ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier A කාණ්ඩයේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අද (09) සමත් වෙනවා.
මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ මහනුරව ත්‍රිත්ව විද්‍යාලය වන අතර ඔවුන්ට එරෙහි ව සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 71ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කෙනත් ලියනගේ (නායක සහ කඩුලු රකින්නා), අවීශ සමාෂ්, අභිශේක් ජයවීර, සෙනුජ වකුණුගොඩ, නිම්තක ගුණවර්ධණ, යෙනුල දෙව්තුස, රිශ්ම අමරසිංහ, දුනික් පෙරේරා, මානස මදුභාෂණ, නුශාන් පෙරේරා සහ ඩේමියන් ද සිල්වා.
ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මලිත් රත්නායක (නායක), දිමන්ත මහවිතාන, පුලීශ තිලකරත්න, ආදම් හිල්මි (කඩුලු රකින්නා), රජිඳු තිලකරත්න, චනිරු සේනාරත්න, ඩිනාල් ප්‍රනාන්දු, වතිල උදාර, ස්වෙත් අනුරජීව, සෙත්මික සෙනවිරත්න සහ කනිල්ක ඇන්තනී.
කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගෙන පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත්තා.
ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 14 දී දැවී යන අතර 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක සබඳතාවක් ගොඩ නැගීමට අභිශේක් ජයවීර සහ සෙනුජ වකුණුගොඩ සමත් වෙනවා.
සෙනුජ වකුණුගොඩ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 25ක්. ඔහු ඒ වෙනුවෙන් පන්දු 38කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් ද ඊට ඇතුලත් කළා. අභිශේක් ජයවීර පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා.
අනතුරු ව ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නිම්තක ගුණවර්ධන සමඟ එක් වූ යෙනුල දෙව්තුස (14) සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක් ගොඩ නගනවා. නිම්තක ගුණවර්ධන 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.
ඊට අමතර ව කෙනත් ලියනගේ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද, රිශ්ම අමරසිංහ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මලිත් රත්නායක ලකුණු 41කට කඩුලු 3ක් දවා ගන්නා අතර වතිල උදාර සහ ස්වෙත් අනුරජීව කඩුලු ද්විත්වය බැගින් ද චනිරු සේනාරත්න කඩුල්ලක් ද දවා ගත්තා.
- දෙවැනි කොටසේ Tier B ශූරතාව ගාල්ලේ විද්‍යාලෝකයට
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
- බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව විද්‍යාලය ඉනිම අවසන් වීමට තවත් පන්දු 13ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 133ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ස්වෙත් අනුරජීව. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඩිනාල් ප්‍රනාන්දු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ද සහ රජිඳු තිලකරත්න පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත්තා.
අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩ නොදුන් සාන්ත ජෝසප් විද්‍යාලයීය පන්දු යැවීමේ ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ යෙනුල දෙව්තුස. ඔහු ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත් අතර මානස මදුභාෂණ ද ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහුට අනගි සහයෝගයක් ලබා දෙනවා.
ඊට අමතර වඅවීශ සමාෂ් සහ ඩේමියන් ද සිල්වා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝසප් විද්‍යාලය – සියලුම දෙනා දැවී 204 (48.4)අභිශේක් ජයවීර 33, සෙනුජ වකුණුගොඩ 25, නිම්තක ගුණවර්ධන 47, කෙනත් ලියනගේ 29, මලිත් රත්නායක 3/41, වතිල උදාර 2/29, ස්වත් අනුරජීව 2/38
- ත්‍රිත්ව විද්‍යාලය – සියලුම දෙනා දැවී 133 (47.5)ඩිනාල් ප්‍රනාන්දු 21, සවත් අනුරජීව 48, යෙනුල දෙව්තුස 4/23, මානස මදුභාෂණ 4/34
සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 71ක ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<