ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (16) ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ පාකිස්තානු නැගී එන කණ්ඩායම අතර Cox’s Bazar ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තරගයේ දී ද ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල තරග විලාසය නිසා ලකුණු 90ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය.
රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකානු….
ඒ අනුව ආසියානු නැගී එන කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශූරතාවන් ගණනක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. නමුත් අනිද්දා පැවැත්වෙන තරග දෙකේ දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයට දැවැන්ත පරාජයක් ලබා දීම සහ පාකිස්තානය ඕමානය හමුවේ ජය ගැනීම වැනි හේතු කරුණු කාරනා මත ශ්‍රී ලංකාව අවසන් 4 අතරට පිවිසෙනවා ද, නැද්ද යන්න තීරණය කරනු ඇත.
ශ්‍රී ලංකාව ඕමාන (ජාතික කණ්ඩායම) හමුවේ පරාජයට පත් වෙමින් මේ තරගය සඳහා අවතීර්ණ වූ අතර පාකිස්තානය ඇෆ්ගනිස්තාන නැගී එන කණ්ඩායම පරාජය කරමින් මේ තරගයට අවතීර්ණ විය.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු වාර්තා කරගත්තේ ලකුණු 183ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සිය හැකි උපරිම දස්කම් පෙන්වමින් පාකිස්තානු පිතිකරුවන් උපරිම ලෙස පාලනය කරන ලදි.
එහි දී පාකිස්තානු ප්‍රබල මුල්පෙළ කඩුලු 3ක් ලකුණු 31ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නමුත් ඉන් පසුව පිටියේ ස්ථාවර වූ රොහෙයිල් නසීර් සහ සයිෆ් බාඩර් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ලකුණු පුවරුව යම් තාක් මට්ටමකට ස්ථාවර කළේය.
4 පහර 2ක් සමඟින් පන්දු 47ක දී ලකුණු 37ක් වාර්තා කර ගත් නසීර් එම තණතීරුව මත පිතිකරණයේ නිරත වීම එතරම් පහසු නොවූ නිසා සෙමින් සීරුවේ කඩුල්ලේ රැඳී සිටිමින් ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රමයෙන් ගොඩනංවන ලදි.
නසීර් දැවී ගිය පසුව නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතාමත් ජවසම්පන්න ලෙස තරගයට අවතීර්ණ වූ නමුත් ශ්‍රී ලංකා ජවය සිය වාසියට හරවා ගත් අමාද් බට් සහ කුශ්දිල් සහ පාකිස්තානු පසුපෙළ සවිමත් කරමින් පිළිවෙළින් ලකුණු 44ක් හා ලකුණු 32ක් වාර්තා කරගත්තේය.
පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගන්නා විට, කලණ පෙරේරා සහ අමිල අපොන්සු අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.
ලකුණු 184ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු කඩුලු 4 සඳහා ලකුණු 89ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට ඇතුළත් කර ගන්නා ලදි. නමුත් පාකිස්තානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙන 19 හැවිරිදි මොහොමඩ් හස්නේයින් ක්‍රියාත්මක කළ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා අවසන් කඩුලු 7 ලකුණු 4ක් තුල බිඳ වැටී ගියේ ශ්‍රී ලංකා පිතිකරුවන් පෙන්නුම් කළ දියාරු පිතිකරණය නිසාවෙනි.
එම අසීරු ඉනිම තුල ශ්‍රී ලංකා ඉනිමට යම් මට්ටමක හෝ ආලෝකයක් රැගෙන ආ පැතුම් නිස්සංක පන්දු 56කට මුහුණ දෙමින් ලකුණු 34ක් වාර්තා කරගන්නා ලදි. හසිත බෝයගොඩ ලකුණු 22යි.
අවසානයේ ශ්‍රී ලංකා ඉනිම නොසිතූ ලෙස පන්දුවාර 30කුත් පන්දු 4ක් අවසානයේ අවසන් වූ අතර ඒ වන විට ඔවුන් ලබා සිටියේ ලකුණු 93ක් පමණි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කළ හස්නෙයින් ලකුණු 19කට කඩුලු 6ක් දවා ගනිමින් සිය පන්දුවාර 7 නිමා කරන ලද්දේ එක් නිලකුණු පන්දුවාරයක් ද සටහන් කරගෙනයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Omair Yousuf | c Minod Bhanuka b Asitha Fernando | 10 | 22 | 1 | 0 | 45.45 |
Haider Ali | c Jehan Daniel b Asitha Fernando | 15 | 20 | 2 | 0 | 75.00 |
Rohail Nazir | b Amila Aponso | 37 | 47 | 2 | 0 | 78.72 |
Saud Shakeel | c Minod Bhanuka b Kalana Perera | 1 | 4 | 0 | 0 | 25.00 |
Saif Badar | b Jehan Daniel | 16 | 49 | 0 | 0 | 32.65 |
Umer Khan | c Amila Aponso b Kalana Perera | 10 | 37 | 0 | 0 | 27.03 |
Khushdil Shah | c Ashen Bandara b Amila Aponso | 32 | 47 | 2 | 2 | 68.09 |
Amad Butt | run out (Minod Bhanuka) | 44 | 45 | 3 | 3 | 97.78 |
Sameen Gul | b Ramesh Mendis | 1 | 14 | 0 | 0 | 7.14 |
Mohammad Hasnain | b Asitha Fernando | 6 | 13 | 1 | 0 | 46.15 |
Muhammad Asad | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 10 (b 2 , lb 1 , nb 0, w 7, pen 0) |
Total | 183/10 (49.5 Overs, RR: 3.67) |
Fall of Wickets | 1-25 (6.2) Omair Yousuf, 2-28 (8.2) Haider Ali, 3-31 (9.3) Saud Shakeel, 4-80 (23.1) Rohail Nazir, 5-82 (24.1) Saif Badar, 6-114 (34.3) Umer Khan, 7-142 (41.1) Khushdil Shah, 8-155 (44.6) Sameen Gul, 9-181 (48.6) Amad Butt, 10-183 (49.5) Mohammad Hasnain, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 9.5 | 1 | 28 | 3 | 2.95 | |
Kalana Perera | 10 | 0 | 45 | 2 | 4.50 | |
Jehan Daniel | 10 | 0 | 33 | 1 | 3.30 | |
Amila Aponso | 10 | 1 | 36 | 2 | 3.60 | |
Ramesh Mendis | 10 | 1 | 38 | 1 | 3.80 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Amad Butt b Khushdil Shah | 34 | 56 | 4 | 0 | 60.71 |
Minod Bhanuka | c & b Mohammad Hasnain | 2 | 13 | 0 | 0 | 15.38 |
Hasitha Boyagoda | c Muhammad Asad b Khushdil Shah | 22 | 42 | 3 | 0 | 52.38 |
Charith Asalanka | c Rohail Nazir b Mohammad Hasnain | 9 | 25 | 0 | 0 | 36.00 |
Kamindu Mendis | c & b Umer Khan | 19 | 38 | 1 | 1 | 50.00 |
Ashen Bandara | lbw b Mohammad Hasnain | 0 | 1 | 0 | 0 | 0.00 |
Ramesh Mendis | b Mohammad Hasnain | 1 | 4 | 0 | 0 | 25.00 |
Jehan Daniel | b Mohammad Hasnain | 0 | 1 | 0 | 0 | 0.00 |
Kalana Perera | c Omair Yousuf b Umer Khan | 1 | 5 | 0 | 0 | 20.00 |
Amila Aponso | b Mohammad Hasnain | 0 | 1 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 5 (b 0 , lb 2 , nb 2, w 1, pen 0) |
Total | 93/10 (30.4 Overs, RR: 3.03) |
Fall of Wickets | 1-15 (5.3) Minod Bhanuka, 2-60 (18.2) Hasitha Boyagoda, 3-61 (18.5) Pathum Nissanka, 4-89 (27.5) Charith Asalanka, 5-89 (27.6) Ashen Bandara, 6-91 (28.6) Kamindu Mendis, 7-92 (29.3) Jehan Daniel, 8-93 (29.5) Ramesh Mendis, 9-93 (29.6) Amila Aponso, 10-93 (30.4) Kalana Perera, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sameen Gul | 7 | 1 | 27 | 0 | 3.86 | |
Umer Khan | 3.4 | 0 | 4 | 2 | 1.18 | |
Mohammad Hasnain | 7 | 1 | 19 | 6 | 2.71 | |
Amad Butt | 3 | 0 | 17 | 0 | 5.67 | |
Muhammad Asad | 3 | 0 | 10 | 0 | 3.33 | |
Khushdil Shah | 7 | 1 | 14 | 2 | 2.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<