ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම අද (21) සමත් වුනා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගන් නායක Ibrahim Zadran විසින් සමත් වුනා. ඒ අනුව ඇෆ්ගන් නායකයා විසින් මෙවර පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
මෙම තරගයේ දී කණ්ඩායම් ද්විත්වයම වෙනස්කම් හතර බැගින් සිදු කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව පෙර තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට කුසල් ජනිත් පෙරේරා, නුවන් තුෂාර, කමිඳු මෙන්ඩිස් සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණා.
ශ්‍රී ලංකාව:
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (wk), කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය,නුවන් තුශාර, මතීෂ පතිරණ
ඇෆ්ගනිස්තාන:
Rahmanullah Gurbaz(w), Hazratullah Zazai, Ibrahim Zadran(c), Mohammad Ishaq, Azmatullah Omarzai, Mohammad Nabi, Karim Janat, Sharafuddin Ashraf, Noor Ahmad, Fareed Ahmad Malik, Wafadar Momand
තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසුණු සුපුරුදු ඇෆ්ගන් ආරම්භක පිතිකරු යුගලය වූ Hazratullah Zazai සහ Rahmanullah Gurbaz විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දීමේ යෙදුණු අතර, මේ නිසාම ඇෆ්ගන් ඉනිමේ ආරම්භක ලකුණු 50 පන්දුවාර 4ක් තුල ලකුණු පුවරුවට එක් වුනා.
ඔවුන් දෙදෙනා විසින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7 පන්දු 2ක් තුළ ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර, අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ Zazai ලකුණු 45ක් ලබා සිටිය දී ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුනා. එතැනින් ද නොනැවතුණු අකිල විසින් මීළඟට අනෙක් ආරම්භක පිතිකරුවා වූ Rahmanullah Gurbaz ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වූ අතර, ඒ වන විට Gurbaz විසින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ නමුත් ඉන් පසුවත් ඇෆ්ගන් ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය වෙනස් වීමට ඉඩ නොදුන් මැද පෙළ පිතිකරුවන් විසින් ආක්‍රමණශීලී අන්දමින් පිතිකරණයේ යෙදුණා.
මෙහි දී Azmatullah Omarzai පන්දු 23ක් තුළ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම Mohommad Nabi සහ නවක ක්‍රීඩක Mohammad Ishaq විසින් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේ දී ඉනිමේ ලකුණු තත්වය ලකුණු 200 ඉක්මවා රැගෙන යාමට සමත් වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් යම් පමණකට හෝ සාර්ථක වුනේ අකිල ධනංජය සහ මතීෂ පතිරණ පමණයි. ඔවුන් දෙදෙනා අතරේ කඩුලු 2 බැඟින් බෙදී ගිය නමුත්, ඔවුන් ද ඇතුළුව සමස්ත ශ්‍රී ලංකා පන්දු බළඇණිය ම ඇෆ්ගන් පිතිකරුවන් හමුවේ දරුණු පහර කෑමකට ලක් වුනා.
- වනිඳු ICC ශ්‍රේණිගත කිරීම් හි නොනැවතී ඉදිරියට!
- මැතිව්ස්ගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්
- චමීර ආයෙත් IPL යයි
- ශ්‍රී ලංකා – ඇෆ්ගන් T20 තරගාවලියේ ප්‍රවේශපත් විකිණී අවසන්!
- මතීෂ සහ වනිඳුගේ පෙරළියෙන් ජය ශ්‍රී ලංකාවට
පිළිතුරු ඉනිමේ දී ඇෆ්ගනිස්තානය විසින් සිය ඉනිමට ලබා ගත් ආරම්භයට නොදෙවෙනි ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුගලය වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක විසින් සමත් වුනා.
ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 5 පන්දු 5ක් තුළ ලකුණු 64ක් එක් කිරීමට සමත් වූ අතර, මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 16කින් නිමා වීමත් සමඟ එම සබඳතාව නිමා වුනා. කෙසේ වෙතත් එක්දින තරගාවලියේ පටන් රැගෙන ආ සිය සුපුරුදු රිද්මය නොකඩවා පවත්වා ගෙන ගිය පැතුම් නිස්සංක විසින් අද දිනයේ තවත් අර්ධ ශතකයක් කරා යාමට සමත් වුනේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ දමමිනුයි.
මේ අතර මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කුසල් පෙරේරා සහ නායක වනිඳු පිටියේ ස්ථාවර වීමට පෙර නැවත ක්‍රීඩාගාරය වෙත හැරී ගියා.
මේ අතරම විශිෂ්ට ඉනිමක් දියත් කරමින්, දැවී යාමක් පිළිබඳ කිසිඳු ඉඟියක් හෝ ලබා නොදුන් පැතුම්ට සිය පාදයේ ඇති වූ ආබාධ තත්වයක් නිසා නැවත ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුනා. ඒ වන විට ඔහු පන්දු 30ක් පමණක් වැය කරමින් ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.
අනතුරුව පිටියේ එක් වූ සදීර සමරවික්‍රම සහ කලකට පසු ජාතික කණ්ඩායමට එක් වූ කමිඳු මෙන්ඩිස් විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33කින් ලකුණු 53ක් එක් කිරීමට සමත් වුනා. නමුත් සදීර ද අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර ඉන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ද බලාපොරොත්තු වූ තරම් යමක් කිරීමට පෙරම නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඇෆ්ගන් පන්දු යවන්නන් විසින් සමත් වුනා.
නමුත් තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු අත් හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට ඉඩ නොදුන් කමිඳු මෙන්ඩිස් විසින් ඉතා අධිෂ්ඨානශීලී ලෙස ලකුණු රැස් කරමින් පිටියේ එක් අන්තයක රැඳී සිටියා.
තරගයේ අවසන් පන්දුවාරය වන විට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 19ක් අවශ්‍ය වී තිබුණා. ඒ මොහොතේ කමිඳු පන්දුවට පහර දීමට සූදානමින් සිටි අතර, Wafadar Momand විසින් පන්දු යැවීමේ අභියෝගය බාර ගත්තා.
පන්දුවාරයේ පළමු පන්දු තුන තුළ හතරේ පහර දෙකක් එල්ල කිරීමට කමිඳු සමත් වූ අතර, පන්දුවාරයේ සිව් වැනි පන්දුව එක් වරක් හෝ බිම පතිත නොවීම කමිඳුගේ ඉනට ඉහළින් කඩුලු රකින්නා වෙත ඇදී යන අයුරු දකින්නට ලැබුණා. නමුත් තරග විනිසුරුවන් විසින් එය නිපන්දුවක් නොවන බව තීරණය කළේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් විමතියට පත් කරවමිනුයි. එමෙන්ම කමිඳුගේ මුහුණින් ද එයට එතරම් සතුටක් පෙන්නුම් කළේ නැහැ. ඉන් පසුව කමිඳු විසින් පන්දුවාරයේ අවසන් පන්දුවටත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සමත් වුවත්, එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර ඇෆ්ගනිස්තානයට ලකුණු 03ක තියුණු ජයග්‍රහණයක් හිමි වුනා. ශ්‍රී ලංකා ඉනිමේ අවසානය තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිඳු මෙන්ඩිස් පන්දු 39කින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුනා.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Mohommad Nabi කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ වීරයා සම්මානය Rahmanullah Gurbaz විසින් දිනා ගනිද්දී, තරගාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගට හිමි වුනා.
ඇෆ්ගනිස්තානය මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුවත්, විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමි වුනා.
එමෙන්ම මේත් සමඟින් ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ නිමාව ද සටහන් වන අතර, ඇෆ්ගනිස්තානය විසින් මෙම තරගාවලියේ ජයග්‍රහණය කිරීමට සමත් වූ එකම තරගය ලෙස අද තරගය සටහන් වීම විශේෂත්වයක්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hazratullah Zazai | lbw b Akila Dananjaya | 45 | 22 | 6 | 2 | 204.55 |
Rahmanullah Gurbaz | c Sadeera Samarawickrama b Wanidu Hasaranga | 70 | 43 | 7 | 1 | 162.79 |
Ibrahim Zadran | c Wanidu Hasaranga b Akila Dananjaya | 10 | 9 | 1 | 0 | 111.11 |
Azmatullah Omarzai | c Kusal Perera b Matheesha Pathirana | 31 | 23 | 3 | 0 | 134.78 |
Mohammad Nabi | not out | 16 | 14 | 1 | 0 | 114.29 |
Karim Janat | b Matheesha Pathirana | 0 | 1 | 0 | 0 | 0.00 |
Mohammad Ishaq | not out | 16 | 8 | 1 | 1 | 200.00 |
Extras | 21 (b 0 , lb 10 , nb 0, w 11, pen 0) |
Total | 209/5 (20 Overs, RR: 10.45) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Angelo Mathews | 2 | 0 | 21 | 0 | 10.50 | |
Nuwan Thushara | 4 | 0 | 48 | 0 | 12.00 | |
Matheesha Pathirana | 4 | 0 | 42 | 2 | 10.50 | |
Akila Dananjaya | 4 | 0 | 37 | 2 | 9.25 | |
Wanidu Hasaranga | 4 | 0 | 35 | 1 | 8.75 | |
Dasun Shanaka | 2 | 0 | 16 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | not out | 60 | 30 | 8 | 2 | 200.00 |
Kusal Mendis | c Sharafuddin Ashraf b Fareed Ahmad | 16 | 13 | 3 | 0 | 123.08 |
Kusal Perera | lbw b Noor Ahmad | 0 | 2 | 0 | 0 | 0.00 |
Wanidu Hasaranga | c Ibrahim Zadran b Mohammad Nabi | 13 | 11 | 2 | 0 | 118.18 |
Sadeera Samarawickrama | c Mohammad Ishaq b Qais Ahmed | 23 | 12 | 2 | 1 | 191.67 |
Kamindu Mendis | not out | 65 | 39 | 7 | 2 | 166.67 |
Angelo Mathews | c Qais Ahmed b Mohammad Nabi | 4 | 5 | 0 | 0 | 80.00 |
Dasun Shanaka | run out (Mohammad Ishaq) | 13 | 8 | 1 | 1 | 162.50 |
Akila Dananjaya | not out | 4 | 1 | 1 | 0 | 400.00 |
Extras | 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0) |
Total | 206/6 (20 Overs, RR: 10.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Wafiullah Tarakhil | 3 | 0 | 35 | 0 | 11.67 | |
Azmatullah Omarzai | 4 | 0 | 42 | 0 | 10.50 | |
Fareed Ahmad | 2 | 0 | 30 | 1 | 15.00 | |
Noor Ahmad | 4 | 0 | 37 | 1 | 9.25 | |
Mohammad Nabi | 4 | 0 | 35 | 2 | 8.75 | |
Qais Ahmed | 2 | 0 | 17 | 1 | 8.50 | |
Karim Janat | 1 | 0 | 9 | 0 | 9.00 |
එමෙන්ම පුරා මසකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැත්වුණු ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරග මාලාවේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමේ වගකීම අකුරට ඉටු කිරීමට ThePapare සමත් වුනා.
මේ අයුරින් ම ඉදිරි ක්‍රිකට් තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<