අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරටත් සංවිධානය කළ 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ඊයේ (03) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වූයේ බස්නාහිර පළාත එහි සමස්ත ශූරතාව ජයග්‍රහණය කරමිනි.
මීටර 800යෙන් නව තරගාවලි වාර්තා 2ක්
අධ්‍යාපන අමාත්‍යංශය මඟින් 35 වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය…..
දින 05ක් පුරාවට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගාවලියේ මලල ක්‍රීඩා තරග ඉසව්වල සමස්ත ශූරතාව ජයග්‍රහණය කළ බස්නාහිර පළාත ප්‍රසාද ලකුණු 1280කට හිමිකම් කියද්දී, අනුශූරතාව දිනා ගත් මධ්‍යම පළාත හිමිකරගත් ලකුණු සංඛ්‍යාව 501කි. ප්‍රසාද ලකුණු 437ක් සමඟින් සමස්ත තෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ වයඹ පළාත යි.
එහි දී සමස්ත ප්‍රසාද ලකුණු 133කට හිමිකම් කියූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ජ්‍යෙෂ්ඨ බාලක තරග අංශයේ ශූරතාව දිනා ගනිද්දී, එහි අනුශූරතාව දිනා ගනු ලැබුවේ ප්‍රසාද ලකුණු 73ක් හිමිකරගත් හලාවත සාන්ත මරියා විද්‍යාලයයි. එහි තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 72ක් සමඟින් වලල ඒ. රත්නායක විද්‍යාලය විසින් දිනා ගනු ලැබීය.
තරගාවලිය පුරාවට සුපුරුදු පරිදි විශිෂ්ට දස්කම් දැක්වූ වලල ඒ. රත්නායක විද්‍යාලයීය ක්‍රීඩිකාවන් ප්‍රසාද ලකුණු 235ක් සමඟින් නැවතත් ජ්‍යෙෂ්ඨ බාලිකා අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාව ප්‍රසාද ලකුණු 89ක් සමඟින් රත්නපුර සුමන බාලිකා විද්‍යාලය දිනා ගනු ලැබීය. ප්‍රසාද ලකුණු 74ක් සමඟින් එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලයි.
SAG යන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය සඳහා යොමු……
තරගාවලියේ මිශ්‍ර පාසල් ශූරතාව ප්‍රසාද ලකුණු 307ක් සමඟින් වලල ඒ. රත්නායක විද්‍යාලයත්, අනුශූරතාවය ප්‍රසාද ලකුණු 89ක් හිමිකරගත් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලත්, තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 56ක් දිනා ගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් වූහ.
වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 400 තරග ඉසව්වේ දී තත්පර 47.53ක දක්ෂතාවයක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට සමත් වූ ලුණුවිල වෑකඩ මහා විද්‍යාලයේ එම්. ආර්. ඩී. බණ්ඩාර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලබද්දී, තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 200 ඉසව්වේ දී තත්පර 24.48ක කාලයක් වාර්තා කරගනිමින් එහි රන් පදක්කම දිනා ගනු ලැබූ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශෙලින්ඩා ජැන්සන් විසිනි.
>> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල ලේඛනය <<
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පැවැත්වුණු සියලුම තරග ඉසව් සැලකිල්ලට ගනිමින් පිරිනැමූ තරගාවලියේ ඉහළම දක්‍ෂතා දැක්වූ පාසැලට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ප්‍රසාද ලකුණු 127.5කට හිමිකම් කියූ කොළඹ රාජකීය විද්‍යාලයයි.
එහි අනුශූරතාව ප්‍රසාද ලකුණු 80ක් දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයත්, එහි තෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 60ක් සමඟින් කොළඹ විසාකා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අද සවස් වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ලේකම් එම්. එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
බාලක අංශයේ බිහි වූ තරගාවලි වාර්තා 27ත්,, බාලිකා අංශයේ බිහිවූ තරගාවලි වාර්තා 22ත් සමඟින් සමස්ත තරගාවලිය තුළ බිහිවූ මුළු වාර්තා ගණන 49කි. ඒ අනුව තරගාවලියේ පස්වැනි සහ අවසන් දිනය වූ අද දිනයේ දී නව තරගාවලි වාර්තා 10ක් බිහිකරන්නට ඊට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
අද දිනය තුළ බිහිවූ නව තරගාවලි වාර්තා
U 14 Boys – 80m | M.N.M. Raheef | Kg/Mw/Zahira M.M.V, Mawanella | SGP | 9.75 | Sec | *NMR | |||
U 16 Girls – 300m Hurdles | W.G.S.Lakshani | A.Rathnayaka C.C.- Walala – Menikhinna | CP | 44.20 | Sec | * NMR | |||
U 18 Girls – 400m Hurdles | G. D. S. C. Panduka | R/Rt/ Sumana Balika Vidyalaya | SGP | 1:02.15 | *NMR | ||||
U 20 Boys – 400m Hurdles | S.H.Navodya Sankalpa | Mahinda V. – Galle | SP | 52.50 | *NMR | ||||
U 12 Boys – 4x50m | Bodagama Mv – Thanamalwila | UP | 27.09 | Sec | *NMR | ||||
U 12 Girls – 4x50m | Convent of Our Lady of Victories – Moratuwa | WP | 27.92 | Sec | *NMR | ||||
U 14 Boys – 4x100m | Rahula V – Mathara | SP | 47.55 | Sec | *NMR | ||||
U14 Girls – 4x100m | Musaeus College – Colombo 07 | WP | 51.71 | Sec | *NMR | ||||
U16 Girls – 4x100m | A.Rathnayake M.M.V. -Walala – Menikhnna | CP | 50.10 | Sec | *NMR | ||||
U 18 Boys – 4x100m | St Peters College – Colombo | WP | 3:20.02 | Min | *NMR | ||||
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<