අජන්ත මෙන්ඩිස්, හිමාශ ලියනගේ වෝරියස් පිලට ශූරතාවය දිනා දෙයි

2085

2017 Last Man Standing වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග ඊයේ (24) කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්විය. අවසන් මහා තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගත් ලයන් වෝරියස් පිළ එහි ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

අජන්ත මෙන්ඩිස්, Lion Warriors අවසන් පූර්ව තරගයට ගෙන යයි

‘Venora Last Man Stands – Race to Cape Town 2017’ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පසුගිය සති…

එක් පිළකට ක්‍රීඩකයින් අට දෙනෙකුට පමණක් ක්‍රීඩා කළ හැකි මෙම තරගයේ අවසන් ක්‍රීඩකයා හට තනිව වුවද පිතිකරණයේ නිරත විය හැකි වීම විශේෂිත කරුණක් වේ.

දිනය ආරම්භ කරමින් පළමු අවසන් පූර්ව තරගය පැවති අතර, එහි දී ලයන් වෝරියස් පිළ නවලෝක A පිළ ලකුණු 90කින් පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා විට, DCC පිළ ලකුණු 48කින් පරාජය කළ නවලෝක පිළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

නවලෝක B පිළ පළමුව පන්දුවට පහර දුන් නමුත් ඔවුන් පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණි. එහි දී දුශාන් විමුක්ති ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 21ක් තුළ ලකුණු 52ක් රැස්කර ගත්තේ, 6 පහර 5ක් හා වර්ණවත් 4 පහර 3ක් ද සමඟිනි. ඔහුට අගනා සහයක් දැක්වූ රසික සම්පත් හා චරිත් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 21ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී ලයන් වෝරියස් පිළ වෙනුවෙන් නවන්ත රත්නායක, ජනක සම්පත් හා අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයින් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ ලයන් වෝරියස් පිළ පන්දුවාර 17යි පන්දු 4ක් තුළ සිය ඉලක්කය සපුරාලීමට සමත් විය. එහි දී ඔවුන්ගේ පිළ වෙනුවෙන් ජයග්‍රාහී පිතිකරණ ඉනිමක් දියත් කළ හිමාශ ලියනගේ පන්දු 38ක් තුළ ලකුණු 50ක් රැස්කර ගන්නා ලදි.  අමතරව පන්දු 23ක දී ලකුණු 44ක් ලබාගෙන සිය පිතිකරණ දක්ෂතා ඇතුළුව තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය  කිරීමට මෙන්ඩිස් හට හැකි විය. නවලෝක B පිළ වෙනුවෙන් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගැනීමට රසික හට හැකියාව ලැබුණි. අවසානයේ කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට මෙන්ඩිස් ඇතුළු ලයන් වෝරියස් පිළට හැකි විය.

නවලෝක B – 145/10 (15.3): දුශාන් විමුක්ති 52, රසික සම්පත් 37, චරිත් මෙන්ඩිස් 21, නවන්ත රත්නායක 2/09, ජනක සම්පත් 2/16, අජන්ත මෙන්ඩිස් 2/30.

ලයන් වොරිියස් – 147/3 (17.4): හිමාශ ලියනගේ 50 , අජන්ත මෙන්ඩිස් 44, රසික සම්පත් 2/29.

ශූරතාවය ජයග්‍රහණය කළ ලයන් වෝරියස් කණ්ඩායම මේ වසර අග දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වෙන Last Man Standing ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද සුදුසුකම් ලබා ගන්නා ලදි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට