2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඊයේ (24) සදම්ප්ටන්හි දී පැවැත්වූ අතර ඉන් ලකුණු 62ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ තව දුරටත් බලාපොරොත්තු රඳවා ගැනීමට බංග්ලාදේශය සමත් විය.
දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් එළියට විසිවේ!
This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of…
කාසියේ වාසිය හිමි කර ගත් ඇෆ්ගනිස්තානු නායකයා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර පිතිකරුවන්ට එතරම් යෝග්‍ය නොවන තණතීරුවේ ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 262ක් වාර්තා කළේ ඇෆ්ගනිස්තානය වෙත අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.
පිතිකරණ අනුපිළිවෙළේ වෙනසක් කරමින් තමීම් ඉක්බාල් සමඟින් ලිටන් ඩාස් ඊයේ දිනයේ දී බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ නමුත් ලිටන් ඩාස් හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොලැබුණේ මුජීබ් රහමන්ගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 16කට දැවී යාමත් සමඟිනි.
නමුත් තරගාවලිය පුරා ලකුණු අතර සිටි ශකීබ් අල් හසන් සිය රිද්මය තව දුරටත් එලෙසම පවත්වා ගනිමින් තමිම් ඉක්බාල් හා මුෂ්ෆිකර් රහීම් හා එක්ව බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළේය.
තරගයේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම වෙත නැඹුරු වෙමින් පවතින අවස්ථාවක යළි ක්‍රියාත්මක වූ මුජීබ් රහමන් ලකුණු 51ක් ලබා සිටි ශකීබ්ගේ වටිනා කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර ඔහු විසින් යවන ලද ඊළඟ පන්දුවාරයේ දී සෞම්‍ය සර්කාර් ලකුණු 3කට දවා ගත්තේ ඇෆ්ගනිස්තානු කණ්ඩායම තරගය වෙත අවතීර්ණ කරමිනි.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
නමුත් මුෂ්ෆිකර් රහීම් දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් හා හොඳින් පිතිකරණ අන්ත මාරු කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව කෙමෙන් කෙමෙන් ඉහළ දැමීමට සමත් වූ අතර ඔහුට ඒ සඳහා මහමුදුල්ලාගෙන් හා මොසඩැක් හොසේන්ගෙන් විශාල සහයෝගයක් හිමි විය.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 83ක් රැස් කළ අතර පන්දු 87කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් පමණි.
ඉනිම අගභාගයේ දී වේගවත්ව පන්දුවට පහර දුන් මොසඩැක් හොසේන් පන්දු 24ක දී ලකුණු 35ක් රැස් කළේ බංග්ලාදේශය ලකුණු පුවරුව ලකුණු 262ක් දක්වා ඉහළ දැමීමට පිත්තෙන් දායකත්වය ලබා දෙමිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජීබ් රහමන් කඩුලු 3ක් ලබා ගත් අතර ගුලාබ්ඩීන් නයිබ් කඩුලු 2ක් ලබා ගත්තේ ය.
හෝල්ඩර්ගෙන් බ්‍රැත්වෙට්ට අභියෝගයක්
ඊයේ (22) පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් – නවසීලන්ත…
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානු කණ්ඩායමට පන්දුවාර 47ක දී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200ක් පමණි.
මෙහි දී ඇෆ්ගන් පිතිකරුවන් ලකුණු 200කට සීමා කිරීමට මූලිකත්වය ගත් ශකීබ් අල් හසන් කඩුලු 5ක් දවා ගත්තේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද සිය භූමිකාව ලොවට ප්‍රදර්ශනය කරමිනි.
එමෙන්ම ලෝක කුසලාන තරගයක දී ලකුණු 50ක් හා කඩුලු 5ක් දවා ගත් දෙවන ක්‍රීඩකයා බවට පත් වීමට ශකීබ්ට හැකි වූ අතර මින් පෙර එම දස්කම දක්වා ඇත්තේ යුවරාජ් සිං විසිනි.
නායක ගුලාබ්ඩීන් නයිබ් හා රහමට් ෂා පළමු කඩුල්ලට ලකුණු 49ක් එක් කළ අතර රහමට් ෂාගේ දැවී යාමෙන් අනතුරුව බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ලකුණු අතරට ඒම සෙසු ඇෆ්ගන් පිතිකරුවන්ට අසීරු කාර්යයක් විය.
මොහොමඩ් ෂමිගේ කඩුලු ත්‍රිත්වයේ රහස
ඇෆ්ගනිස්තානය ඉදිරියේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කකුල් පැටලෙන්නට ආසන්නව තිබිය දී…
නායක ගුලාබ්ඩීන් ලකුණු 47ක් ලබා ගත් නමුත් ඔහු ඒ සඳහා පන්දු 75ක් වැය කළ අතර ඉනිම අවසානයේ දී සමියුල්ලා ශින්වාරි විසින් නොදැවී රැස් කරන ලද ලකුණු 49, ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වීමට ප්‍රමාණවත් නොවීය.
පන්දු යැවීමේ දී ශකීබ් වෙත අනගි සහයක් ලබා දුන් මුස්ටෆිසර් රහමන් කඩුලු 2ක් ලබා ගත් අතර මොහොමඩ් සයිෆුඩීන් හා මොසඩැක් හොසේන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ ශකීබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.
මෙම ජයග්‍රහණයත් සමඟින් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ශ්‍රී ලංකාව හයවැනි ස්ථානය දක්වා පහළට ඇද දමමිනි.
මෙම තරගාවලියේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර දෙපිළටම තීරණාත්මක තරගයක් අද (25) ලන්ඩන් හී දී පැවැත්වීමට නියමිත ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Liton Das | c Hashmatullah Shahidi b Mujeeb ur Rahman | 16 | 17 | 2 | 0 | 94.12 |
Tamim Iqbal | b Mohammad Nabi | 36 | 53 | 4 | 0 | 67.92 |
Shakib Al Hasan (vc) | lbw b Mujeeb ur Rahman | 51 | 69 | 1 | 0 | 73.91 |
Mushfiqur Rahim | c Mohammad Nabi b Dawlat Zadran | 83 | 87 | 4 | 1 | 95.40 |
Soumya Sarkar | lbw b Mujeeb ur Rahman | 3 | 10 | 0 | 0 | 30.00 |
Mahmudullah | c Mohammad Nabi b Gulbadin Naib | 27 | 38 | 2 | 0 | 71.05 |
Mosaddek Hossain | b Gulbadin Naib | 35 | 24 | 4 | 0 | 145.83 |
Mohammad Saifuddin | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 0 , lb 0 , nb 0, w 9, pen 0) |
Total | 262/7 (50 Overs, RR: 5.24) |
Fall of Wickets | 1-23 (4.2) Liton Das, 2-82 (16.6) Tamim Iqbal, 3-143 (29.2) Shakib Al Hasan (vc), 4-151 (31.6) Soumya Sarkar, 5-207 (42.6) Mahmudullah, 6-251 (48.3) Mushfiqur Rahim, 7-262 (49.6) Mosaddek Hossain, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mujeeb ur Rahman | 10 | 0 | 39 | 3 | 3.90 | |
Dawlat Zadran | 9 | 0 | 64 | 1 | 7.11 | |
Mohammad Nabi | 10 | 0 | 44 | 1 | 4.40 | |
Gulbadin Naib | 10 | 1 | 56 | 2 | 5.60 | |
Rashid Khan | 10 | 0 | 52 | 0 | 5.20 | |
Rahmat Shah | 1 | 0 | 7 | 0 | 7.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Gulbadin Naib | c Liton Das b Shakib Al Hasan (vc) | 47 | 75 | 3 | 0 | 62.67 |
Rahmat Shah | c Tamim Iqbal b Shakib Al Hasan (vc) | 24 | 35 | 3 | 0 | 68.57 |
Hashmatullah Shahidi | st Mushfiqur Rahim b Shakib Al Hasan (vc) | 11 | 31 | 0 | 0 | 35.48 |
Asghar Afghan | c Sabbir Rahaman b Mosaddek Hossain | 20 | 38 | 1 | 0 | 52.63 |
Mohammad Nabi | b Shakib Al Hasan (vc) | 0 | 2 | 0 | 0 | 0.00 |
Samiullah Shinwari | not out | 49 | 51 | 3 | 1 | 96.08 |
Ikram Alikhil | run out (Liton Das) | 11 | 12 | 1 | 0 | 91.67 |
Najibullah Zadran | st Mushfiqur Rahim b Shakib Al Hasan (vc) | 23 | 23 | 2 | 0 | 100.00 |
Rashid Khan | c Mashrafe Mortaza b Mustafizur Rahman | 2 | 3 | 0 | 0 | 66.67 |
Dawlat Zadran | c Mushfiqur Rahim b Mustafizur Rahman | 0 | 8 | 0 | 0 | 0.00 |
Mujeeb ur Rahman | b Mohammad Saifuddin | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 1 , lb 6 , nb 0, w 6, pen 0) |
Total | 200/10 (47 Overs, RR: 4.26) |
Fall of Wickets | 1-49 (10.5) Rahmat Shah, 2-79 (20.5) Hashmatullah Shahidi, 3-104 (28.1) Gulbadin Naib, 4-104 (28.3) Mohammad Nabi, 5-117 (32.2) Asghar Afghan, 6-132 (35.1) Ikram Alikhil, 7-188 (42.4) Najibullah Zadran, 8-191 (43.3) Rashid Khan, 9-195 (45.4) Dawlat Zadran, 10-200 (46.6) Mujeeb ur Rahman, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mashrafe Mortaza | 7 | 0 | 37 | 0 | 5.29 | |
Mustafizur Rahman | 8 | 1 | 32 | 2 | 4.00 | |
Mohammad Saifuddin | 8 | 0 | 33 | 1 | 4.12 | |
Shakib Al Hasan (vc) | 10 | 1 | 29 | 5 | 2.90 | |
Mehidy Hasan Miraz | 8 | 0 | 37 | 0 | 4.62 | |
Mosaddek Hossain | 6 | 0 | 25 | 1 | 4.17 |