කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයත් විසඳුමක් නෑ

118th Battle of the Maroons

52

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර ටි. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැති 118 වැනි “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වූවා.  

ඒ අනුව මෙම තරගය ජය-පරාජයකින් තොරව අවසන් වු 62 වැනි අවස්ථාවයි මේ.  

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මරාජ විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 454ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කිංග්ස්වුඩ් විද්‍යාලයට ලබා හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 197ක් පමණයි. ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දුන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.  

තරග 3 වැනි දිනයට ආරම්භ වෙන්නේ කිංග්ස්වුඩ් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 105ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී යෝසත් අබේකෝන් සහ නිකේශල නානායක්කාර නොදැවී පිටියේ රැඳී සිටියා.  

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී යෝසත් අබේකෝන් පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.  

නිකේශල නානායක්කාර ලබා ගත් ලකුණු සංඛයාව 63ක්. පන්දු 137කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඇතුලත් වුනා.  

කඩුලු දවා ගැනීමේ දී නිසල අබේරත්න ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව දක්ෂික මනුකල්ප කඩුලු 2ක් ද, ලක්වින් අබේසිංහ, ඔනිජ සේසත් සහ සුමේද ප්‍රසාද් කඩුල්ලක් ද දවා ගන්නවා.  

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 257ක් පිටුපස සිටිමින් නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු චනුල් කොඩිතුවක්කු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තා. ඊට අමතර ව ආදිල් ශෙරීඩ් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40ක්.  

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 137ක දී ලකුණු 84ක් ද එක් කරනවා. ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය දක්ෂික මනුකල්ප හිමි කර ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 454 (104.3) තරිඳු වර්ණකුලගේ නොදැවී 203, ලක්වින් අබේසිංහ නොදැවී 203
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (107.3) යෝසත් අබේකෝන් 28, නිකේශල නානායක්කාර 63, ගෞරංග බණ්ඩාර 27, නිසල අබේරත්න 5/44, දක්ශික මනුකල්ප 2/31
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 96 (31.0) චනුල් කොඩිතුවක්කු නොදැවී 52, ආදිල් ශෙරීෆ් 40, දක්ෂික මනුකල්ප 2/21

තරගයේ විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂත ම පන්දු රකින්නා – කවිඳු ගුණරත්න (ධර්මරාජ විද්‍යාලය)
  • තරගයේ දක්ෂත ම පන්දු යවන්නා – නිසල අබේරත්න (ධර්මරාජ විද්‍යාලය) සහ නිකේශල නානායක්කාර (කිංග්ස්වුඩ් විද්‍යාලය)
  • තරගයේ දක්ෂත ම පිතිකරු – තරිඳු වර්ණකුලගේ (ධර්මරාජ විද්‍යාලය)
  • තරගයේ වීරයා – ලක්වින් අබේසිංහ (ධර්මරාජ විද්‍යාලය)

දෙවිදුහල් අතර පැවැත්වෙන 36 වැනි වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 19 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<