සංගාගේ තැන ස්මිත්ට යයි

130

එක දිගට මාස හයක් පමණ ලොව ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි පළමු තැන රැඳී සිටි කුමාර් සංගක්කාර දෙවැනි තැනට පත්කරමින් ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් එම ලැයිස්තුවේ පළමු තැනට පත්වීමට සමත්වී ඇත.

ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට ශේ්‍රණි ලකුණු 909ක් ලබා සිටි සංගක්කාර පසුකර සිටින ස්ටීවන් ස්මිත් ශේ්‍රණි ලකුණු 913ක් හිමිකරගෙන ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ස්මිත් ලබාගත් ඉහළම ශේ්‍රණි ලකුණු ප්‍රමාණය හා ඉහළම ස්ථානයද මෙය වේ.

කොදෙව් සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 873ක් ලබා සිවුවැනි තැන සිටි ස්මිත් එම තරගාවලියේදී එක් ශතකයක් හා එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 283ක් ලබාගෙන තිබිණි. එම තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලබාගත් ලකුණු 199 ටෙස්ට් ඉනිමකදී ස්මිත් ලබාගත් හොඳම ඉනිම බවට පත්විය.

මේ අතර මෙම ශේ්‍රණිගත කිරීම්හි තෙවැනි තැන ශේ්‍රණිගත ලකුණු 908ක් ලබා සිටින දකුණු අප්‍රිකාවේ ඒ බී ඩි විලියර්ස්ටත්, සිවුවැනි තැන ශේ්‍රණිගත ලකුණු 891ක් ලබා සිටින හෂීම් අම්ලාටත් හිමිව ඇති අතර, පස්වැනි තැන හිමිව ඇත්තේ ශේ්‍රණිගත ලකුණු 841ක් ලබා ඇති ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස්ටය.