කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්.

145

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා තරග හතරකින් සමන්විත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට කොදෙව්වන් සමත්විය.

ලකුණු 150ක ඉලක්කයක් හඹායන ගමනේදී තෙවැනි කඩුල්ල ලකුණු 10දීත් සිවුවැනි කඩුල්ල ලකුණු 41දීත් බිඳ වැටීම හේතුවෙන් කොදෙව්වන් යම් පීඩනයකට පත්ව සිටියද ඩියෙන්ඩ්‍රා ඩොටින් හා නායිකා මෙරිස්සා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක් එක්කරමින් ජයග්‍රහණය කරා කොදෙව්වන් රැගෙන ගියහ.

එහිදී ඩියෙන්ඩ්‍රා ඩොටින් පන්දු 112කදී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබාගත්තාය.

ශ්‍රී ලංකාව 149ක් වැනි ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට හෙලේ මැතිව්ස් ලබාගත් කඩුලු 3 හා අනීෂා මොහොමඩ් ලබාගත් කඩුලු 2 ප්‍රධාන දායකත්වය සැපයීය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ප්‍රසාදිනී වීරක්කෝඩි (42) හා ලසන්ති මධුෂානි (23) එක්ව ලකුණු 79ක සම්බන්ධතාවක් එක් කළද අනෙක් පිතිකාරිනියන්ගේ දුර්වලතාව හේතුවෙන් ශ්‍රී ලංකාව පසුබෑමට ලක්විය.

ඡායාරූපය – නුවන් අමරවංශ

 

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව – 149

(ප්‍රසාදිනී වීරක්කොඩි 42,

ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී 24,

ලසන්ති මධුෂානි 23,

හෙලේ මැතිව්ස් 3/19,

නීෂා මොහොමඩ් 2/15)

 

බ.ඉ.කොදෙව් _ 153/5

(ඩියෙන්ඩ්‍රා ඩොටින් නොදැවී 80,

මෙරිස්සා අගුලෙයිරා 30,

ඒෂානි කෞෂල්‍යයා 2/4)