2025 SAFF තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!

2025 SAFF Championship 2025

6
2025 SAFF Championship 2025

2025 SAFF තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය එළඹෙන ජුනි මාසයේ දී පැවැත්මට නියමිත අතර, තරගාවලියට ශ්‍රී ලංකාව ද ඇතුළුව කණ්ඩායම් 07ක් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට 14 වතාවක් සහභාගී වී ඇති අතර, 1995 වසරේ දී ශූරතාව ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

එමෙන්ම ශ්‍රී ලංකාවට මෙසේ SAFF කුසලානය වෙනුවෙන් සත්කාරකත්වය දැරීමේ අවස්ථාව උදා වී තිබෙන්නේ වසර 15කට පසුව වීමත් විශේෂත්වයක්.

දේශීය පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>