ගවිනු ගේ ශතකයෙන් හැඩ වුණ තැන තැන Big Match

Annual Big Match 2025

36

වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී ඊයේ (5) අවසන් වුනා. එහි දී යාපනයේ පැවැති උතුරු සටන වාර්ෂික එක්දින තරගයේ දී යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ කොළඹ දී පැවැති රත්-රන් සටන එක්දින තරගයේ දී රාජගිරිය ජනාධිපති විද්‍යාලය ද ජයග්‍රහණ වාර්තා කළා. 

මේ අතර බලපිටියේ දී 36 වැනි වරටත් පැවැති බලපිටි විරු සටන නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි. එම තරගයේ දී රේවත විද්‍යාලයේ ගවිනු නිසංසල ශතකයක් රැස් කිරීමට සමත් වුනා.  

17th Battle the Rath-Ran 

කොළඹ අසෝක විද්‍යාලය සහ රාජගිරිය ජනාධිපති විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැති රත්-රන් සටනේ දී කඩුලු 2ක් ලබා ගැනීමට ජනාධිපති විද්‍යාලය සමත් වෙනවා.  

කොළඹ P Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජනාධිපති විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අසෝක විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 156ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 8ක් පමණක් දැවී සපුරා ගැනීමට ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

අසෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 156 (42.5) චතුර ප්‍රබෝද් 20, උදයන්ත අබිලාශ් 25, ඔමෙත් පෙරේරා 21, ඉසුරු කෞශල්‍ය නොදැවී 32, හිරුන් රණසිංහ 2/24, මලිඳු රත්නායක 3/36, සිතුම් ඕශද 2/18

ජනාධිපති විද්‍යාය – කඩුලු 8ක් දැවී 159 (40.4) නේවින්ද තත්සර 34, ලහිරු කවිශ්ක නොදැවී 25, දිසිනු සමරසිංහ 2/25, ඉසුරු කෞශල්‍ය 3/32

 

ජනාධිපති විද්‍යාලයට කඩුලු 2ක ජයක්.   

Battle of the North 

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැති 22 වැනි උතුරු සටන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 177ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝන්ස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 145ක් පමණයි.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

 

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 177 (46.1) රාජ්කුමාර් නිව්ටන් 35, මුරලි තිසෝන් 33, කුගදාස් මාතුලන් 3/61, ජෝන් ආනෝල්ඩ් 2/19, ජෙයචන්ද්‍රන් අශාන්ත් 3/33

 

සාන්ත ජෝන්ස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 145 (46.3) සිවශංකර් ක්‍රිශාන් 22, ආර්. අක්ශ්‍යාන් 3/30, වී. හැරිස් 4/25

 

යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 32ක ජයක්.  

36th Battle of the Heroes 

බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර 36 වැනි වරටත් පැවැති බලපිටි විරු සටන විසඳුමකින් තොරව අවසන් වුනා.  

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් රේවත විද්‍යාලය තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 236ක් ලබා ගත් ඊට පිළිතුරු ලෙසින් සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186ක් පමණයි.  

අනතුරු ව ලකුණු 50ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි රේවත විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිටුවනවා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 211ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සිද්ධාර්ථ විද්‍යාලය තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 75ක් ලබා සිටියා. 

මෙම තරගයේ දී රේවත විද්‍යාලයේ ගවිනු නිසංසල පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 104ක් ලබා ගනිමින් තරගයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වුනා.  

ඊට අමතර ව රේවත විද්‍යාලයේ ගිම්හාන් මෙන්ඩිස් පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 77ක් ද සහ  සිද්ධාර්ථ විද්‍යාලයේ නදිජ නිම්සර පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.  

පන්දු යැවීමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ගයාන් ද සොයිසා. ඔහු ලකුණු 23කට කඩුලු 5ක් දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • රේවත විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (38.1) අමීශ ද සිල්වා 21, දසුන් සත්සර 21, කලන චමෝද් 38, කවීෂ සංදීප 22, ගිම්හාන් මෙන්ඩිස් 77, සෙතික පෙරේරා 27, නිරෝෂ් නිම්සර 2/48, කවිනු පෙරේරා 2/34, ගයාන් ද සොයිසා 2/64, කවිශ් ද අබ්‍රේව් 3/47
  • සිද්ධාර්ථ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 186 (44.2) ඩිල්ශාන් මිහිරංග 29, විසල් ගිම්හාන් 20, නදිජ නිම්සර 67, වත්ක සුපේශල 20, ගිම්හාන් මෙන්ඩිස් 3/51, කලන චමෝද් 4/38, සුදේශ මල්සර 2/59
  • රේවත විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 160 (25.5) ගවිඳු නිසංසල 104, සෙතික පෙරේරා 19, ජැක් ශාක්‍ය 2/69, ගයාන් ද සොයිසා 5/23
  • සිද්ධාර්ථ විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 75 (14.0) ජැක් ශාක්‍ය නොදැවී 33

තරගයේ විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – ගයාන්ද සොයිසා (සිද්ධාර්ථ විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ගවිඳු නිසංසල (රේවත විද්‍යාලය) 
  • තරගයේ වීරයා – ගිම්හාන් මෙන්ඩිස් (රේවත විද්‍යාලය)

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<