AC Milan ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතය වෙනුවෙන් පෙරට එයි

89

ලෝ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක් වන AC Milan ක්‍රීඩා සමාජය විසින් සිය Milan Junior Camp ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ද රැගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ලබන වසරේ දී ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය කොළඹ, ගාල්ල සහ යාපනය ප්‍රදේශ මූලික කර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිත අතර, මෙවන් ව්‍යාපෘතියක් මෙරට දී ක්‍රියාත්මක වන පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනු ඇති.

Colombo Athletic and Football Club හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය වයස අවුරුදු 5 සිට 17 දක්වා වයස්වල දරුවන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත අතර, එළඹෙන ජනවාරි 21 වැනි දා මෙය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පිළිගත් පුහුණුකරුවන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන් මගින් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තාක්ෂණික අංශය මෙන්ම, මානසික සෞඛ්‍ය ද වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම මෙමගින් දේශීය පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයින්ට ඇති ඇල්ම තවත් ඉහළ නංවනු ඇති බවත්, වසර 125ක් පමණ ඈත අතීතයකට උරුම කම් කියන AC Milan වැනි විශිෂ්ට ක්‍රීඩා සමාජයක ඇති උරුමයන් පිළිබඳ ඉගෙනීමට ඇති අවස්ථාව ද ඉතා අගනා එකක් බව වටහාගත හැකි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<