ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත A කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලංකා සංචිතය:
සදීර සමරවික්‍රම (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්ච්ගේ, සොනාල් දිනූශ, දුශාන් හේමන්ත, තරිඳු රත්නායක, වනුජ සහන්, චමිඳු වික්‍රමසිංහ, ඩිල්ශාන් මදුශංක, මොහොමඩ් ශිරාස්, මිලාන් රත්නායක
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A කණ්ඩායම් අතර තරගයෙන් එළඹෙන 13 වැනි දා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වීම සඳහා මෙම සංචිතය අද (10) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ තරග කාලසටහන:
- ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A – අප්‍රේල් 13
- ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්ථාන A – අප්‍රේල් 15
- ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A – අප්‍රේල් 19
- ශ්‍රී ලංකා A සහ ඇෆ්ගනිස්ථාන A – අප්‍රේල් 23
තරගාවලියේ අවසන් මහා තරගය අප්‍රේල් 25 දින අබුඩාබි හිඳි ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<