“ අතවරයක් සිදුවී තිබෙනවා ” – ශ්‍රිලංකා ක්‍රිකට්

144

මාධ්‍ය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් කිහිපයකින්  අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉහත දැක්වෙන ප්‍රකාශය සිදු කරන ලදි. එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2014 නොවැම්බර් 14 වන දින පත්කෙරුණු විමසුම් කමිටු වාර්තාව මේ වන විට ගරු සංචාරක හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බව මෙමගින් තහවුරු වේ.

දිසාවිනිසුරු එන්. ඊ. දිසානායක, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (කමිටු සභාපති), තරංගනී කිනවැන්න සහ අධ්‍යක්ෂ එන් ආලෝකා බණ්ඩාර යන මහත්ම මහත්මින්ගෙන් මෙම විමසුම් කමිටුව සමන්විත වේ.

2013-2014 වර්ෂ වලදි කාන්තා ක්‍රීකට් බලධාරින් වෙත එල්ලවුණු ලිංගික අතරවර හා අනිසි හැසිරීම් පිළිබද චෝදනා සම්බන්ධයෙන් මෙම විමසුම් කමිටුව තම පරීක්ෂණ මෙහෙයවමින් වාර්තා ඉදිරිපත්කර ඇත. ඉහත චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කළ නීතීඥ මනෝලි ජිනසේනගේ මහත්මියගේ වාර්ථාවද මේ වන විට ලැබි තිබේ. මෙම වාර්තා දෙකෙහිම අවසාන නිගමනයට අනුව, බලධාරීන් දෙදෙනෙකු විසින් සිදුකළ ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධීන් කිහිපයක් සිදුවි ඇති නමුත් ශාරීරික සම්බන්ධතාවයන් පිළිබද කිසිදු සාක්ෂියක් නොමැති නිසා අපරාධකරැවන්ගේ වැරදි තහවුරු කරගැනිමට මගපාදා ගැනීමට නොහැකි වී තිබේ. එසේම ලිංගික අතවර තරමට ම දරුණු නොවුණත් වෙනත් බලධාරියෙකු විසින් සිදුකළ අශෝභන හැසිරීම් සම්බන්ධවද මෙම වාර්තා දෙකම තහවුරැ කරයි. වාර්තාවලින් හදුනාගැනුණු මෙම නිලධාරින් තිදෙනාගේම මේ වසරේ අප්‍රේල් මස අග භාගයේදී කොන්ත්‍රාත්තු අවසන්විමෙන් පසු නැවත අලුත් නොකිරීමටත් එම  තනතුරුවල කටයුතු කිරීමට ඔවුන්ට ඉඩ නොදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම්කරුවන් ලෙස සේවය කරන වරුණ වරාගොඩ හා උවේස් කාමේන් යන මහත්වරුන්ට සහ පුහුණුකරුවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී. වාර්තාවල විශේෂයෙන් දක්වා තිබෙන තේරීම් කටයුතුවලදි ඇතිවන අසතුටුදායක තත්ත්වය හා කාන්තා ක්‍රිකට්වලට අදාළ අනෙකුත් කටයුතු මෙන්ම පුළුල්ව ව්‍යාප්ත වී ඇති පක්ෂග්‍රාහී බව, විශේෂීකරණය හා අගතිගාමී බව වැනි කරුණු පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි සැලකිල්ලක් දැක්වීමට බලාපොරොත්තු වේ. තවදුරටත් මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමෙහි ලා කාන්තා කළමණාකාරිත්වයක් යටතට කාන්තා ක්‍රිකට් කණ්ඩායම පත්කිරීමේ ඇති වැදගත් කම ද මෙම වාර්තා දෙකෙන්ම පෙන්වා දි තිබේ.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආටතනය පවසනුයේ, මෙම වාර්තා දෙකම තහදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔවුන් කාන්තා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින කැළල නිවැරදි කිරීමට පියවරක් ගන්නා බවයි. ඒ තුළින් අඩුපාඩු නිවැරදි කරගනිමින් ශ්‍රි ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජයග්‍රහණය කරා මෙහෙයවීම ඔවුන්ගේ අරමුණයි.