ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාවේ හිමිකාරීත්වය සඳහා තරග වදින අවසන් මහා තරගය අද (27) රාත්‍රී Al Amarat හි Oman Cricket Academy ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
මෙම තරගාවලියේ දී මෙම කණ්ඩායම් ද්විත්වය පළමු වටයේ දී A කාණ්ඩය නියෝජනය කරමින් එකිනෙකා හමු වූ අතර එම තරගයේ දී ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව අභිබවා යමින් ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
කෙසේ වෙතත් එම වටය අවසන් කිරීමේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව ලබා ගන්නා ලද අතර ඇෆ්ගනිස්තානයට හිමි වෙන්නේ 2 වැනි ස්ථානයයි.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයේ දී පාකිස්තාන A කණ්ඩායම පරාජය කරන ලද අතර ඇෆ්ගනිස්තානය ඉන්දියාවට එරෙහි ව ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
ශ්‍රී ලංකාව
මෙතෙක් නිමා වූ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් ඉදිරියෙන් ම සිටින්නේ යශෝධ ලංකා. ඔහු තරග 4ක ඉනිම් 4ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 105ක්. මෙම ලකුණු අතර ඉහළ ම දක්ෂතාව වන්නේ හොංකොං කණ්ඩායමට එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 56යි. කෙසේ වෙතත් ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් දැක්වෙන්නේ 26.25ක්.
මෙම ලැයිස්තුවට එක් වෙන ඊට ආසන්නත ම පිතිකරු වෙන්නේ නායක නුවනිඳු ප්‍රනාන්දු. ඔහු ඇෆ්ගනිස්තානය එරෙහි ව ලබා ගන්නා ලද ලකුණු 51ත් සමඟින් ලකුණු 104ක් ලබා ගන්නවා. ඊට අමතර ව ලහිරු උදාර ලකුණු 98ක් ලබා ගනිමින් ද අහන් වික්‍රමසිංහ ලකුණු 88ක් ලබා ගනිමින් ද මෙම ලැයිස්තුව හා එක්වෙනවා.
පන්දු යවන්නන් අතුරින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් පෙරමුණ ගෙන සිටින්නේ පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත. ඔහු මෙතෙක් දවා ගෙන ඇති කඩුලු ප්‍රමාණය 14ක්. ඊට අමතර ව නිපුන් රන්සික කඩුලු 6ක් සහ එශාන් මාලිංග කඩුලු 5ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය
නුවනිඳු ප්‍රනාන්දු (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), යශෝධ ලංකා. පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ, දුශාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්, ඉසිත විජේසුන්දර, කවිඳු නදීශාන්, නිමේෂ් විමුක්ති, එශාන් මාලිංග, ප්‍රමෝද් මධුශාන්, ලසිත් කෲස්පුල්ලේ, දිනුර කළුපහන.
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් තරගයට
- ශ්‍රී ලංකා සංචාරය සඳහා නවසීලන්ත සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට
- ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ හොංකොං පරාජය කරයි
- ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ පසු බසී
ඇෆ්ගනිස්තානය
ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙම තරගය සඳහා එක් වෙන්නේ 23 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක වමත් පිතිකරු Sediqullah Atal ගේ නායකත්වයෙන් යුතුවයි. ඔහු මෙම තරගාවලියේ දී ඔවුන් සහභාගී වූ මෙතෙක් නිමා වූ තරග 4 දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 313ක් ලබා ගනිමින් විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් මෙම තරගය හා එක් වෙනවා. එහි සාමාන්‍ය ලෙසින් දැක් වෙන්නේ 104.33ක්. ශ්‍රී ලංකාව සමඟින් නිමා වූ තරගයේ දී ද ඔහු ලකුණු 83ක් ලබා ගන්නවා.
ඔහුට අමතර ව Zubaid Akbari ද අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 137ක් ලබා සිටිනවා. ඔහුගේ අර්ධ ශතක 2 අතර ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ගත් ලකුණු 57ක් ද ඇතුලත්.
ඇෆ්ගනිස්තාන වෙනුවෙන් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් Karim Janat ට ද හිමි වෙන්නේ ප්රමුඛ ස්ථානයක්. ඔහු නිමා වූ තරග 4 දී ලකුණු 71ක් ලබා ගනිමින් විශ්වසනීය පිතිකරුවෙක් ලෙසින් ඉදිරියෙන් සිටිනවා.
ඇෆ්ගනිස්තානයේ හොඳම පන්දු යවන්නා වන්නේ දකුණතින් මඳ වේග පන්දු යවන Abdul Rahman. ඔහු මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 5ක්. ඊට අමතර ව කඩුලු 4ක් දවා ගෙන සිටින AM Ghazanfar සහ කඩුලු 3ක් දවාගෙන සිටින Sharafuddin Ashraf මෙම ලැයිස්තුව හා එක්වෙනවා.
ඇෆ්ගනිස්තාන සංචිතය
Sediqullah Atal (නායක), Qais Ahmad, Zubaid Akbari, Sharafuddin Ashraf, Faridoon Dawoodzai, Allah Mohammad Ghazanfar, Mohammad Ishaq (කඩුලු රකින්නා), Karim Janat, Nangialai Kharoti, Abdul Rahman Rahmani, Bilal Sami, Numan Shah (කඩුලු රකින්නා), Shahidullah Kamal , Wafiullah Tarakhil.
නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<