කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

Afghanistan Tour of Sri Lanka 2024

117

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගන් නායක Hashmatullah Shahidi විසින් සමත් වුනා. 

ඒ අනුව මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දීමේ වගකීම භාර ගැනීමට ඇෆ්ගන් නායකයා විසින් තීරණය කළා. 

මෙම තරගයට කණ්ඩායම් ද්විත්වයම වෙනස්කම් දෙක බැඟින් සිදු කරමින් අවතීර්ණ වූ අතර, එහි දී ශ්‍රී ලංකාවේ ප්‍රදාන දඟපන්දු යවන්නන් යුගලය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විවේක ගන්වමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කණ්ඩායම කැඳවීමට තීරණය කර තිබෙනවා. 

එමෙන්ම ඇෆ්ගනිස්තාන පාර්ශවයෙන් Gulbadin Naib සහ Noor Ahmad විවේක ගන්වමින් Sharafuddin Ashraf සහ Fareed Ahmad කණ්ඩායමට කැඳවා තිබෙනවා. 

ශ්‍රී ලංකාව: 

අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක  

ඇෆ්ගනිස්තානය: 

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Azmatullah Omarzai, Mohammad Nabi, Ikram Alikhil(w), Sharafuddin Ashraf, Qais Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik  

තරගය අද දහවල් 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. 

තරගයේ සියලු විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<