අනුග්‍රහකත්වයෙන් බීච් වොලිබෝල් සංගමය මෙහෙයවනු ලබන “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය, 2025 ජනවාරි මස 31 සහ පෙබරවාරි 01 සහ 02 යන දින වල දී මිගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.  

බීච් වොලිබෝල් ක්‍රීඩාව පැවැත්වීමේ අරමුණින්, ග්‍රාමීය හා නාගරික පාසැල් කේන්ද්‍ර කර ගනිමින් බීච් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරු දැරියන් දිරි ගන්වමින් ක්‍රීඩාව ජාතික හා ජාත්‍යාන්තර තලයට ඔසවා තබන්නට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය “SUNQUICK” අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුනුවට මහ හෙලි කල සංධිස්ථානයකි 

අවුරුදු කිහිපයක සිට පවත්වාගෙන එන මෙම තරඟාවලිය මගින් ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්ෂේත්‍රයට දක්ෂ වොලිබෝල් ක්‍රීඩා තරු රාශියක් හදුන්වා දී තිබීම විශේෂත්වයක්. 

මෙම වසරේ මෙම තරඟාවලියට මුලු දිවයිනම නියෝජනය වන ආකාරයෙන් පාසැල් වොලිබෝල් කණ්ඩායම් 160 කට අධික ප්‍රමාණයක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා 

මෙවර “SUNQUICK” ජාතික බීච් වොලිබෝල් ශූරතාවය පවත්වනු ලබන්නේ වයස අවුරුදු 18 න් පහළ, අවුරුදු 21 න් පහළ හා අවුරුදු 25 න් පහළ වයස් කණ්ඩායම් අනුව කාන්තා හා පිරිමි හා විවෘත කාන්තා හා පිරිමි වශයනුයි 

එමෙන්ම මෙම සියලුම තරඟ පවත්වන්නේ ජාත්‍යාන්තර වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ බිච් වොලිබෝල් තරඟ නීති රීති යටතේයි. 

දින තුනක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් දිනය වන පෙබරවාරි මස 03 දා තරග සජීවීව ඔබ වෙත ගේන ඒමට ThePapare අප සූදානමින් සිටිනවා. 

තරගාවලියේ උණුසුම සජීවීව විදගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟ. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<