ශ්‍රී ලාංකික පිහිනුම් ශූර අකලංක පීරිස් විසින් ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශූරතාවලියේ දී (Australia Swimming Nationals) පසුපස ආර ඉසව් නියෝජනය කරමින් නව ශ්‍රී ලංකා වාර්තා කිහිපයක් ම බිහි කිරීමට සමත් වී තිබෙනවා.
පිරිමි මීටර් 100 පසුපස ආර ඉසව්වට සහභාගී වූ අකලංක තත්පර 53.47ක කාලයක් වාර්තා කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙම දක්ෂතාව ඔහුට සමස්ත තරගකරුවන් අතර 10 වැනි ස්ථානය හිමි කර දීමට ද සමත් වීම විශේෂත්වයක්.
මින් පසුව පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරමින් තත්පර 49.92ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අකලංක ඒත් සමඟම එම ඉසව්ව සඳහා තම පෞද්ගලික හොඳම දක්ෂතාව අලුත් කර ගැනීමට ද සමත් වුනා.
කෙසේ වෙතත් අකලංකගේ ගමන මෙතෙකින් ද නතර වුනේ නැහැ. පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වේ මූලික තරගයක දී තත්පර 24.63ක කාලයක් වාර්තා කරමින් පෙර පැවති ජාතික වාර්තාව තත්පර දශම 0.03කින් වෙනස් කිරීමට ඔහු සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
එතැනින් ද නොනැවතුණු අකලංක පසුව එදින හවස් භාගයේ දී තත්පර 24.52ක තරග නිමි කාලයක් සමඟ තමන් පෙර පිහිටවූ ජාතික වාර්තාව නැවතත් අලුත් කිරීමට ද සමත් වුනා. මේත් සමඟම ඔහු ඕස්ට්‍රේලියාවේ 06 වැනි වේගවත් ම පසුපස ආර පිහිනුම්කරු ලෙස ද නම සටහන් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
එමෙන්ම පිරිමි මීටර් 50 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරමින් ද අකලංක විසින් තත්පර 22.98ක කාලයක් වාර්තා කරමින් දක්ෂතා දැක්වීමට සමත් වුනා.
මෙම විශිෂ්ට දක්ෂතා අකලංක World Aquatic Championship වෙත සුදුසුකම් ලැබීමට ද හේතුවක් වුනා.
දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<