කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර 28 වැනි වරට පැවැත්වුණු ඇතුගල්පුර සටන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 06ක පහසු ජයක් ලබා ගැනීමට මලියදේව විද්‍යාලය සමත් වුනා.
කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය පන්දුවාර 42 එක් පන්දුවක් තුළ සියලු පිතිකරුවන් දැවී යමින් රැස් කිරීමට සමත් වුනේ ලකුණු 102ක් පමණයි.
මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුශාන් සුභසිංහ විසින් ලකුණු 46ක් ලබාගන්න අතරේ, සනුජ දිසානායක ලකුණු 29ක් ලබා ගැනීමට සමට්ජ් වුනා.
මලියදේව විද්‍යාලය වෙනුවෙන් H.M.O.N විජේවර්ධන, දිමන්ත අරුශ, දිමත් අබේසිංහ සහ සොනාල් අශ්වින් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
සාන්ත ආනා විද්‍යාලය ලබා දුන් ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු මලියදේව ක්‍රීඩකයින් පන්දුවාර 33 පන්දු 4ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.
මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් මලියදේව විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගිය රජිත් නවෝද්‍ය ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනා.
පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<