මීළඟ වසරේ දී ඒ.බී. නැවතත් IPL එන ලකුණු

ඉන්දියානු ප්‍රීමියර් ලීගය

3606
AB deVilliers
Courtesy - Onmanorama

මීළඟ වසරේ දී යළිත් Royal Challengers Bangalore (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) කණ්ඩායම හා එක්වීමට සූදානමක් ඇතැයි සුපිරි ක්‍රීඩක ඒ.බී.ඩිවිලියර්ස් පවසා තිබෙනවා. එහෙත් ඒ කුමන කාර්යයක් සඳහා දැයි මෙතෙක් නිශ්චිත නැති බවයි ඔහු පවසන්නේ.

RCB කණ්ඩායමේ ප්‍රබල පුරුකක් වූ ඩිවිලියර්ස් පසුගිය වසරේ සියලු ක්‍රිකට් රටාවලින් සමුගත්තා. හිටපු RCB නායක විරාත් කෝලි ද පසුගිය දා පවසා තිබුණේ ලබන වසරේ දී ඒ.බී.ඩිවිලියර්ස් නැවතත් තම කණ්ඩායම හා එක්වනු දැකීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

“විරාත් එය ස්ථිර කරපු එක ගැන මට සතුටුයි. අවංකව කිව්වොත්, අපි තවමත් කිසිදෙයක් තීරණය කර නැහැ. මම අනිවාර්යෙන්ම ලබන වසරේ IPL එකේ ඉඳීවි. ඒත් මම දන්නෙ නැහැ මොන ඉඩකඩක් තුළද කියලා. ඒත් එහෙට නොගිහින් ඉන්න එක මට පාළුවක්”, ඩිවිලියර්ස් VUSport වෙත එසේ අදහස් පළකොට තිබුනා.

“මට Twitter එකෙන් ඇහුණා ලබන වසරේ බැංගලෝර් වල තරග කිහිපයක් තියෙනවා කියලා. ඒ නිසා මම මගේ දෙවැනි නිජබිමට ගිහින් චින්නස්වාමි ක්‍රීඩාංගණයේ මිනිස්සු පිරිලා ඉන්නවා බලන්න කැමැත්තෙන් ඉන්නවා”, ඔහු එසේ කියා තිබුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<