බස්නාහිර පළාත ශූරතාව දිනා ගනිමින් පාසල් මලල ක්‍රීඩා උළෙල නිමා වෙයි!

All Island Schools Athletics Championship 2024

133
All Island Schools Athletics Championship 2024

2024 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය අද (22) දිනයේ දී සාර්ථකව නිමාවට පත් වුනේ බස්නාහිර පළාතට සමස්ත ශූරතාවය හිමි කර දෙමිනුයි.

මෙවර තරගාවලියේ දී නව තරග වාර්තා 31ක් වාර්තා වූ අතර, එයින් 13ක්ම අද දිනය තුළ වාර්තා වීම විශේෂත්වයක්.

මෙහි දී පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ අඹගමුව විද්‍යාලයේ අයෝමාල් අකලංක විසින් 20න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 51.16ක කාලයක් සමඟ අවසන් කරමින් නව 20න් පහළ වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මීට අමතරව 14න් පහළ පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයේ දුල්නෙත් නෙත්මික තත්පර 7.39ක්, මීටර් 300 කඩුලු පැන දිවීම ඉසව්ව නියෝජනය කළ කොළඹ ගේට්වේ විද්‍යාලයේ P.S.එදිරිසිංහ ආරච්චි තත්පර 38.53ක්, 18න් පහළ මීටර් 3000 ඉසව්ව නියෝජනය කළ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ G.L.N.D.ලියනගේ මිනිත්තු 9.11.69ක් ලෙස නව තරග වාර්තා පිහිටුවීමට ද අද සමත් වුනා.

මේ අතර 18න් පහළ පිරිමි උසපැනීම ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ A.T.D.මෙන්ඩිස් මීටර් 2.09ක උසක් තරණය කරමින් නව තරග වාර්තාවක් වෙත යොමු වුනා.

මේ අතර 16න් පහළ පිරිමි 100×4 ඉසව්ව නියෝජනය කළ තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලය (තත්පර 43.72), 18න් පහළ මීටර් 400×4 ඉසව්ව නියෝජනය කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (මිනිත්තු 3.19.94) සහ 20න් පහළ මීටර් 400×4 ඉසව්ව නියෝජනය කළ කොළඹ ආනන්ද විද්‍යාලය (තත්පර 41.28) නව තරග වාර්තා පිහිටුවීමට සමත් වුනා.

එමෙන්ම 14න් පහළ මීටර් 60 කාන්තා ඉසව්ව නියෝජනය කළ මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ මනුති වෑකඩපොළ තත්පර 8.13ක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා. මේ අතර මෙවර තරගාවලියේ තම තෙවැනි තරග වාර්තාව කරා ද ළඟා වූ ගම්පොළ වික්‍රමභාහු විද්‍යාලයේ තරුෂි අභිශේකා 18න් පහළ මීටර් 3000 ඉසව්ව මිනිත්තු 10.14.70කින් නිමා කරමින් තවත් තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

මේ අතර 16න් පහළ කාන්තා 100×4 ඉසව්ව ජයග්‍රහණය කළ ගම්පහ සිරි කුරුස විද්‍යාලය (තත්පර 49.94), 18න් පහළ කාන්තා 400×4 ඉසව්ව ජයග්‍රහණය කළ අඹගමුව විද්‍යාලය (මිනිත්තු 3.57.79), 20න් පහළ කාන්තා 100×4 ඉසව්ව ජයග්‍රහණය කළ කොළඹ ගේට්වේ විද්‍යාලය (තත්පර 48.21) නව තරග වාර්තා පිහිටුවීමට සමත් වුනා.

<<අද දිනය දක්වා තරග ප්‍රතිඵල>>

විවිධ වයස් කාණ්ඩවල ජයග්‍රාහකයින්

  • 14න් පහළ පිරිමි – භුවිඳුහන්සන (යගුලිය විසිකිරීම – දෙනියාය මධ්‍ය විද්‍යාලය)
  • 14න් පහළ කාන්තා – මනුකි වැකඩපොළ (මීටර් 60- ආවේ මරියා කණ්‍යාරාමය)
  • 16න් පහළ පිරිමි – තේජ බණ්ඩාර (දුර පැනීම – කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලය)
  • 16න් පහළ කාන්තා – P.R.A.D.N රාජපක්ෂ ( දුර පැනීම -ලයිසියම් විද්‍යාලය )
  • 18න් පහළ පිරිමි – යුවන මලීෂ (මීටර් 110කඩුලු පැන දිවීම – කඳාන මැසනඩ් විද්‍යාලය)
  • 18න් පහළ කාන්තා – තරුෂි අභිශේකා (දුර දිවීම – ගම්පොල වික්‍රමභාහු විද්‍යාලය)
  • 20න් පහළ පිරිමි – අයෝමාල් අකලංක (මීටර් 400කඩුලු පැන දිවීම – අඹගමුව විද්‍යාලය)
  • 20න් පහළ කාන්තා – H.A.N.M.හේරත් (දුර පැනීම – නන්නපුරාව මහා විද්‍යාලය)

සහය ඉසව්වල ජයග්‍රහණ ලැබූ පාසල්

  • පිරිමි සහය දිවීම – මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය
  • කාන්තා සහය දිවීම – වත්තල ලයිසියම් විද්‍යාලය

දක්ෂතම ක්‍රීඩක/ක්‍රීඩිකාවන්

  • විසිකිරීම් ඉසව් – වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේV.ජයසිංහ
  • ජවන ඉසව් – කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඔමෙල් ශශින්ත
  • කඩුලු පැන දිවීම් – කඳාන මැසනඩ් විද්‍යාලයේ යුවන මලීෂ
  • පැනීම් ඉසව් – නන්නපුරාව මහා විද්‍යාලයේ A.N.M.හේරත්
  • දක්ෂතම ක්‍රීඩිකාව – H.A.N.M.හේරත් (නන්නපුරාව මහා විද්‍යාලය)
  • දක්ෂතම ක්‍රීඩකයා – අයෝමාල් අකලංක (අඹගමුව විද්‍යාලය)

මේ අතර මෙවර ශූරතාවලියේ පිරිමි පාසල් ශූරතාව මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය (ලකුණු 105) ජයග්‍රහණය කරනා අතරේ කාන්තා ශූරතාව වත්තල ලයිසියම් විද්‍යාලය (ලකුණු 188) ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

AISG Athletics Resuls 2024 Book

ශූරතාවලියේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ලකුණු 1273ක් සමඟිනුයි. එමෙන්ම මධ්‍යම පළාත ලකුණු 440.5ක් සමඟ දෙවැනි ස්ථානයට පත් වන අතරේ දකුණු පළාත ලකුණු 376.5ක් සමඟ තෙවැනි ස්ථානයට පත් වුනා.

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<