මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 125 වැනි වරටත් පැවැත්වෙන රුහුණු නිල් මහා සටන මේ මස 04, 05 සහ 06 යන දිනවල මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය මෙවර ප්‍රථම වරට සනත් ජයසූරිය සහ ඉන්දික ද සේරම් අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වේ.
1900 වසරේ දී ආරම්භ වූ මෙම තරගය මෙරට තෙවැනියට පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගයයි. එහි පළමු ස්ථානය 1879 දී ආරම්භ වූ කොළඹ රාජකීය සහ ගල්කිස්ස සාන්ත තෝමස් නිල් මහා සටනටත් සහ දෙවැනි ස්ථානය 1893 දී ආරම්භ වු මහනුවර ධර්මරාජ සහ කිංස්වුඩ් විද්‍යාලාන්තර කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයටත් හිමි වෙනවා.
ආරම්භයේ දී “නිල්වලා සටන” ලෙසින් හැඳින්වුණු මෙම තරගය 1984 වර්ෂයේ සිට “රුහුණු නිල් මහා සටන” වශයෙන් නම් කෙරුණා. එය මෙවර තවත් අදියරකට යමින් ජයග්‍රාහකයන් සඳහා පිරිනැමෙන කුසලානය, සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සනත් ජයසූරිය සහ සාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඉන්දික ද සේරම් නමින් නම් කර තිබෙනවා.
මෙම සටන් ඉතිහාසයේ කීර්තිමත් ක්‍රීඩකයන් ලෙසින් ඉහත දෙදෙනාට අමතර ව ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන රුචිර පල්ලියගුරුගේ සහ කසුන් රාජිත සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ද සහ ප්‍රභාත් නිශ්ශංක, චානක කොමසාරු, රසික ප්‍රියදර්ශන, සාන්ත තෝමස් විද්‍යාලයෙන් ද ක්‍රිකට් අකුරු කරමින් ජාත්‍යන්තර පිටියට එක් වූ ඉදිරි පෙළ ක්‍රීඩකයින් ලෙසින් හැඳින්විය හැකියි.
රුහුණු නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා තරග 32ක ජයග්‍රහණ සාන්ත තෝමස් විද්‍යාලයට විසින් ද තරග 27ක ජයග්‍රහණ සාන්ත සර්වේශස් විද්‍යාලය විසින් ද දිනා තිබෙනවා.
රහුණු නිල් මහා සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරගෙන ඇත්තේ 2007 වසරේ දී තාරක දුශාන්ත ගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් විද්‍යාලයයි. සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරන්නේ මීට වසරේ 54කට පෙර නිමල් මුනවීරගේ නායකත්වයෙන් යුත් 1971 වසරේදීයි.
මෙවර රුහුණු නිල් මහා සටන එක් වෙන සාන්ත තෝමස් විද්‍යාලය සිව් වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක පෙසඳු සංජන ගේ නායකත්වයෙන් පිටියට පිවිසීමට නියමිතයි. ඔහු මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 1000 සහ කඩුලු 50 කඩඉම් පසු කළ ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ උප නායකත්වය පැවැරී ඇත්තේ ලෝෂිත ඩික්සිත් වෙතයි.
සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරගයට පිවිසෙන්නේ විශ්ව සුපුන් ගේ නායකත්වය යටතේයි. ඔහු නිමා වූ ආසන්නත ම වසර ද්විත්වයේ දී රුහුණු නිල් සටන් ඉතිහාසයට පිට පිට වසර දෙකක දී ශතක දායාද කළ පළමු ක්‍රීඩකයා බවට ද පත් ව තිබෙනවා. ඔහුගේ සහායකයා බවට පත් ව ඇත්තේ චමරිඳු නෙත්සර.
ශාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
පෙසඳු සංජන (නායක), ලෝෂිත ඩික්සිත් (උප නායක), යොමිරු සස්වින්, දිනර ඉද්දමල්ගොඩ, පුනාල් පමුදිත, කුමෙශ් නුවන්ජන, සෙනුර ගිහාන් අබේසේකර, ඔචින්ත චාමික, මනුග යොනාල්, අබ්දුල් මාජීඩ්, තත්සර දෙව්මිත්, විහඟ සංකලන, සසිඳු මෙත්පහන්, දිනුර පවින්ජිත් ජයන්ත, සෙනිත් සුලක්ෂණ, අබ්දුල් රශීඩ්, සෙතුජ මංදිනු, ආර්. ආර්. පරණවිතානගේ, තත්සර විමුක්ති, වින්දිල චනුත් මින්සිත.
ජී. පී. එන්. පෙරේරා (විදුහල්පති), එච්. කේ. දිලිප් කුමාර (ක්‍රීඩා භාර ආචාර්ය), ජේ. ජයවර්ධන (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), අසංග වැල්හේන්ගොඩ (ක්‍රිකට් භාර ආචාර්ය), එස්. වයි. ටී. ලක්රුවන් (ක්‍රිකට් භාර ආචාර්ය), යසිත් දේහාන් (සහාය පුහුණුකරු), දිනූෂ ජයසංඛ (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු), ප්‍රවීන් මධුශාන් (කණිෂ්ඨ ප්‍රධාන පුහුණුකරු).
- කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයත් ඇවිලෙයි
- 12 වැනි ලෝක ගෘහස්ථ ක්රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
- තැන තැන Big Match තොරතුරු
- සාන්ත ඇලෝසියස් විද්‍යාලය අවසන් සටනට
ශාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විශ්ව සුපුන් (නායක), චමරිඳු නෙත්සර (උප නායක), චමෝද් මිහිරංග, සමිරු ගිම්හාන, රවීන් කවින්ත, විරාන් චමුදිත, රිසිනු කිත්මුක, චලන ඉඳුෂ, සංජු ඩිල්ශාන්, හේෂාන් මදුශංක, ප්‍රවීන් මදුශංක, ප්‍රනීත් මිහිරංග, බිනාල් නෙත්මක, එල්. එස්. රාමනායක, අයිවන් ෂූලොබිට්ස්කි, කෙනුල් හංසජ, ඊ. ජයරු, ඒ. සාජ්ඩ්, එස්. නදුශාන්, එන්. බංඩාර.
එච්. කේ. එල්. බී. විරාජිත් (විදුහපති), ඒ. අයි. ධීරසිංහ (නියෝජ්‍ය විදුහලති), රුවනි රූබසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), අයි. ජී. චාමර (ක්‍රිකට් භාර ආචාර් ය), පී. බී. බුද්ධික (ප්‍රධාන පුහුණුකරු), ප්‍රියන්ත අබේසේකර (කනිෂ්ඨ පුහුණුකරු)
125 වැනි රුහුණු නිල් මහ සටනට එක් වෙන සාන්ත තෝමස් විද්‍යාලයීය සහ සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD 2 නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.