Major Club විස්සයි විස්ස තරගාවලියට දින නියම කරයි

Major Club T20 Tournament

12

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි මස 16 වැනිදා සිට ආරම්භ වීමට යෝජිතයි.  

පසුගිය වසරේ පැවැති මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 18ක් එක් වූ අතර මෙවර මෙම තරගාවලිය නියෝජනය කරන්නේ කණ්ඩායම් 14ක් පමණයි. ඔවුන් A සහ B ලෙසින් කාණ්ඩ දෙකක් යටතේ බෙදුණ කණ්ඩායම් 7ක් බැගින් පළමු වටයට එක් වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම තරගාවලියක් වන මේ සඳහා ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන SSC කණ්ඩායමට මෙවර සහභාගීත්වය අහිමි වී තිබෙනවා. 2005/06 වසරේ මෙම ශූරතාව දිනා ඇති ඔවුන්ට මෙවර තරගාවලිය අහිමි වෙන්නේ පසුගියදා නිමා වූ Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ දී පළමු පෙළ වරම් අහිමි වීමත් සමඟිනුයි.  

ඔවුන්ට අමතර ව පසුගිය වසරේ දී මෙම තරගාවලිය හා එක් වූ Ragama, Negombo සහ Kandy Customs කණ්ඩායම්වලට ද මෙවර තරගාවලිය අහිමි වෙනවා. ඒ ඔවුන්ට ද  Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ දී පළමු පෙළ වරම් අහිමි වීමත් සමඟිනුයි.  

මෙවර තරගාවලියේ දී නිමා වූ 2024  වසරේ ශූරයන් වූ NCC කණ්ඩායම A කාණ්ඩයෙන් ද සහ අනුශූරයන් වූ Bloomfield කණ්ඩායම B කාණ්ඩයෙන් ද තරග බිමට එක් වීමට නියමිතයි 

Group A :  

NCC, Moors SC, CCC, Ace Capital CC, Panadura SC, Baduraliya CC, Kurunegala YCC 

 

Group B :  

Bloomfield C & AC, BRC, Colts CC, Tamil Union C & AC, Police SC, Chilaw MCC, Nugegoda S & WC  

තරග කාලසටහන 
Date  Time  Team 1  Team 2  Venue 
 

මැයි මස 

16 වැනිදා  

 

9.45 am  Police SC  BRC  Colts 

 

2.00 pm  Nugegoda S & WC  Bloomfield C & AC 
9.45 am  Ace Capital CC  CCC  P. Sara 

Oval  

2.00 pm  Panadura SC  Moors SC 
9.45 am  Kurunegala YCC  NCC  CCC 
2.00 pm  Tamil Union C & AC  Colts CC 
 

මැයි මස  

19 වැනිදා 

9.45 am  BRC  Nugegoda S & WC  P. Sara 

Oval 

2.00 pm  CCC  Baduraliya CC 
9.45 am  Colts CC  Chilaw MCC  CCC 

 

2.00 pm  Moors SC  Kurunegala YCC 
9.45 am  Ace Capital CC  Panadura SC  Colts 

 

2.00 pm  Tamil Union C & AC  Police SC 
මැයි මස 22 වැනිදා 

 

 

 

9.45 am  POLICE SC  Bloomfield C & AC  Colts 

 

2. 00 pm  Baduraliya CC  Ace Capital CC 
9.45 am  Chilaw MCC  Tamil Union C & AC  SSC 

 

2. 00 pm  CCC  Kurunegala YCC 
9.45 am  Nugegoda S & WC  Colts CC  CCC 

 

2.00 pm  Panadura SC  NCC 
මැයි මස 25 වැනිදා  

 

 

 

9.45 am  Moors SC  CCC  SSC 

 

2. 00 pm  BRC  COLTS CC 
9.45 am  Police SC  Nugegoda S & WC  Colts 

 

2. 00 pm  Baduraliya CC  NCC 
9.45 am  BLOOMFIELD C & AC  Chilaw MCC  CCC 

 

2. 00 pm  Kurunegala YCC  Panadura SC 
 

 

මැයි මස 28 වැනිදා  

 

9.45 am  NCC  CCC  P. Sara 

Oval  

2. 00 pm  Nugegoda S & WC  CHILAW MCC 
9.45 am  BRC  Tamil Union C & AC  CCC 

 

2. 00 pm  Colts CC  Bloomfield C & AC 
9.45 am  Kurunegala YCC  Baduraliya CC  NCC 

 

2. 00 pm  Moors SC  Ace Capital CC 
 

මැයි   මස  

31 වැනිදා 

 

9.45 am  Ace Capital CC  Kurunegala YCC  CCC 

 

2. 00 pm  Bloomfield C & AC  BRC 
9.45 am  Panadura SC  Baduraliya CC   

NCC 

2. 00 pm  Tamil Union C & AC  Nugegoda S & WC 
9.45 am  NCC  Moors SC  P. Sara 

Oval 

2. 00 pm  Chilaw MCC  Police SC 
 

 

ජුනි මස 3 වැනිදා 

 

9.45 am  CCC  Panadura SC  P. Sara 

Oval 

2. 00 pm  NCC  Ace Capital CC 
9.45 am  Bloomfield C & AC  Tamil Union C & AC  CCC 

 

2. 00 pm  Chilaw MCC  BRC 
9.45 am  Baduraliya CC  Moors SC  NCC 

 

2. 00 pm  Colts CC  Police SC 

 

තරගාවලියේ ප්‍රසාද ලකුණු ලබා ගන්නා පිළිවෙළ අනුව එක් එක් කාණ්ඩයෙන් කණ්ඩායම් 4ක් බැගින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා තෝරා ගන්නා අතර ඒ අනුව පැවැත්වෙන තරග ජුනි මස 5 වැනිදා P. Sara Oval පිටියේ දී සහ CCC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.  

එම වටයේ ජයග්‍රාහි කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා එක්වෙන අතර එම තරග ජුනි මස 7 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට යෝජිතයි.  

තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 9 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<