එක්දින සටන නිමවෙයි සිවුදින සටන ඇරැඹෙයි

108

ශ්‍රී ලංකා හා පාකිස්තාන් “ඒ” කණ්ඩායම් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම සිවුදින තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරැඹෙන අතර එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීම ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලිය සඳහාද යම් මානසික පන්නරයක් ගෙන දෙනු ඇත.

කෙසේ වෙතත් නායක ෆවඩ් අලාම්, කුරාම් මන්සූර්, උමාර් අමීන්, අන්දන් අක්මාල් හා ඉම්රාන් ඛාන් යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් පස් දෙනකුම පාකිස්තානු පිලට ඇතුළු වෙද්දී ටෙස්ට් ක්‍රිකට් තරග 6ක් ක්‍රීඩා කළ කිත්රුවන් විතානගේ හා එක් ටෙස්ට් තරගයකට සහභාගි වූ තරිඳු කෞෂාල් යන දෙදෙනකු පමණක් ශ්‍රී ලංකා පිලට ඇතුළත් වී තිබේ. ඒ අතරින් කුරාම් මන්සූර් ටෙස්ට් තරග 16ක්ද, පාකිස්තාන් “ඒ” පිලේ කඩුලු රකින අන්දන් අක්මාල් ටෙස්ට් තරග 21ක්ද ක්‍රීඩා කොට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වීමද ඔවුන්ගේ පැත්තෙන් වාසියකි.

දෙරට අතර නිමා වූ එක්දින තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස පිත්තෙන් දස්කම් පෑ කුසල් ජනිත් පෙරේරා අද දින ඇරැඹෙන සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ආරම්භක පිතිකරුවකු ලෙස පමණක් නොව කඩුලු රකින්නා ලෙසද කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර කුසල් නුපුරුදු රාජකාරියක අද සිට නිරත වන ආකාරය දැකගැනීමට ලැබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් කුසල් හා නායක අෂාන් ප්‍රියන්ජන්ගේ පිතිකරණයට එකට එක කරන්නට පාකිස්තානය පැත්තෙන් උපරිම රිද්මයට පැමිණ සිටින ෆවඩ් අලාම් හා කුරාම් මන්සූර්ගේ දක්ෂතාවන්ට හැකියාවක් ඇති අතර එක්දින තරගාවලියට වඩා වෙනසක් කරන්නට අලාම් ප්‍රමුඛ පිරිස පසුබට නොවන බවද පැහැදිලිය.

සිවුදින තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ පුහුණුකරු රොමේෂ් රත්නායක පැවැසුවේ නවක මුහුණුවරක් ගත් තම කණ්ඩායම සංචිතයක් ලෙස දින දෙකක් පුරා පුහුණුව ලැබූ බවත්, මෙම නවක කණ්ඩායමේ මින් පෙරද පුහුණුකරුවකු ලෙස අත්දැකීම් ඇති බවත්ය. කෙසේ වෙතත් මින්පෙර “ඒ” කණ්ඩායමේ සිවුදින තරග සඳහා ක්‍රීඩා නොකළ ධනංජය ද සිල්වා සහ අසේල ගුණරත්න යන දෙදෙනාද මෙවර කණ්ඩායමට ඇතුළත් කර ඇති බව කී ශ්‍රී ලංකා පුහුණුකරුවා තරගයට අදාළ තණ තීරුව තරමක් තණකොළ සහිත බැවින් ඉපිලීමක්ද බලාපොරොත්තු විය හැකි බැවින් වේග පන්දු යවන්නන් තිදෙනකුම යොදා ගැනීමටද ඉඩ ඇති බව කීය.