දඹුල්ලට කඩුලු 4ක් ජයක්

National Super League 4 day Tournament 2025

39
National Super League 4 day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ සිව් වැනි සතිය අද (06) අවසන් වූ අතර එහි දී දඹුල්ල කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළා.

  • මහනුවර සහ දඹුල්ල අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 453ක් ලබා අතර දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 340ක් පමණි.

ලකුණු 113ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ නැවත තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබා ගන්නවා. ඒ අනුව දඹුලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 392ක් ලැබෙන අතර එය ඔවුන් කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගන්නවා.

තරගයේ සිවු වැනි දිනය ආරම්භ වෙන්නේ මහනුවර කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිටිය දී යි. ඒ වෙද්දී පවන්ත වීරසිංහ නොදැවී ලකුණු 74ක් ලබා සිටි අතර අද ඔහු තම ඉනිමට ලකුණු 101ක් ලබා ගත්තා. පන්දු 173කින් සමන්විත වූ එම ඉනිමේ හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වුනා.

ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 87කට කඩුලු 5ක් දවා ගත්තා. ඔහු මෙම තරගයේ ඉනිම ද්විත්වයේ දී ලකුණු 227කට කඩුලු 10ක් දවා ගත්තා.

පිළිතුරු හඹා යෑමේ ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නිශාන් මදුශ්ක සහ දසුන් ශානක ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා. නිශාන් මදුශ්ක පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 126ක් ලබා ගත් අතර දසුන් ශානක පන්ද 56කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සහන් නානායක්කාර කඩුලු 3ක් ද, ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2ක් ද සහ අශේන් බණ්ඩාර කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 453 (97.0)පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, දිනුර කළුපහන 2/64, අකිල ධනංජය 5/140, චමිඳු වික්‍රමසිංහ 3/59
  • දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 340 (84.4)නිශාන් මදුශ්ක 31, ධනංජය ද සිල්වා 108, සහන් කෝසල 34, දසුන් ශානක 63, විශාද් රන්දික 40, ශිරාන් ප්‍රනාන්දු 3/42, සහන් නානායක්කාර 2/125, අශේන් ඩැනියෙල් 4/109
  • මහනුවර– දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 278 (70.5)ජනිශ්ක පෙරේරා 27, පවන්ත වීරසිංහ 101, සොහාන් ද ලිවේරා 32, රවිඳු ප්‍රනාන්දු 74, දුලාජ් සමුදිත 2/47, අකිල ධනංජය 5/87
  • දඹුල්ල –දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 392 (64.5)නිශාන් මදුශ්ක 126, රොන් චන්ද්‍රගුප්ත 64, දසුන් ශානක 100, දිනුර කළුපහන 24, සහන් කෝසල 23, විශාද් රන්දික නොදැවී 35, ශිරාන් ප්‍රනාන්දු 2/54, සහන් නානායක්කාර 3/115

දඹුල්ල කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

කාසියේ වාසිය දිනූ ගාල්ල කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 371ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 66ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තරගය නිමා කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 354ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.

ඊට අමතර ව ශෙවෝන් ඩැනියෙල් පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 96ක් ද සහ නිරෝෂන් දික්වැල්ල පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිසල තාරක කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව රමේෂ් මෙන්ඩිස්, දිලුම් සුදීර සහ නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • යාපනය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 305 (69.1)ශෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, දිලුම් සුදීර 5/60
  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 371 (98.0) ඔෂද ප්‍රනාන්දු62, දිනේෂ් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ 68, රමේෂ් මෙන්ඩිස් 124, සිතුම් දිසානායක 3/57, චාමික කරුණාරත්න 2/100, අසංක මනෝජ් 3/59, නිමේෂ් විමුක්ති 2/65
  • යාපනය- දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 354 (71.0) රවිඳු රසාන්ත 20, ශෙවොන් ඩැනියෙල් 96, තනුක දාබරේ 44, ඇන්ජලෝ මැතිව්ස් 103, නිරෝෂන් දික්වැල්ල නොදැවී 60, නිසල තාරක 2/34

තරගයේ විසඳුමක් නෑ.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<