මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර ටි. බී. තෙන්නකෝන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 118 වැනි “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (04) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
එහි දී කාසියේ වාසිය දිනා ගත් කිංගස්වුඩ් විද්‍යාලයේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරද්දී තම පළමු ඉනිමට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 253ක් ලබා සිටියා.
කිංග්ස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවිජ ගමගේ (නායක), යෝසත් අබේකෝන්, චනුල් කොඩිතුවක්කු, ඩොමින්සර පීරිස්, කෙනුල පිහිළියංග, උපාධි ජයවර්ධන, ගෞරංග බණ්ඩාර (කඩුලු රකින්නා), හේෂාන් වීරසිංහ, නිකේශල නානායක්කාර, මනුල විජේතුංග සහ ආදිල් ශෙරිෆ්.
ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
පුළිඳු පෙරේරා (නායක), නිසල අබේරත්න, සුමේධ ප්‍රසාද්, දක්ෂික මනුකල්ප, ලක්වින් අබේසිංහ, කාශ්‍යප දිසානායක, කවිඳු ගුණරත්න, ඉසුරු පන්නල (කඩුලු රකින්නා), තරිඳු වර්ණකුලගේ, ඔනිජ සේසත් සහ මතීෂ රූපසිංහ.
- කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයත් ඇවිලෙයි
- දෙවැනි කොටසේ Tier B ශූරතාව ගාල්ලේ විද්‍යාලෝකයට
- Cartman කුසලානය වෙස්ලි සහ බෙනඩික්වරුන් අතරේ බෙදී යයි
- රන් සටන මන්දගාමී වෙමින් විසඳුමක් නැති වෙයි
- බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලයීය ඉනිමේ ආරම්භය එතරම් ම සුබදායී නොවුව ද 3 වැනි කඩුල්ලේ දී එම අවාසනාවන්ත තත්ත්වය දුරස් කිරිමට තරිඳු වර්ණකුලගේ සහ ලක්වින් අබේසිංහ පෙරමුණ ගත්තා.
කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලෙසින් තිබූ ධර්මරාජ ඉනිමට නොදැවුණ ලකුණු 209ක සබඳතාවක් එක් කිරීමට ඔවුන් දෙදෙනා සමත් වෙනවා.
ධර්මරාජ කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරුවා බවට පත් ව සිටි පුළිඳු පෙරේරා ගේ ඉනිම ලකුණු 3කට සීමා කරමින් කදිම ආරම්භයක් ලබා ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයෝ සමත් වෙනවා. අනතුරු ව අනෙක් ආරම්භක පිතිකරු කාශ්‍යප දිසානායක ගේ ඉනිම ද ලකුණු 19කට සීමා වෙනවා.
නමුත් එතැන් සිට තරිඳු වර්ණකුලගේ සහ ලක්වින් අබේසිංහ ධර්මරාජයේ ගැලවුම්කරුවන් බවට පත් වෙද්දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට සිදු වූයේ පිටිය තුළ පන්දු රැකීමට අමතර ව තරග නරඹන්නන් බවට ද පත් වීමටයි. ඔවුන් දෙදෙනා දිනයේ යැවුණ පන්දුවාර 55කුත් පන්දු 3කට මුහුණ දුන්නා.
තරගයේ පළමු දිනය අවසන් වන විට මේ දකුණත් සහ වමත් පිතිකරු යුගලය අතුරින් දකුණත් පිතිකරු තරිඳු වර්ණකුලගේ පන්දු 187කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 105ක් ද සහ වමත් පිතිකරු ලක්වින් අබේසිංහ පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 110ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී හේෂාන් වීරසිංහ සහ යෝසත් අබේකෝන් කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 253 (70.2) තරිඳු වර්ණකුලගේ නොදැවී 105, ලක්වින් අබේසිංහ නොදැවී 110
මෙම තරගය හෙට (05) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන් ThePapare 1, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<