ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිතයි.
ඊයේ (23) දිනයේ දී ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු කළ පරිදි Afghan Abdalyan (Afghanistan A) කණ්ඩායම මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ එක්දින තරග පහකට සහ එක් සිවි දින තරගයකට සහභාගී වීමට නියමිතයි.
අප්‍රේල් මස 25 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත කණ්ඩායම අප්‍රේල් 28 වැනි දා සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් පසුව පිළිවලින් අප්‍රේල් 30, මැයි 03, මැයි 05 සහ මැයි 07 යන දිනවල දී ඉතිරි එක්දින තරග ද ක්‍රීඩා කරනු ඇති.
- කමිඳුගේ උත්සාහය අවසන් මොහොතේ ව්‍යර්ථ වෙයි
- වනිඳු ICC ශ්‍රේණිගත කිරීම් හි නොනැවතී ඉදිරියට!
- මැතිව්ස්ගේ තුන් ඉරියව් දස්කම් සමඟින් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්
- චමීර ආයෙත් IPL යයි
- ශ්‍රී ලංකා – ඇෆ්ගන් T20 තරගාවලියේ ප්‍රවේශපත් විකිණී අවසන්!
ඉන් පසුව මැයි මස 11 සිට 14 වැනි දා තෙක් කණ්ඩායම් දෙක අතර සිව් දින තරගය පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ පිළිබඳ තවමත් නිල වශයෙන් තහවුරු වී නැහැ.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<