මේ වන විට ට්‍රිනිඩැඩ් හා ටොබෑගෝ හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් හයදෙනෙකුට එම තරගාවලිය අවසන් වන තුරුම ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුල දී ම ඇෆ්ගනිස්තානයේ දේශීය තරගාවලියක් වන Shpageeza විස්සයි විස්ස තරගාවලිය ද පැවැත්වීමට සැලසුම් කර ඇති නිසා මෙම ක්‍රීඩකයන් නැවත එරටට පැමිණීමට නියමිතව තිබුණි.
ඇෆ්ගනිස්තාන දේශීය තරගාවලිය සැප්තැම්බර් මස 6 වැනිදා ආරම්භ වන අතර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 10 වැනිදාය.
ඒ අනුව කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වී සිටින රෂීඩ් ඛාන්, මොහොමඩ් නබි, මුජිබර් රහ්මාන්, නවීන්-උල්-හක්, නජිබුල්ලා සද්රාන් සහ සහීර් ඛාන් හට මෙලෙස එම තරගාවලිය අවසන් වන තුරු එහි රැඳී සිටීමට අවසරය හිමිව ඇත.
මෙම තරගාවලියේ ගැටලුව සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ සභාපති රිකී ස්කර්රිට් සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති ෆර්හාන් යුසෙෆ්සායි අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඉන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
තවත් ක්‍රිකට් පුවත්
- Srinivasanගේ ප්‍රකාශයට Rainaගෙන් පිළිතුරු
- IPL හැරයාම ගැන රිචඩ්සන්ගෙන් පිළිතුරක්
- ඉතිරි PSL තරග නොවැම්බරයේ
- බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා පුහුණු සංචිතයක්?
“ඇෆ්ගනිස්තාන දේශීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන Shpageeza තරගාවලියේ වැදගත්කම ගැන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය වගේම ඒ තරගාවලියට සම්බන්ධ ආයතන අපිව දැනුවත් කළා. මේ ගැන අපිට තේරෙනවා. කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුල දී ම මේ තරගාවලියත් සැලසුම් කිරීම ගැන සාධාරණ හේතුවක් ඔවුන්ට තියනවා” කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පීට් රසල් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 4) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙලා ඉන්න ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් හය දෙනාට මේ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වෙනතෙක් රැඳී සිටින්න අවසර දෙන්න ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය එකඟ වුනා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ප්‍රධානියාගේ ඒ තීරණය අපි අගය කරනවා. අපේ තරගාවලිය ගත්තම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් මේ තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයන් බවට පත්වෙලා තියනවා. ඔවුන් මේ තරගාවලියට ලොකු බලපෑමක් කරනවා. සැප්තැම්බර් 10 පැවැත්වෙන අවසන් තරගය දක්වාම ඔවුන් අපිත් එක්ක ඉන්න එක ගැන අපි කෘතඥ වෙනවා.”
ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන් ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන අතර ඔහු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Barbados Tridents කණ්ඩායම නියෝජනය කරයි. එම කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූයේ නැත.
මුජිබර් රහ්මාන් ලොව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ පසුවන අතර ඔහු නියෝජනය කරන්නේ Jamaica Tallawahs කණ්ඩායමයි. එම කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් කණ්ඩායමක් වන St. Lucia Zouks කණ්ඩායමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයන් තිදෙනෙකු ඇතුළත් වේ. ඒ මොහොමඩ් නබී, සහීර් ඛාන් හා නජිබුල්ලා සද්රාන් ය. එම කණ්ඩායම ද අවසන් පූර්ව වටයේ අසුනක් ලබාගෙන ඇත.
නවීන් උල් හක් සහභාගී වන Guyana Amazon Warriors කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සහභාගී වන අනෙක් කණ්ඩායමයි.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<