නිමා වූ වසරේ දෙසැම්බර් මස 27 වැනිදා සිට මේ වසරේ මාර්තු මස 8 වැනිදා දක්වා වූ දින 71ක සති අන්ත 11ක දී නිමා වූ, ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club තෙදින ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන්නේ Bloomfield කණ්ඩායම 2024/25 තරග සමයේ ශූරයන් බවට පත් වෙමිනුයි.
එහි අනුශූරයන් බවට පත් වෙන්නේ NCC කණ්ඩායමයි. මේ එම තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් ගැන තැබෙන කෙටි සටහනක්.
තරගාවලියේ වීරයා – රවිඳු ප්‍රනාන්දු (Bloomfield)
25 වැනි වියේ පසුවෙන රවිඳු ප්‍රනාන්දු තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නේ තරග 9ක ඉනිම 14ක දී ලකුණු 415ක් සහ කඩුලු 52ක් දවා ගැනීමින් ද පෑ දක්ෂතා මතයි.
මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රවිඳු මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ද ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක්.
දකුණත් මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කළ රවිඳු, නිමා කළ මෙවර තරගාවලියේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Badureliya කණ්ඩායමට එරෙහි ව පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 114යි. ඊට අමතර ව Ace Capital කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 94ක් සහ Panadura කණ්ඩායමට එරෙහි ව ඉනිම 2 දී ම ලබා ගන්නා ලද අර්ධ ශතක ද්විත්වයක් ද ඊට ඇතුලත්.
දකුණතින් පිට දඟ පන්දු යවන රවිඳු ගේ කඩුලු දවා ගැනීමේ දක්ෂතා අතර ඉදිරියෙන් ම තිබෙන්නේ Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ලකුණු 50කට දවා ගත් කඩුලු 6යි. එම තරගයේ දී ම පළමු ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගන්නා රවිඳු තරගයේ දී ලකුණු 92කට කඩුලු 11ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා. එම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.
ඊට අමතර ව ඔහු Police කණ්ඩායමට එරෙහි ව ඉනිම 2 දී කඩුලු 9ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා.
ඔහුගේ මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය වෙන්නේ 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ඉසව්වේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව Hangzhou හී පැවැති තරගයයි. එම තරගයේ ඔහුගේ දක්ෂතාවන් වන්නේ පන්දු 10ක දී හතරේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 9ක් වූ අතර එක් පන්දුවාරයක් පමණක් යවන ඔහුට කඩුලු දවා ගැනීමට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ.
මේ දක්වා පළමු පෙළ තරග 45කට සහභාගී වී ඇති රවිඳු ඉනිම 70ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 2438ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 145ක්.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – සහන් කෝසල (Kandy Customs)
Kandy Customs කණ්ඩායම නියෝජනය කළ 22 හැවිරිදි වියේ පසුවෙන සහන් කෝසල මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ ඉනිම 14ක දී ලබා ගත් ලකුණු 722ත් සමඟිනුයි.
ඔහුගේ මෙම ඉනිම් අතර NCC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 116ක් සහ SSC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 128ක් ද සමඟ Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව ඉනිම 2 දී ම ලබා ගත් අර්ධ ශතක ද්විත්වයක් මෙන් ම BRC කණ්ඩායමට, CCC කණ්ඩායමට සහ Moors කණ්ඩායමට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක ද මේ අතරට ඇතුලත්.
කඳාන ද මැසිනෝද් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සහන් කෝසල පළමු වරට පළමු පෙළ තරගවලට එක් වෙන්නේ නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩා සමාජය හරහායි. තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන සහන් මේ දක්වා පළමු පෙළ තරග 29කට සහභාගී වෙමින් ඉනිම 51ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1822ක් ලබා සිටිනවා.
සහන් කෝසල ඒ ලෙසින් තරගාවලියේ වටිනාම පිතිකරු බවට පත් වෙද්දී තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු වාර්තා කළ පිතිකරු බවට පත් වෙන්නේ Colts කණ්ඩායමේ රවිදු රසාන්ත. ඔහු Ace Capital කණ්ඩායමට එරෙහි ව පන්දු 343කට සහභාගී වෙමින් හතරේ පහර 26ක් සමඟින් ලකුණු 244ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Bloomfield කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත NCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 237ක්, NCC කණ්ඩායමේ ලහිරු උදාර Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 206ක්, Nugegoda කණ්ඩායමේ රොෂාන් විජේනායක BRC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 201ක් සහ Moors කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර Tamil Union කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 200ක් ලෙසින් ද්විත්ව ශතක වාර්තා කළ ක්‍රීඩකයන් අතරට එක් වෙනවා.
තරගාවලියේ වැඩිම ශතකලාභියා බවට පත් වෙන්නේ Nugegoda කණ්ඩායමේ රොෂාන් විජේනායක. ඔහු Kandy Customs සහ Tamil Union කණ්ඩායම්වලට එරෙහි ව ඉනිම 2 දී ම ශතක වාර්තා කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා. ද්විත්ව ශතකයක් ද ඇතුලත් මෙම ශතක 4 ම පිට පිට තරග 2ක ඉනිම 4ක දී වාර්තා කිරීම ද කැපී පෙණෙනවා.
ඊට අමතර ව CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ, NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ, ලහිරු උදාර සහ කමිල් මිෂාර ශතක ත්‍රිත්වය බැගින් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙනවා.
තරගාවලියේ පළමු වටයේ දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් 5 දෙනා
Player | Team | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | සහන් කෝසල | Kandy Customs | 8 | 14 | 1 | 722 | 128 | 55.53 | 2 | 5 | 80 | 15 |
2 | කමිල් මිෂාර | NCC | 8 | 13 | – | 713 | 151 | 54.84 | 3 | 3 | 74 | 4 |
3 | ලසිත් කෲස්පුල්ලේ | CCC | 8 | 13 | – | 709 | 163 | 54.53 | 3 | 2 | 82 | 28 |
4 | ලහිරු උදාර | NCC | 8 | 13 | – | 642 | 206 | 49.38 | 2 | 2 | 81 | 12 |
5 | පසිඳු සූරියබණ්ඩාර | Moors | 8 | 10 | 3 | 620 | 200* | 88.57 | 2 | 3 | 65 | 3 |
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
- Major Club ශූරතාව Bloomfield දිනා ගනී
- ක්‍රීඩකයෝ 112ක් NSL ආක්‍රමණයට සැරසෙයි
- Steven Smith එක්දින පිටියට සමු දෙයි!
- කොළඹ 7 Major Club ගැටුම
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – දිලුම් සුදීර (Police)
Police කණ්ඩායම නියෝජනය කරන වමත් පා දඟ පන්දු යවන්නෙක් වන දිලුම් සුදීර මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද සම්මානයට පත් වෙනවා.
ඔහුගේ මේ දක්ෂතා අතර ඉහළින් ම දැක් වෙන්නේ Badureliya කණ්ඩායමට එරෙහි ව ලකුණු 50කට දවා ගත් කඩුලු 8යි. එය ඔහුගේ පළමු පෙළ තරගයක හොඳම පන්දු යැවීම ද වූ අතර එම තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු 47කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඒ අනුව තරගයේ දී ලකුණු 97කට කඩුලු 13ක් දවා ගැනීමට සමත් වෙන ඔහු එම දක්ෂතාව ද තම පළමු පෙළ තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගන්නවා.
මෙම දක්ෂතාව මෙවර තරගාවලියේ පන්දු යවන්නෙක් තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වෙන අතර කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් පන්දු යවන්නන් අතර ද දිලුම් පෙරමුණ ගන්නවා.
Chilaw Marians සහ Colts කණ්ඩායම්වලට එරෙහි ව කඩුලු 6ක් බැගින් දවා ගන්නා දිලුම්, Negombo, Bloomfield සහ Ace Capital කණ්ඩායම්වලට එරෙහි ව කඩුලු 5ක් බැගින් ද සහ Badureliya කණ්ඩායමට පෑ දක්ෂතා ද්විත්වය සමඟින් එවන් අවස්ථා 7ක් උදාකර ගනිමිනුයි එම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙන්නේ.
දිලුම් ට අමතර ව BRC කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර සහ Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක තරගයක දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් බැගින් එක් කර ගනිමින් මෙම ලැයිස්තුවේ 2 වැනි සහ 3 වැනි අසුන්වලට හිමිකම් කියනවා.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දිලුම් සුදීර මේ දක්වා පළමු පෙළ තරග 42කට සහභාගී වෙමින් කඩුලු 176ක් ලබා තිබෙනවා.
මේ අතර තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු කර ගැනීමට Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක සමත් වෙනවා. ඔහු BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 65කට කඩුලු 9ක් දවා ගනිමින් එම දක්ෂතාව දක්වනවා.
තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් 5 දෙනා
Player | Team | Mat | Inns | O | M | R | W | Best | 5 | |
1 | දිලුම් සුදීර | Police | 8 | 14 | 334.2 | 64 | 911 | 61 | 8/50 | 7 |
2 | තරිඳු රත්නායක | Tamil Union | 8 | 15 | 305.3 | 25 | 1218 | 52 | 9/65 | 5 |
3 | රවිඳු ප්‍රනාන්දු | Bloomfield | 8 | 16 | 260.3 | 44 | 844 | 49 | 6/50 | 3 |
4 | නලින් ප්‍රියදර්ශන | Police | 8 | 14 | 317.5 | 39 | 957 | 47 | 6/58 | 4 |
5 | මාලින්ද පුෂ්පකුමාර | BRC | 7 | 12 | 260.5 | 22 | 979 | 44 | 7/35 | 5 |
අවසන් මහා තරගයේ වීරයා – රොන් චන්ද්‍රගුප්ත (Bloomfield)
30 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙනවා. ඔහු ඊට නිර්දේශ ලබන්නේ එම තරගයේ දී ලබා ගත් ද්විත්ව ශතකය හේතුවෙන්.
එම තරගයේ දී ඔහු පන්දු 493කට මුහුණ දෙන ඔහු හතරේ පහර 20ක් සහ හයේ පහරක් ද සමඟින් ලකුණු 237ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.
රොන් මෙවර තරගාවලිය තුළ ලබා ගත් එම ද්විත්ව ශතකයට අමතර ව Badureliya කණ්ඩායමට එරෙහි ව ශතකයක්, Ace Capital, Colts සහ Ragama කණ්ඩායම්වලට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක 3ක් ද සමඟින් ලකුණු 792ක් ලබා ගන්නා ලද එහි සාමාන්‍ය 48.60ක් ලෙසින් ද පවත්වාගෙන යෑමට සමත් වෙනවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රොන් චන්ද්‍රගුප්ත මේ දක්වා පළමු පෙළ තරග 89කට සහභාගී වෙමින් ලකුණු 5180ක් ලබා සිටිනවා. ඒ අතර අවසන් මහා තරගයේ දී ලබා ගත් ද්විත්වය ශතකයට අමතර ව තවත් ශතක 10ක් සහ අර්ධ ශතක 22ක් ද මේ අතර තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<