ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් 2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (10) නිකුත් කරනු ලැබීය.
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන්ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් මෙම චක්‍රලේඛයේ සදහන්ව ඇත.
>> සම්පූර්ණ චක්‍රලේඛය ඇතුළත් PDF ගොනුව <<
දිවයින පුරා ඇති ක්‍රීඩා පාසල් 25 සංවර්ධනය කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පසුගිය දා ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා පාසල් හී විදුහල්පතිවරුන් අතර පැවති විශේෂ හමුවේ දී ගත් තීරණ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මට්ටම ඉහළට ගෙන ඒමත්, විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබා දෙමින් දේශීය මට්ටමින් ඔබ්බට ගොස් ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට ක්‍රීඩා පද්ධතිය තුළ බිහි කිරීම මෙම ක්‍රීඩා පාසල් පිහිටුවීමේ ප්‍රධානතම අරමුණයි.
තවත් ක්‍රීඩා පුවත්
- දකුණු ආසියාවේ වේගවත්ම ආධිපත්‍ය ශ්‍රී ලංකාවට
- අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ වැටේ
- Nilfer නැවතත් ඩාර්ලි පාරට
- නව ක්‍රීඩා අමාත්‍යවරයා හදිසි නිරීක්ෂණ චාරිකාවක
ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර ක්‍රීඩා සඳහා විශේෂ හැකියාවක් සහ ළැදියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කරනු ලැබේ.
එහෙත් 5 ශිෂ්‍යත්ව සමතුන්ගෙන් 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූරණය වීම නිසා ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මතුව පවත්නා ගැටලුවට විසඳුම් ලෙස සෑම ක්‍රීඩා පාසලකම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම ක්‍රීඩා පාසල්වල මානව සම්පත් සහ භෞතික සම්පත් සංවර්ධනය, දැනට පවත්නා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම හා නවීකරණය, නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය සම්පත් සකස් කරදීම ඇතුළු සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ද ඇතිව ඉදිරි සංවර්ධන කටයුතු දියත් කිරීමට ද නියමිතව ඇත.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<