ඔස්ටේ්රලියානු කණ්ඩායම සහ පකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 221 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්තානය ඊයේ සමත්විය.
මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තානය පළමු ඉනිමට ලකුණු 454 ක් ලබාගත් අතර පළමු ඉනිමේ ඔස්ටේ්රලියාව ලකුණු 303 කට සියලු දෙනා දැවී ගියේය. සිය දෙවැනි ඉනිමේදී කඩුලු 2 කට ලකුණු 286 ක් ලබා ඉනිම අත්හිටුවූ පකිස්තානය ඔස්ටේ්රලියාවට ලකුණු 438 ක ජයග්‍රාහී ඉලක්කය ලබාදුන්නේය.
නමුත් තරගයේ අවසන් දිනය වූ ඊයේ තේ පානයෙන් අනතුරුව ලකුණු 221 කට ඔස්ටේ්රලියානු ඉනිම අවසන් විය. 35 හැවිරිදි වමත් දඟපන්දු යවන්නකු වන සුල්µsකාර් බාබර් ලකුණු 74 කට කඩුලු 5 ක් බිඳ දමමින් සිය ටෙස්ට් දිවියේ පළමු කඩුලු 5 දවාගැනීම වාර්තා කළ අතර යෂීර් ෂා ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගත්තේය.
පකිස්තාන කණ්ඩායම සිය ප්රමුඛ පන්දු යවන්නන් දෙදෙනා වන සයීඩ් අඡ්මාල් සහ ජුනයිඩ් ඛාන් නොමැතිව මෙම ජයග්‍රහණය ලබා ගැනීම කැපී පෙනේ . ඒ සමගින් 1994 සිට වසර 20 කාලයක් පුරා ඔස්ටේ්රලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයගැනීම සඳහා වටිනා අවස්ථාවක් මෙම ජයග්‍රහණයත් සමග පකිස්තානයට හිමිව තිබේ.
ඔස්ටේ්රලියාව දෙවැනි ඉනිම – සියලු දෙනා දැවී ලකුණු 221 යි (ක්‍රිස් රොජර්ස් 43, ස්ටීවන් ස්මිත් 55, මිචෙල් ජොන්සන් 61, බාබර් 74/5, යසීර් ෂා 50/4)