එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන සතියේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියට සූදානම් වීම සඳහා එංගලන්තය ඊයේ (09) දින දෙකක පුහුණු තරගයක පළමු දිනය ක්‍රීඩා කළා. මේ තරගය එංගලන්ත කණ්ඩායමේ අන්තර් සංචිත තරගයක්.
Rootගේ කණ්ඩායම හා Buttlerගේ කණ්ඩායම අතර මේ පුහුණු තරගය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි. Rootගේ කණ්ඩායම තරගයේ මුලින් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 දී ඔවුන් කඩුලු දෙකකට ලකුණු 184ක් රැස් කළා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Buttlerගේ කණ්ඩායමේ කඩුලු 8ක් ලකුණු 48කට දැවී ගිය අතර Ollie Popeගේ නොදැවුණු අර්ධ ශතකයක් නිසා ඔවුන් දිනය නිමා වන විට කඩුලු හයක් දැවී ලකුණු 120ක් රැස් කරගෙන සිටියා.
Joe Root මේ තරගයේ දී ලකුණු 78ක් රැස් කළ අතර Zak Crawley හා Dan Lawrence ද පිත්තෙන් සිය කණ්ඩායම්වලට සහයෝගය ලබා දුන්නා. James Anderson, Ollie Robinson හා Jack Leach කඩුලු දෙක බැගින් දවා ගත්තා.
කෙසේ වෙතත් Bairstow, Buttler හා Dom Sibley වැනි ඉදිරිපෙළ පිතිකරුවන් බලාපොරොත්තු වූ තරම් දක්ෂතා දැක්වූයේ නැහැ. එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක Dom Bess සිය පිතිකරුවන් මේ තරගයේ දී අසාර්ථක වීම ගැන එතරම් සිතිය යුතු නැති බව පවසා සිටිනවා.
“අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. Jimmy හා Robinson නව පන්දුවෙන් ඉතා හොඳින් පන්දු යැව්වා. තණතිල්ල පන්දු යවන්නන්ට හොඳින් සහය දුන්නා, තණතිල්ලේ හොඳින් තණකොළ තිබුණා.”
තවත් ක්‍රිකට් පුවත්:
- Bairstow අංක 3 පිතිකරුවා වෙද්දී Bess, Leach දඟපන්දු බලඇණියට
- දකුණු අප්‍රිකාවේ සිට එංගලන්ත සටනට එන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක්
- “මේ තරගාවලිය එංගලන්තයට අභියෝගයක් වේවි” – Mickey Arthur
“අපි අද (9) ක්‍රීඩා කළා වගේ තණතිල්ලක් නම් පළමු ටෙස්ට් තරගයට අපිට ලැබුනොත් මම පුදුම වෙනවා. පන්දු යවන්නන් හරිම වේගයෙන් පන්දු යැව්වා. අද මූලිකම දේවල් වුනේ දැඩි අව් රශ්මියට පුරුදුවෙන එක හා kookaburra පන්දුවට හුරු වෙන එක.”
ටෙස්ට් තරගාවලියට ඇති සූදානම පිළිබඳව විමසා සිටි විට Bess මෙසේ පවසා සිටියා. “ගොඩක් දේවල් මනසේ තමා තියෙන්නේ, මම Loughborough වලදී ගොඩක් පුහුණු වුනා. Root අපිට අභියෝග කළා තරග මානසිකත්වයට ඉක්මනින් එන්න කියලා. ඔබ තරගයට ගැළපෙන්න මනස හදාගත්තොත්, මම විශ්වාස කරනවා ඔබ තරගය දිනන්න ගොඩක් ආසන්න වෙනවා කියලා. මේක අපිට හොඳ අභියෝගයක්. මම නම් එහි ලොකු ගැටලුවක් දකින්නේ නැහැ. මේ කණ්ඩායමම තමා එක්දින තරගත් ක්‍රීඩා කළේ.”
අවසාන මාස 12 දී ම එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වුනේ Bess. කෙසේ වුනත් මේ ඔහු ඉන්දීය උපමහද්වීපයේ ක්‍රීඩා කරන පළමු වතාවයි. “මේක මට හොඳ අවස්ථාවක්. දඟපන්දු යවන්නන් බලඇණියක් වශයෙන් ඔබට හොඳ බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. මම හිතනවා අපිට පොඩි පීඩනයක් එල්ල වෙනවා කියලා. නමුත් මම ඒක දකින්නේ හොඳ අවස්ථාවක් විදියට.”
“දඟපන්දු යවන්නන් බල ඇණියක් විදියට අපිට මේක ලොකු අභියෝගයක්. පීඩනය ගැන කියනවා නම්. ඔබ මේ ක්‍රීඩා කරන්නේ ජාත්‍යන්තර තලයේ. පීඩනය කොහොමත් තියනවා. නමුත් ඔබ පීඩනය ප්‍රතිවාදීන් දෙසට හරවන්න ඕනේ. මම පෞද්ගලිකව ගොඩක් දඟ කැවෙන තණතිලිවල පන්දු යවලා නැහැ. ඒ නිසා මම මේ අභියෝගයට බොහොම කැමතියි.”
Cricbuzz ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<