ඇල්පිටියේ හරිත – නීල සටන ගාල්ලේ දී

5th Battle of the Greens Blues

12
5th Battle of the Greens Blues - Big Match Preview

බෙන්තර – ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පාසල් ද්විතවයක් වන ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලය අතර 5 වැනි වරටත් පැවැත්වෙන “හරිත – නීල සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 25 සහ 26 දිනවල දී  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගමාලාවේ වසර ත්‍රිත්වයක් එක්දින සිමීත පන්දුවාර තරග ලෙසින් මෙම තරගය ක්‍රියාත්මක වු අතර එම අවස්ථා ත්‍රිත්වයේ ම ජයග්‍රහණය හිමි වූයේ බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලයටයි.

ඉන් අනතුරු ව පසුගිය වසරේ දී පළමු වරට දෙදින තරගයක් සේ පැවැති මෙම තරගය නිමා වෙන්නේ නොවිසඳුණ තරගයක් ලෙසයි. ඒ අනුව හරිත – නීල සටනේ වැඩි වාසි බෙන්තොට ගාමිණි මධ්‍ය මහා විද්‍යාලය සතු කර ගනිමිනුයි මෙවර තරගය පැවැත්වෙන්නේ.

මෙම පාසල් ද්විත්වය ම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන්නේ 3 වැනි කොටසේ Tier A කාණ්ඩයෙන්.

මෙවර ඇල්පිටියට ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සචින් සත්සිඳු විසින් මෙහෙයවනු ලබන අතර කණ්ඩායමේ උප නායකත්වයේ වගකීම හිමි ව ඇත්තේ අපූර්ව නිමෙත් වෙතයි.

බෙන්තොට මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම විමුක්ති විදර්ශන විසින් මෙහෙයවනු ලබන අතර ඔහුගේ සහායකයා ලෙසින් කටයුතු කරන්නෙ දිනෙත් නිම්සර.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක ගේ ප්‍රාථමික විද්‍යාලය වෙන්නේ ඇල්පිටිය මධ්‍ය මහා විද්‍යාලයයි. එම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චරිත් අසලංක 5 වසර ශිෂ්‍යත්වය සමත් ව උසස් අධ්‍යාපනය සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට පිවිසෙනවා.

බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Benthota Gamini Central College

විමුක්ති විදර්ශන (නායක), දිනෙත් නිම්සර (උප නායක), රිද්ම නිම්සර, රෙසඳුල් චාමිත, රනිතු කෙත්මික, යසිරු යසංක, මනිල්ක ශිහාන්, වෙෂාන් උමයංග, කවිඳු තිසර, රිසඳු ගිම්හාන, පළිඟු නිලම්බර, සංෂන ඉමේෂ්, ජෙනිරු රන්යුග, ආයුෂ් නෙත්ම, හිරුෂ රන්ජය සහ නෙතුල මෙත්විදු.

 

ජනක වීරසිංහ (විදුහල්පති), දේවිකා කුමාරශිලී (නියෝජ්‍ය විදුහල්පතිනිය),  කේ. පී. දීපා සමන්මල් (ක්‍රීඩා භාර ආචාර්ය), එන්. උදාන උහන්ඕවිට (ක්‍රිකට් භාර ආචාර්ය), මංගල වික්‍රමාරච්චි (ප්‍රධාන පුහුණුකරු).

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 Elpitiya Ananda Central College

සචින් සත්සිඳු (නායක), අපූර්ව නිමෙත් (උප නායක), නේනුක රණවීර, සෙනාර නවෝද්‍ය, ලක්වින් වේනිත, ඕෂධ දීමන්ත, කේ. ජී. එස්. ඩී. ප්‍රියංකර, හංස කුමාර, ධනුෂ්ක කුමාර, ඩබ්ලිව්. ඒ. අයි. ජයෂාන්, නිසල් දිනූප, සෙමොත් දේමින්ද, ඉඳුවර ප්‍රසංග, පී. එම්. කේ. පෙරේරා, කවිඳු මධුශංක, ගමිරු හසරැල්, දිනෙත් දක්ෂිත සහ සිතුම් සත්සර.

 

ආර්. කේ. ආර්. පී. කුමාර (විදුහල්පති), ඒ. එච්. පී. කේ. ගුණවර්ධන (නියෝජ්‍ය විදුහල්පති), ඩබ්ලිව්. එම්. පී. ටී. බී. විජේකෝන් (ක්‍රිකට් භාර ආචාර්ය), ජී. ඩී. එන්. අසංක (ක්‍රිකට් භාර ආචාර්ය), ජී. පී. නිශාන්ත (ප්‍රධාන පුහුණුකරු).

5 වැනි හරිත – නීල සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට එක් වෙන ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය සහ බෙන්තොට ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<