2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භ වීම සඳහා තවත් ඇත්තේ සති කිහිපයක් පමණි. පසුගිය වසරේ දී සිතූ තරම් ගුවන් හමුදාව රග්බි කණ්ඩායම වාසනාවන්ත නොවුනත් ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට පත් කරන්නට ඔවුන් සමත් විය.
කෙසේ වෙතත් 2016/17 තරග වාරයේ දී ඔවුන් නොසිතූ ලෙස මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කළේ ඔවුන් කිසිදා අවතක්සේරු නොකළ යුතු කණ්ඩායමක් බව මනාව පසක් කරමිනි.
CR වේගය ඉදිරිපිට CH අසරණයි!
2019 නායකයාගේ කුසලානය වෙනුවෙන් CR&FC සහ ……..
යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඉතිහාසය දෙස හැරී බලන විට ඔවුන් 1961 දී අන්තර් සමාජ රග්බි පිටියට පිවිසුණු අතර ඔවුන්ට A කාණ්ඩයට සුදුසුකම් ලැබීමට හැකිවන්නේ 1972 වසරේ දී ය.
එතැන් පටන් පළමු කණ්ඩායම් අට තුළ දිගින් දිගටම රැඳී සිටිමින් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම් රැසක් භීතියට පත් කරන්නට ඔවුන්ට හැකි විය. මෑත කාලයේ දී ඔවුන් ප්‍රධාන තරගාවලියක් ජය ගැනීමට අසමත් වුනත් ප්‍රබල කණ්ඩායම්වලට ඔවුන් හොඳ අභියෝගයක් එල්ල කරමින් ඔවුන්ටම ආවේණික ක්‍රීඩා විලාශයක් නිර්මාණය ගැනීමට ඔවුන්ට හැකි විය.
එසේම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයෙන් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ජාතික තලයේ ද තම දස්කම් පෙන්වා ඇති අතර අරුණ ශාන්ත වැනි ප්‍රබල ක්‍රීඩකයින් ද ඒ අතර වේ.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට පසුගිය තරග වාරය අවසන් කිරීමට හැකි වූයේ අවසාන ස්ථානයේ දී ය. සහභාගී වූ තරග දහසයෙන් ඔවුන් එක් තරගයක් පමණක් ජය ගත් අතර අනෙක් තරග පහළොවම ඔවුන් පරාජයට පත්විය.
පසුගිය තරග වාරයෙන් උගත් පාඩම් නැවතත් මතක් කරගනිමින් නව පුහුණුකරුවෙකු ද සමඟ මෙවර තරග වාරයට අවතීර්ණ වීමට සූදානමින් සිටින ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එළඹෙන තරග වාරයේ දී පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලෙනාඩ් ද සිල්වා මහතාය. ඒ කලක් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පසුපෙළ කලඹමින් සිටි ලෙනාර්ඩ් ද සිල්වා යි.
2014 වර්ෂයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු, එකල දී නාවික හමුදාවේ පුහුණුකරු වශයෙන් ද කටයුතු කළේය.
Video – කෙවින්ට Girl Friendsලා කී දෙනෙක් හිටියා ද!? ශනුද්‍රි ද? දිනක්ෂි ද?
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සුපුරුදු ක්‍රීඩකයෙක් ……….
2014 වර්ෂයේ දී නාවික හමුදාව ලීග් ශූරතාවය කරා කැටුව යන්නට ලෙනාර්ඩ් විශාල මෙහෙයක් ඉටු කිරීම කැපී පෙනෙන කරුණක් විය. මද නිහඬතාවයකින් පසු එළඹෙන තරග වාරයේ දී ලෙනාර්ඩ් ද සිල්වා නැවතත් තම දස්කම් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය මඟින් පෙන්වන්නට සූදානමින් සිටියි.
මෙවර තරගාවලියේ ඉහළ දස්කම් පාමින් තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීම ඔවුන්ගේ ප්‍රධානතම අරමුණක් වන අතර කලක් ගුවන් හමුදා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති FLY HALF ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩට කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු ලෙස වැඩි බරක් හිමි වේ.
එසේම ගුවන් හමුදා කණ්ඩායමේ තවත් FLY HALF ක්‍රීඩකයෙකු වන ඉෂාර මදුශාන් තරගයක දෙවැනි අර්ධයේ දී විශාල වෙනසක් කිරීමට හැකියාවක් ඇත්තෙකි.
කණ්ඩායමේ පසුපෙළ ශක්තිමක් කරන තවත් පුරුකක් වන SCRUM HALF ක්‍රීඩක නුවන් බණ්ඩාර ද ඔහුගේ ඉක්මන් තීරණ හැකියාව සමඟින් ඉදිරි තරග වාරයේ දී තම කණ්ඩායමට විශාල සේවයක් ඉටු කිරීමට සූදානමින් සිටියි.
මෙම ක්‍රීඩකයින් තිදෙනා පමණක් නොව ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සියලු දෙනා පසුගිය තරග වාරයෙන් උගත් පාඩම් හොඳින් මතකයේ තබා ගනිමින් කණ්ඩායමේ බර කරට ගෙන එළඹෙන තරග වාරයේ දී ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රාහී මාවතකට රැගෙන යාමට කටයුතු කරනු ඇත.
පසුගිය වසරේ වැටුණු වලේ නොවැටී මෙවර ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ගුවන් හමුදා කණ්ඩායම මෙවර නව මුහුණුවරකින් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.
තරගාවලියේ සියලු තොරතුරු හා සජීව විකාශ සඳහා රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<