Home Sinhala ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ හොංකොං පරාජය කරයි

ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ හොංකොං පරාජය කරයි

ACC Emerging Teams Asia Cup 2024

101
ACC Emerging Teams Asia Cup 2024

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් සහභාගී වූ තරගයේ දී ලකුණු 42ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අද (20) සමත් වූනා.  

ඕමාන් Al Amarat හී නිමා වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි හොංකොං කණ්ඩායම කඩුලු 7ක් දැවී දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 136ක් පමණයි.   

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මීට පෙර සහභාගී වූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වුනා.  

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් කරමින් සහභාගී වූවා. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ ඉසිත විජේසුන්දර වෙනුවට නිමේෂ් විමුක්ති මෙම තරගයට එක් කර ගනිමින්.  

ශ්‍රී ලංකා A කණ්ඩායම 

නුවනිඳු ප්‍රනාන්දු (නායක), යශෝධ ලංකා, ලහිරු උදාර (කඩුලු රකින්නා), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, අහන් වික්‍රමසිංහ, රමේෂ් මෙන්ඩිස්, දුශාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රංසික, එශාන් මාලිංග. 

හොංකොං කණ්ඩායම 

Nizakat Khan (නායක), Zeeshan Ali (කඩුලු රකින්නා), Anshy Rath, Babar Hayat, Aizaz Khan, Martin Coetzee, Yasim Murtaza, Nasrulla Rana, Ehsan Khan, Ateeq Iqbal, Ayush Shukla. 

 කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 27ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

එහි දී කඩුල්ල අහිමි කර ගන්නේ ලහිරු උදාර. ඔහු දැවී යන විට පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා. 

අනතුරු ව 2 වැනි කඩුල්ලේ දී ලකුණු 37ක සබඳතාවක් එක් කිරීමට ආරම්භක පිතිකරු යශෝධ ලංකා සහ නායක නුවනිඳු ප්‍රනාන්දු සමත් වුනා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙද්දී නුවනිඳු ප්‍රනාන්දු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.  

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව එක් කිරීමට සමත් වෙන්නේ යශෝධ ලංකා සහ පවන් රත්නායක එක් වූ 3 වැනි කඩුල්ලටයි. ඔවුන් ලකුණු 51ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී පවන් රත්නායක පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගනිමින් දැවී යද්දී එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.   

අනතුරු ව යශෝධ ලංකා සහ සහන් ආරච්චිගේ එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 27ක සබඳතාවක් එක් කරනවා. එවර දැවී යන්නේ එතෙක් වේලා ඉනිමේ ආරක්ෂිත කඩුල්ල ලෙසින් කටයුතු කළ යශෝධ ලංකා. ඔහු දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා. ඔහුගේ මෙම ඉනිම තරගයේ වීරයා සම්මානය හිමි වීමට තරම් විශේෂිත වූවා. 

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට සහන් ආරච්චිගේ පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද සහ රමේෂ් මෙන්ඩිස් පන්දු 12කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට එක් කළ නොදැවුණ ලකුණු සංඛ්‍යාව 36ක්. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරනු ලැබුවේ පන්දු 17ක් පමණයි.  

කඩුලු දවා ගැනීමේ දී Ateeq Iqbal කඩුලු 2ක් දවා ගත් අතර Aizaz Khan, Yasim Murtaza සහ Ehsan Khan කඩුල්ල බැගින් බිඳ දැමුවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටිය පිවිසි හොංකොං කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 59කට සීමා වෙද්දී Babar Hayat සහ Yasim Murtaza එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කළා.  

එහි දී Yasim Murtaza පන්දු 31කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් හොංකොං ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා. ඊට අමතර ව Babar Hayat ලබා ගත් ලකුණු සංඛ්‍යාව 41ක්. ඔහුගේ ඉනිම හතරේ පහරකින් සහ හයේ පහරකින් සමන්විත වූවා.  

කඩුලු දවා ගැනීමේ දී නිපුන් රන්සික ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඒශාන් මාලිංග කඩුලු 2ක් ද, සහන් ආරච්චිගේ සහ දුශාන් හේමන්ත කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා A කණ්ඩායම – කඩුලු 7ක් දැවී 166 (20.0) යශෝධ ලංකා 56, නුවනිඳු ප්‍රනාන්දු 25, පවන් රත්නායක 23, සහන් ආරච්චිගේ නොදැවී 23, රමේෂ් මෙන්ඩිස් නොදැවී නොදැවී 24, Ateeq Iqbal 2/26 

 

හොංකොං කණ්ඩායමකඩුලු 7ක් දැවී 136 (20.0) Zeeshan Ali 18, Babar Hayat 38, Yasim Murtaza 44, නිපුන් රන්සික 3/17, ඒශාන් මාලිංග 2/20 

 

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 42ක ජයක්.  

  • තරගයේ වීරයා – යශෝධ ලංකා (ශ්‍රී ලංකාව) 

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඔවුන් සමත් වෙනවා. මේ වෙද්දී මෙම ලැයිස්තුවේ පළමු ස්ථාන ත්‍රිත්වය පිළිවෙලින් ශ්‍රී ලංකාව (දළ ලකුණු ලබා ගැනීමේ වේගය 0.775), බංග්ලාදේශය (0.736) සහ ඇෆ්ගනිස්තානය (0.550) හිමිකර ගෙන සිටින අතර ශ්‍රී ලංකාව තරග 2ක් නිමා කරමින් ද සහ අනෙක් රටවල් ද්විත්වය තරගය බැගින් නිමා කරමින් ද මෙහි අසුන් වෙන්කර ගෙන සිටිනවා.  

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 22 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.  

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Hong Kong
136/7 (20)

Sri Lanka A Team
178/5 (20)

Batsmen R B 4s 6s SR
Yashodha Lanka c Anshuman Rat b Aizaz Khan 56 44 3 2 127.27
Lahiru Udara b Ateeq Iqbal 14 9 1 1 155.56
Nuwanidu Fernando c Babar Hayat b Ateeq Iqbal 25 18 2 1 138.89
Pavan Rathnayake st Zeeshan Ali b Yasim Murtaza 23 21 1 1 109.52
Sahan Arachchige not out 23 15 0 1 153.33
Ahan Wickramasinghe lbw b Ehsan Khan 1 2 0 0 50.00
Ramesh Mendis not out 24 12 0 2 200.00


Extras 12 (b 0 , lb 5 , nb 1, w 6, pen 0)
Total 178/5 (20 Overs, RR: 8.9)
Bowling O M R W Econ
Ayush Shukla 2 0 20 0 10.00
Ateeq Iqbal 4 0 26 2 6.50
Ehsan Khan 4 0 34 1 8.50
Yasim Murtaza 4 0 31 1 7.75
Nasrulla Rana 4 0 45 0 11.25
Aizaz Khan 2 0 17 1 8.50


Batsmen R B 4s 6s SR
Zeeshan Ali b Eshan Malinga 18 14 1 1 128.57
Anshy Rath b Sahan Arachchige 6 10 0 0 60.00
Nizakat Khan c Ramesh Mendis b Nipun Ransika 11 7 2 0 157.14
Babar Hayat b Nipun Ransika 38 41 1 1 92.68
Aizaz Khan lbw b Eshan Malinga 0 1 0 0 0.00
Martin Coetzee st Lahiru Udara b Dushan Hemantha 15 12 1 1 125.00
Yasim Murtaza c Lahiru Udara b Nipun Ransika 44 31 0 4 141.94
Nasrulla Rana not out 1 3 0 0 33.33
Ehsan Khan not out 1 1 0 0 100.00


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 136/7 (20 Overs, RR: 6.8)
Bowling O M R W Econ
Nimesh Vimukthi 4 0 33 0 8.25
Sahan Arachchige 2 0 9 1 4.50
Nipun Dhananjaya 3 0 17 3 5.67
Eshan Malinga 4 0 20 2 5.00
Dushan Malinga 4 0 37 1 9.25
Ramesh Mendis 3 0 19 0 6.33