Home Sinhala මතීෂ සහ වනිඳුගේ පෙරළියෙන් ජය ශ්‍රී ලංකාවට

මතීෂ සහ වනිඳුගේ පෙරළියෙන් ජය ශ්‍රී ලංකාවට

453
Afghanistan tour of Sri Lanka 2024 - 1st T20I Match

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (17) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 4ක තියුණු ජයක් ලබාගත්තා.

නව ආලෝක පද්ධතියක් ද ඇතුළුව පහසුකම් රැසකින් හැඩගැන්වුණු දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ද මෙයයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Afghanistan (Playing XI): Rahmanullah Gurbaz(w), Ibrahim Zadran(c), Gulbadin Naib, Azmatullah Omarzai, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Qais Ahmad, Noor Ahmad, Fazalhaq Farooqi, Naveen-ul-Haq

Sri Lanka (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Binura Fernando, Matheesha Pathirana

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක Ibrahim පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමඟ පැතුම් නිස්සංක ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට අවතීර්ණ වුනු අතර කුසල් පෙරේරා ILT20 අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම නිසා මේ තරගයට ක්‍රීඩා කළේ නැහැ.

පළමු පන්දුවාර 6 Powerplay අවස්ථාව තුල ශ්‍රී ලංකා කඩුලු 3ක් දැවී ගියද, ලකුණු 51ක් ලබාගෙන ඉතාමත් හොඳ දළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් පවත්වාගැනීමට මුල් පෙළ පිතිකරුවන් සමත් වුනා. එහිදී ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 21ක් තුල ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවමින් මුල් පෙළට යම් සවියක් ගෙන දුන්නා. එහිදී ධනංජය පන්දු 14ක් තුල 4 පහර 2ක් සහ 6 පහරක් එල්ල කරමින් ලකුණු 24ක් ලබාගත්තා.

ලකුණු 55කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී අංක 6 පිතිකරණ ස්ථානයෙන් පිටියට අවතීර්ණ වුනු නායක වනිඳු සිය ඉනිමේ ආරම්භයේ සිටම වේගවත් ලෙස පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට නව ජීවයක් රැගෙන ආවා. එහිදී සදීර සමඟ එක්වුණු වනිඳු 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40ක් තුල වේගවත් ලකුණු 72ක සබඳතාවයක් ගොඩනංවමින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට වැඩි පීඩනයක් යොමු කළා.

පන්දුවාර 10ක් අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 82ක් ලබාගෙන ස්ථාවර මට්ටමක සිටියා. වනිඳු පන්දු 24ක් තුල සිය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබාගත් දෙවැනි අර්ධ ශතකය ලබාගත්තේ නායකයෙක් ලෙස දියත් කළ පළමු හොඳම ඉනිම දියත් කරමිනි. අවසානයේ දී ඔහු පන්දු 32ක් තුල ලකුණු 67ක් ලබාගෙන සුපිරි ඉනිමක නිමාවක් සටහන් කළ අතර ඔහුගේ එම වර්ණවත් ඉනිමට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුලත් වුනා.

අවසන් පන්දුවාර 10 තුල ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 78ක් පමණක් වන අතර වනිඳු දැවී යාමෙන්  අනතුරුව (146/6) ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 18ක් තුල කඩුලු 4ක් දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි. ඒ අනුව ඇෆ්ගනිස්තානය ලකුණු 180කට පමණ සීමා වීමට තිබුණු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19ක් තුල සියලුම දෙනා දවාගනිමින් ලකුණු 160කට සීමා කළා.

පන්දු යැවීමේ දී Fazalhaq Farooqi කඩුලු 3ක් දවාගන්නා විට, Naveen-ul-Haq සහ Azmatullah Omarzai කඩුලු 2ක බැගින් දවාගනිමින් දස්කම් අතරට පැමිණියා.

ලකුණු 161ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලය වුනු නායක Ibrahim Zadran සහ කඩුලු රකින Rahmanullah Gurbaz ලකුණු 25ක සබඳතාවයක් ගොඩනැංවූවා. Gurbazගේ දැවී යාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30ක් තුල ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවමින් Powerplay පන්දුවාර 6 තුල ශ්‍රී ලංකාවට සාපේක්ෂව සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ඔවුන් සමත් වුනා. ඉන් අනතුරුව Karim Janat සහ Ibrahim Zadran එක්ව පන්දු 28ක් තුල ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවමින් නැවතත් සිය කණ්ඩායම තරගයට රැගෙන එන්නට ඔවුන් දෙදෙනා සමත් වුනා.

අනතුරුව ලකුණු 18ක් තුල ඔවුන්ගේ මැදපෙළ ප්‍රබල කඩුලු 3ක් (Azmatullah Omarzai, Mohammad Nabi, Najibullah Zadran) දවාගන්නට දසුන් ශානක සහ මතීෂ් පතිරණ සමත් වුනේ ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය හිමිකර දෙමිනි. පන්දුවාර 16ක් අවසන් වන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබාගෙන සිටි නමුත් අවසන් පන්දුවාර 4 තුල ඔවුන්ට කඩුලු 3ක් දැවී ලබාගන්නට හැකි වුනේ ලකුණු 22ක් පමණයි.

එහිදී මතීෂ පැයට කිලෝමීටර 150කට අධික වේගයක් සහිත පන්දු කිහිපයක්ම යොමු කරමින් ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට වැඩි පීඩනයක් සහ අභියෝගයක් එල්ල කළා. අවසානයේ දී සිය මංගල විස්සයි විස්ස තරගයෙන් වසර 1 1/2කට අධික කාලකයට පසුව නැවතත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට පැමිණි මතීෂ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පන්දුවාර 20 පුරාවට කඩුල්ලේ රැඳී සිටි නායක Zadran සිය විස්සයි විස්ස දිවියේ 5 වැනි අර්ධ ශතකය ලබාගෙන නොදැවී ලකුණු 67*ක් ලබාගත්තා.

තරගයේ වීරයා – මතීෂ පතිරණ

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 19 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Result


Sri Lanka
160/10 (19)

Afghanistan
156/9 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahmanullah Gurbaz b Fazal Haq Farooqi 6 4 1 0 150.00
Kusal Mendis c Azmatullah Omarzai b Fazal Haq Farooqi 10 8 0 1 125.00
Dhananjaya de Silva c Noor Ahmad b Naveen ul Haq 24 17 2 1 141.18
Sadeera Samarawickrama run out (Ibrahim Zadran) 25 24 3 0 104.17
Charith Asalanka c Rahmanullah Gurbaz b Noor Ahmad 3 7 0 0 42.86
Wanidu Hasaranga c Ibrahim Zadran b Naveen ul Haq 67 32 7 3 209.38
Angelo Mathews lbw b Karim Janat 6 6 0 0 100.00
Dasun Shanaka c Gulbadin Naib b Azmatullah Omarzai 6 4 1 0 150.00
Maheesh Theekshana c Mohammad Nabi b Fazal Haq Farooqi 2 6 0 0 33.33
Binura Fernando b Azmatullah Omarzai 0 2 0 0 0.00
Matheesha Pathirana not out 5 4 1 0 125.00


Extras 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0)
Total 160/10 (19 Overs, RR: 8.42)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 4 0 25 3 6.25
Naveen ul Haq 3 0 25 2 8.33
Azmatullah Omarzai 4 0 30 2 7.50
Noor Ahmad 2 0 18 1 9.00
Qais Ahmed 3 0 36 0 12.00
Karim Janat 3 0 23 1 7.67


Batsmen R B 4s 6s SR
Ibrahim Zadran not out 67 55 8 0 121.82
Rahmanullah Gurbaz c Matheesha Pathirana b Angelo Mathews 13 6 1 1 216.67
Gulbadin Naib b Wanidu Hasaranga 16 17 2 0 94.12
Azmatullah Omarzai c Dasun Shanaka b Matheesha Pathirana 2 5 0 0 40.00
Mohammad Nabi c Wanidu Hasaranga b Dasun Shanaka 9 8 0 0 112.50
Najibullah Zadran c Dhananjaya de Silva b Dasun Shanaka 0 1 0 0 0.00
Karim Janat lbw b Matheesha Pathirana 20 16 2 0 125.00
Qais Ahmed c Kamindu Mendis b Maheesh Theekshana 7 4 1 0 175.00
Noor Ahmad b Matheesha Pathirana 9 6 0 1 150.00
Naveen ul Haq b Matheesha Pathirana 1 2 0 0 50.00
Fazal Haq Farooqi not out 0 0 0 0 0.00


Extras 12 (b 4 , lb 0 , nb 0, w 8, pen 0)
Total 156/9 (20 Overs, RR: 7.8)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 16 1 8.00
Binura Fernando 4 0 44 0 11.00
Maheesh Theekshana 4 0 31 1 7.75
Wanidu Hasaranga 4 0 20 1 5.00
Matheesha Pathirana 4 0 24 4 6.00
Dasun Shanaka 2 0 17 2 8.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<