ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානය ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩාංගණවල වෙනසක් සිදු කර ගැනීමට PCBය විසින් උත්සාහ දරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය මගින් වාර්තා කරනවා.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අතර, මෙම තරගාවලියේ මූලික වටයේ දී ම ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයක් ද පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට ප්‍රථම පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට ඉන්දියාව සිය අකමැත්ත ප්‍රකාශ කළා.
ඒ අනුව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන දෙරටේ ම සත්කාරකත්වය යටතේ එම තරගාවලිය පැවැත්වීමට තීරණය කෙරුණු අතර ඉන්දියාව පාකිස්තානයට පැමිණීම සම්බන්ධයෙන් දැරූ ආකල්ප එළඹෙන ලෝක කුසලානයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමේ දී බලපානු ඇතැයි සැකයක් ද දැන් පවතිනවා.
කෙසේ වෙතත් තවමත් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, පාකිස්තානයට ඉන්දියාවේ අහමදාබාද්, බැංගලෝර් සහ චෙන්නායි හිදි තරග තුනක් ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නේ.
නමුත් පාකිස්තානයට ක්‍රීඩා කිරීමට ලැබී ඇති ක්‍රීඩාංගණ, ඒවායේ ස්වභාවය, පහසුකම් සහ ගමන් කිරීමට ඇති දුර අනුව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හිතා මතා ම යම් අවාසියක් සිදු වන අයුරින් තරග බෙදා වෙන් කර ඇති බවට යම් මතයක් ගොඩ නැගී තිබෙනවා.
3
මේ අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ට ක්‍රීඩා කිරීමට නියමිත තරග දෙකක් වෙනස් කර ගැනීමට (තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ) උත්සාහ දරමින් සිටින බවට ද Hindustan Times වෙබ් අඩවිය මඟින් හෙළිදරව් කරනවා.
- පාකිස්තානයෙන් ICCය වෙත අමුතු කොන්දේසි!
- ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම් කරයි
- එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළු පටි බදියි
- වසර 15කට පසුව ලැබුණු අවස්ථාව ගැන පාකිස්තානය සතුටෙන්
- ආසියානු කුසලානය පැවැත්වෙන දින තීන්දුයි
එමෙන්ම මීට පෙර සිට ම ලෝක කුසලානයේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වීම සඳහා අහමදාබාද් හි Narendra Modi ක්‍රීඩාංගණය තෝරා ගෙන ඇති බව දැන ගන්නට ලැබුණු නමුත් පාකිස්තානය විසින් එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට සිය අකමැත්ත ප්‍රකාශ කර තිබුණේ එහි ඇති ආරක්ෂාව පිළිබඳ තමන්ට ගැටලුවක් ඇති බව පවසමිනුයි.
කෙසේ වෙතත් හිටපු පාකිස්තාන ක්‍රිකට් නායකයෙකු වන Shahid Afridi විසින් පාකිස්තානයේ මෙම තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
“ඇයි ඔවුන් අහමදාබාද් තණතීරුවල ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ. එහි ගින්නක් වත් තියෙනවා ද, නැත්නම් හොල්මන් ඉන්නවා ද? යන්න ගිහින් සෙල්ලම් කරලා දිනන්න. මේවා අපේක්ෂා කළ අභියෝග නම් ඒවායින් එළියට එන්න තියෙන හොඳම විදිහ තමයි ජයග්‍රහණය කිරීම.”
පාකිස්තාන රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර මෙම අදහස් පල කළ Afridi විසින් වැඩිදුරටත් සඳහන් කළේ PCBය විසින් මෙවන් ගැටලුවල දී මීට වඩා තියුණු විය යුතු බවයි.
“හැමදෙයක් ම අවසානයේ වැදගත් වෙන්නේ පාකිස්තානය ජයග්‍රහණය කිරීමයි. මේක ගැන ධනාත්මකව හිතන්න. ඔබ යා යුතුයි, ඔබ පිරිලා ඉතිරිලා ගිය ඉන්දීය ජනකායක් ඉදිරියේ ජයග්‍රහණයක් වෙනුවෙන් ක්‍රීඩා කරලා තමන් කවුද කියලා පෙන්විය යුතුයි.”
2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලුම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times සහ NDTV Sport ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<