ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය ද සම්පූර්ණයෙන්ම පාහේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අණසකට නතු වෙමින් නිමා වුනා.
ඊයේ (02) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඇෆ්ගනිස්තානය විසින් සිය පළමු ඉනිම සඳහා ලකුණු 198ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව ඊයේ දිනය අවසන් වන විට කිසිවකු නොදැවී ලකුණු 80ක් ලබා සිටියා.
ඊයේ සවස් බාගයේ දී දිමුත් කරුණාරත්න සහ නිශාන් මදුශ්ක විසින් ශ්‍රී ලංකා ඉනිමට තරමක වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවත්, අද (03) දිනය ආරම්භයේ සිට ඔවුන්ට එම වේගවත් ප්‍රහාරය දියත් කිරීමට ඇෆ්ගනිස්තානයෙන් ඉඩක් ලැබුණේ නැහැ.
ඉනිමේ ලකුණු තත්වය ලකුණු 93ක් වන විට නිශාන් මදුශ්ක ලකුණු 37කට දවා ගැනීමට Naveed Zadran විසින් සමත් වූ අතර, ඉන් පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 10ක් පමණයි.
මේ අතර දිමුත් කරුණාරත්න විසින් සිය අර්ධ ශතකය සම්පූර්ණයෙන්ම කර ගැනීමට සමත් වුනත්, ඔහුට ශතකයක් කරා යාමට ඉඩ ලබා නොදුන් Qais Ahmad දිමුත්ගේ ඉනිම ලකුණු 77කදී නතර කිරීමට සමත් වුනේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු තත්වය 148ක් ලෙස සටහන් වන අතරේ දීයී.
කෙසේ වෙතත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේශ් චන්දිමාල් විසින් ඉතා හොඳ සංයමයකින් යුතුව සිය ඉනිම් ගොඩනැගීම ආරම්භ කළා.
- ඇෆ්ගන් – ලංකා මංගල ටෙස්ට් ගැටුමේ පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා යෞවනියන් තුන්කොන් ශූරියන් බවට පත් වෙයි
- ලෝක කුසලානයේ ඉදිරිය තීරණය කරන තරගයට පෙර
- ධනංජයගේ අභිෂේක මංගල්‍යය
- ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
තරගයේ උදෑසන වරුවේ ඇෆ්ගන් පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය පාලනය කරගැනීමට සමත් වූ හිටපු නායකයින් යුගලය විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 381කින් ලකුණු 232ක දැවැන්ත සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා. මෙය කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී ටෙස්ට් ඉනිමක සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පිහිටවූ ඉහළම ලකුණු සබඳතාවේ වාර්තාව ද* බිඳ හෙළීමට සමත් වුනා.
*. මීට වසර 32කට පෙර 1992 දී අර්ජුන රණතුංග සහ අසංක ගුරුසිංහ විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව පිහිටවූ ලකුණු 230ක සබඳතාවේ වාර්තාවයි මෙසේ මැතිව්ස් සහ චන්දිමාල් යුගලය විසින් බිඳ දැමීමට සමත් වුනේ.
මෙහි දී ඇන්ජලෝ මැතිව්ස් විසින් මෙම වසරේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ශතක ලාභියා වීමට සමත් වෙමින් සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම ඊට අමතරව දිනේෂ් චන්දිමාල් විසින් පන්දු 181කින් ලකුණු 107ක් ලබා ගැනීමට සමත් වූ අතර, එය චන්දිමාල්ගේ 15 වැනි ටෙස්ට් ශතකය ලෙසයි වාර්තා වුනේ.
ඉනිමේ ලකුණු තත්වය 380ක් වන විට චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීමට Naveed Zadran විසින් සමත් වූ අතර, ඉන් පසුව පිටියට පිවිසුණු නව නායක ධනංජය ද සිල්වා තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම පහරක් එල්ල කරමින් ලකුණක් කරා දිව යාමට උත්සාහ කිරීමේ දී දුවද්දී දැවී යාමකට හසු වුනා.
කෙසේ වෙතත් ඉන් පසුව මැතිව්ස් සමඟ කඩුල්ලේ එක් වූ සදීර සමරවික්‍රම විසින් තරමක් ඉක්මන් සබඳතාවක් ගොඩ නැංවීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක් එක් කිරීමෙන් පසුව Qais Ahmad විසින් යොමු කළ ඉතා දුර්වල පන්දුවකට පහරක් එල්ල කිරීමට යාමේ දී මැතිව්ස්ගේ පිත්ත කඩුල්ලේ වැදීම නිසා ඔහුගේ අනර්ඝ ඉනිම ලකුණු 141ක දී නිමාව දුටුවා. අවාසනාවන්ත ලෙස Hit Wicket වීමකින් නිමා වූ මැතිව්ස්ගේ මෙම ඉනිමට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත වුනා.
මැතිව්ස්ගේ දැවී යාමත් සමඟම අද දිනය සඳහා තරග නතර කිරීමට තරග විනිසුරුවන් විසින් තීරණය කළ අතර, ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි සදීර සමරවික්‍රම පන්දු 22කින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
- ඇෆ්ගනිස්තාන පළමු ඉනිම – 198/10 (62.4) Rahmat Shah 91, විශ්ව ප්‍රනාන්දු 4/51, අසිත ප්‍රනාන්දු 3/24, ප්‍රභාත් ජයසූරිය 3/67
- ශ්‍රී ලංකා පළමු ඉනිම – 410/6 (101.2) ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, දිමුත් කරුණාරත්න 77, Naveed Zadran 2/80, Qais Ahmad 2/98
ඒ අනුව තරගයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 212ක් ඉදිරියෙන් පසු වනවා.
තරගයේ තෙවන දිනය හෙට (04) ක්‍රියාත්මක වීමට නියමිත අතර, තරගය පිළිබඳ සවිස්තරාත්මක තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ibrahim Zadran | lbw b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Noor Ali Zadran | c & b Vishwa Fernando | 31 | 46 | 5 | 0 | 67.39 |
Rahmat Shah | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 91 | 139 | 13 | 0 | 65.47 |
Hashmatullah Shahidi | c Sadeera Samarawickrama b Vishwa Fernando | 17 | 45 | 1 | 0 | 37.78 |
Nasir Jamal | b Prabath Jayasuriya | 0 | 7 | 0 | 0 | 0.00 |
Ikram Alikhil | c Nuwanidu Fernando b Vishwa Fernando | 21 | 50 | 3 | 0 | 42.00 |
Qais Ahmed | lbw b Prabath Jayasuriya | 21 | 44 | 1 | 1 | 47.73 |
Zia-ur-Rehman | lbw b Vishwa Fernando | 4 | 11 | 1 | 0 | 36.36 |
Nijat Masood | c & b Asitha Fernando | 12 | 24 | 1 | 1 | 50.00 |
Naveed Zadran | not out | 0 | 6 | 0 | 0 | 0.00 |
Mohammad Saleem | b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0) |
Total | 198/10 (62.4 Overs, RR: 3.16) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 14.4 | 1 | 24 | 3 | 1.67 | |
Vishwa Fernando | 12 | 1 | 51 | 4 | 4.25 | |
Chamika Gunasekara | 9 | 1 | 50 | 0 | 5.56 | |
Prabath Jayasuriya | 25 | 7 | 67 | 3 | 2.68 | |
Dhananjaya de Silva | 2 | 0 | 6 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Noor Ali Zadran b Naveed Zadran | 37 | 53 | 6 | 0 | 69.81 |
Dimuth Karunaratne | c Ibrahim Zadran b Qais Ahmed | 77 | 72 | 12 | 0 | 106.94 |
Kusal Mendis | c Zia-ur-Rehman b Nijat Masood | 10 | 22 | 1 | 0 | 45.45 |
Angelo Mathews | hit-wicket b Qais Ahmed | 141 | 259 | 14 | 3 | 54.44 |
Dinesh Chandimal | c Ikram Alikhil b Naveed Zadran | 107 | 181 | 10 | 1 | 59.12 |
Dhananjaya de Silva | run out (Hashmatullah Shahidi) | 0 | 1 | 0 | 0 | 0.00 |
Sadeera Samarawickrama | c Rahmat Shah b Naveed Zadran | 27 | 33 | 4 | 1 | 81.82 |
Chamika Gunasekara | retired | 16 | 27 | 2 | 0 | 59.26 |
Prabath Jayasuriya | b Naveed Zadran | 2 | 8 | 0 | 0 | 25.00 |
Vishwa Fernando | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Asitha Fernando | b Nijat Masood | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 22 (b 5 , lb 9 , nb 3, w 5, pen 0) |
Total | 439/10 (109.2 Overs, RR: 4.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nijat Masood | 19.2 | 3 | 76 | 2 | 3.96 | |
Mohammad Saleem | 12.1 | 0 | 57 | 0 | 4.71 | |
Naveed Zadran | 22.5 | 4 | 83 | 4 | 3.69 | |
Zia-ur-Rehman | 28 | 2 | 90 | 0 | 3.21 | |
Qais Ahmed | 22 | 2 | 98 | 2 | 4.45 | |
Rahmat Shah | 3 | 0 | 10 | 0 | 3.33 | |
Hashmatullah Shahidi | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ibrahim Zadran | b Prabath Jayasuriya | 114 | 259 | 12 | 0 | 44.02 |
Noor Ali Zadran | lbw b Asitha Fernando | 47 | 136 | 5 | 0 | 34.56 |
Rahmat Shah | c Sadeera Samarawickrama b Kasun Rajitha | 54 | 119 | 5 | 0 | 45.38 |
Hashmatullah Shahidi | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 18 | 37 | 3 | 0 | 48.65 |
Nasir Jamal | not out | 41 | 67 | 5 | 1 | 61.19 |
Ikram Alikhil | c Kusal Mendis b Asitha Fernando | 1 | 6 | 0 | 0 | 16.67 |
Qais Ahmed | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 1 | 3 | 0 | 0 | 33.33 |
Zia-ur-Rehman | b Prabath Jayasuriya | 0 | 11 | 0 | 0 | 0.00 |
Naveed Zadran | b Prabath Jayasuriya | 4 | 14 | 1 | 0 | 28.57 |
Nijat Masood | c Sadeera Samarawickrama b Kasun Rajitha | 0 | 0 | 0 | 0 | 0.00 |
Mohammad Saleem | c Dhananjaya de Silva b Asitha Fernando | 2 | 9 | 0 | 0 | 22.22 |
Extras | 14 (b 1 , lb 6 , nb 1, w 6, pen 0) |
Total | 296/10 (112.3 Overs, RR: 2.63) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 14 | 3 | 37 | 0 | 2.64 | |
Asitha Fernando | 21.3 | 2 | 63 | 3 | 2.96 | |
Kasun Rajitha | 20 | 5 | 59 | 2 | 2.95 | |
Prabath Jayasuriya | 47 | 10 | 107 | 5 | 2.28 | |
Dhananjaya de Silva | 10 | 1 | 23 | 0 | 2.30 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | not out | 32 | 22 | 3 | 1 | 145.45 |
Nishan Madushka | not out | 22 | 23 | 4 | 0 | 95.65 |
Extras | 2 (b 0 , lb 1 , nb 1, w 0, pen 0) |
Total | 56/0 (7.2 Overs, RR: 7.64) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Zia-ur-Rehman | 3 | 0 | 12 | 0 | 4.00 | |
Naveed Zadran | 3 | 0 | 30 | 0 | 10.00 | |
Nijat Masood | 1 | 0 | 5 | 0 | 5.00 | |
Qais Ahmed | 0.2 | 0 | 8 | 0 | 40.00 |