ජාතික දැල්පන්දු කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය දීප්තිට…?

153

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් ජාතික කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය තෝරා ගැනීම සඳහා ඊයේ පැවැති තෝරා ගැනීමේ පරීක්‍ෂණයේදී දීප්ති අල්විස්‌ මහත්මියට වැඩි ලකුණු හිමිව ඇතැයි නිල නොවන ආරංචි මාර්ගයක්‌ මගින් වාර්තා විය.

ජ්‍යෙෂ්ඨ පුහුණුකරු ධුරය වෙනුවෙන් මේ සඳහා තිදෙනකු ඉදිරිපත්ව ඇති අතර සහාය පුහුණුකරු ධුරය සඳහා ඉදිරිපත් වූ තමාරා ලියනගේ ඒ අනුව තරගයකින් තොරව අදාළ තනතුරට පත්වීමට නියමිතය.

දීප්ති අල්විස්‌ ප්‍රධාන පුහුණුකරු ලෙසත් තමරා ලියනගේ සහාය පුහුණුකරු ලෙසත් වන පත්වීම් ස්‌ථීර වනු ඇත්තේ ක්‍රීඩා ඇමැති අනුමැතියට යටත්ව වේ.

මෙම තෝරා ගැනීම් සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනිය යසා රාමචන්ද්‍ර, ඔලීවියා ගමගේ, යස්‌මින් ධර්මරත්න, මාලනී එදිරිසූරිය සහ ක්‍රිස්‌ටි නානායක්‌කාර යන පංච පුද්ගල කමිටුවක්‌ මගින් තෝරනු ඇත. ඔවුන් අදාළ අවසන් තීරණ වලට එළැඹ ඇත්තේ 4/5 ක කැමැත්තකින් බවද වැඩිදුරටත් වාර්තා වේ.