ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි තරගය වූ Kandy Tuskers සහ Galle Gladiators අතර තරගය අතරතුර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Naveen-ul-Haq සහ පාකිස්තාන ක්‍රීඩක Amir Khan අතර ඇතිවූ බහින්බස් වීම පසුගිය දින කීපය තුල බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබුණි.
තරගයේ අවසන් පන්දුවාර කීපය තුල ඇතිවූ මෙම සිදුවීම තරගය අවසන් වීමෙන් පසුව ද පැවති අතර ඒ සඳහා පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridi ද සම්බන්ධ වීම මෙම සිදුවීමට වඩාත් අවධානයක් ලැබීමට ප්‍රධාන හේතුවක් විය.
“අසභ්‍ය කතා ක්‍රීඩාවට ගේන්න එපා” පාකිස්තානයේ හිටපු නායක Shahid Afridi තරුණ ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක Naveen-ul-Haq සමඟ තරගයෙන් අනතුරුව එක්වූ උණුසුම් වචන හුවමාරුවේ දී පවසා තිබුණි.
මෙම සිදුවීම පිළිබඳව Shahid Afridi සිය හඬ අවදි කරමින් සිය නිල Twitter වෙබ් අඩවියේ අදහස් දක්වා තිබුණි.
“තරුණ ක්‍රීඩකයාට මම දුන්න අවවාදය සරලයි. ක්‍රීඩා කරද්දී ක්‍රීඩා කරන්න, අසභ්‍ය දේවල් කතා කරන්න එපා. මට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මිතුරන් ගොඩක් ඉන්නවා. ඒ වගේම අපට ඉතා සුහද සබඳතා තියනවා. කණ්ඩායමේ වගේම අපේ විරුද්ධවාදීන්ට ගරු කරන එක ක්‍රීඩාවේ මූලික ස්වභාවයයි.”
My advise to the young player was simple, play the game and don’t indulge in abusive talk. I have friends in Afghanistan team and we have very cordial relations. Respect for teammates and opponents is the basic spirit of the game. https://t.co/LlVzsfHDEQ
— Shahid Afridi (@SAfridiOfficial) December 1, 2020
Shahid Afridi මෙලෙස සිය ප්‍රතිචාරය දැක්වීමෙන් අනතුරුව මෙම සිදුවීමට සම්බන්ධ වූ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Naveen-ul-Haq ද ඒ පිළිබඳව පිළිතුරු ලබා දී තිබුණා. ඒ Twitter ඔස්සේය.
“මම හැමවෙලේම සූදානම් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපදෙස් ගන්න. ඒ වගේම හැමෝටම ගෞරව කරන්න මම ලෑස්තියි. ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. ඒත් කවුරු හරි කිව්වොත් ඔබලා හැමවෙලේම අපිට යටින් ඉන්නේ, හැමදාමත් ඒක එහෙමම තියේවි කියලා, මම හිතන්නේ ඒ අය ඒක කියන්නේ මට විතරක් නෙමෙයි. අපේ රටේ හැමෝටම කියලා.”
My advise to the young player was simple, play the game and don’t indulge in abusive talk. I have friends in Afghanistan team and we have very cordial relations. Respect for teammates and opponents is the basic spirit of the game. https://t.co/LlVzsfHDEQ
— Shahid Afridi (@SAfridiOfficial) December 1, 2020
තවත් ක්‍රිකට් පුවත්:
- Dambulla Viiking විදෙස් ක්‍රීඩකයෙක් සංචිතයෙන් ඉවතට
- තිසර පෙරේරා ඇතුළු Jaffna Stallions අපරාජිතවම ඉදිරියට
- දඹුල්ල පිම්මක් පනිමින් කොළඹ පරාජය කරයි
- ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ පීතෘ සලකුණ
තරගාවලියේ අද (03) දිනයේ Galle Gladiators සහ Jaffna Stallions අතර තරගය සහ Kandy Tuskers සහ Dambulla Viikings අතර තරගය ද පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් Galle Gladiators කණ්ඩායමේ නායකයා වූ Shahid Afridi පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු නැවත පාකිස්තානය වෙත යාමට නියමිත අතර තරගාවලිය අවසන් වීමට පෙර නැවත මෙරටට පැමිණෙන බව ඔහු සඳහන් කර තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<