යාපනය ගිනි ගත් තැන තැන Big Match

11

වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ අගනුවර තරග කිහිපයකට අමතර ව තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී පසුගිය සති අන්තයේ ද නිමා වුනා. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ යාපනයේ පැවැති 118 වැනි වැනි උතුරු සටනයි. 1904 වසරේ දී පළමු වරට ඇරඹි මෙම තරගය යාපනය අර්ධද්වීපයේ පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන අතර මෙරට පැවැත්වෙන පැරණිතම මහා ක්‍රිකට් තරග අතර සිව් වැනි පැරණිත ම තරගය ලෙසින් ද ලැයිස්තු ගත වෙනවා.  

මේ අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ සාන්ත මරියා විද්‍යාලය අතර පැවැති පස්දුන් කෝරළේ සටන”, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මහර ජනාධිපති විද්‍යාලය අතර පැවැති රන්දිනූ සටන සහ ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය සහ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල අතර පැවැති දෙනුවර සටනතරග ද පැවැතියා.  

118th Battle of the North 

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් සාන්ත ජෝන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පිට පිට 2 වැනි වතාවටත් උතුරු සටන කුසලානය තමන් සන්තක කර ගත්තා.  

සාන්ත ජෝන් විද්‍යාලය මෙම ජයග්‍රහණය ලබා ගන්නේ උතුරු සටන් ඉතිහාසයේ 40 වැනි වරටයි.  

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (57.2) Ranjithkumar Newton 24, Sathakaran Similtan 24, Antanreshan Abishek 27, Kugathas Mathulan 2/27, Murfin Randyo 2/25, Jeyachandran Ashnath 5/38

 

සාන්ත ජෝන් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (66.0) Raman Anushanth 86, Murfin Randyo 20, Jeyachandran Ashnath 29, Kirubakaran Sanjuthan නොදැවී 22, Ranjithkumar Newton 5/62, Murali Thison 2/47

 

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 142 (59.0) Sathakaran Similtan 34, Thakuthas Abilash 28, Kugathas Mathulan 2/17, Jeyachandran Ashnath 4/54

 

සාන්ත ජෝන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 93 (28.5) Uthayanan Abijoyshanth 33, Jeyachandran Ashnath නොදැවී 29, Ranjithkumar Newton 2/37, Murali Thison 2/29

 

සාන්ත ජෝන් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – Antanreshan Abishek (යාපනය මධ්‍ය  මහා විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම කඩුලු රකින්නා – Kirubaharan Sanjuthan (සාන්ත ජෝන් විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – Jeyachandran Ashnath (සාන්ත ජෝන් විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පිතිකරු – Raman Anushanth (සාන්ත ජෝන් විද්‍යාලය) 
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – Ranjithkumar Newton (යාපනය මධ්‍ය මහා විද්‍යාලය) 
  • තරගයේ වීරයා – Jeyachandran Ashnath(සාන්ත ජෝන් විද්‍යාලය) 

60th Battle of the Pasdun Korale 

මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ මතුගම සාන්ත මරියා විද්‍යාලය අතර 60 වැනි වරටත් පැවැති පස්දුන් කෝරළේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත් නිමා වෙන්නේ විසඳුමකින් තොරවයි.  

1963 වසරේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරග ලැයිස්තුවේ සාන්ත මරියා විද්‍යාලය අවස්ථා 12ක ජයග්‍රහණ ද සහ ආනන්ද ශාස්ත්‍රාලය අවස්ථා 2ක ජයග්‍රහණ ද හිමි කර ගෙන තිබෙනවා. මෙවර තරගය විසඳුමකින් තොරව අවසන් වෙන්නේ 46 වැනි වරටයි. 

තරගය මතුගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත් වුනා.   

  • ආනන්ද ශාස්ත්‍රාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 164 (67.3) මෙනුජ සන්සුත 20, දෙසඳු චත්රුක 21, බෙනුක ඉඳුවර 27, සසිඳු ඉඳුසර 29, නෙශාන් සස්මික 2/26, ලිතුම් රන්සික 5/53, 
  • සාන්ත මරියා විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 80 (44.0) ලිතුම් රන්සික 22, තරුශ දසුන් 4/23, පහන් තුලක්ෂිත 2/12
  • ආනන්ද ශාස්ත්‍රාලය – 2 වැනි ඉනිම කඩුලු 6ක් දැවී 123 (28.2) පහන් තුලක්ෂිත 30, මෙනුජ සන්සුත 42, දෙනෙත් අංජන 26, ලිතුම් රන්සික 3/30
  • සාන්ත මරියා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 167 (59.0) යසිත් සත්සර 64, ලිතුම් රන්සික 24, තරුෂ දසුන් 2/38, යසිත් ශිහාන් 2/41

තරගය විසඳුමක් නෑ.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – දෙනෙත් අංජන (ආනන්ද ශාස්ත්‍රාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – තරුෂ දසුන් (ආනන්ද ශාස්ත්‍රාලය) 
  • තරගයේ දක්ෂතම පිතිකරු – යසිත් සත්සර (සාන්ත මරියා විද්‍යාලය) 
  • තරගයේ වීරයා – ලිතුම් රන්සික (සාන්ත මරියා විද්‍යාලය) 

3rd Battle of the Golden Achievers 

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මහර ජනාධිපති විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති රන්දිනූ සටනවාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ජනාධිපති විද්‍යාලය සමත් වුනා. 

පන්දුවාර 40කට සීමා වූ මෙම තගරය ගනේමුල්ල කොමාන්ඩෝ බලකා රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර මෙම ජයග්‍රහණයත් සමඟින් මෙතෙක් පැවැති තරග අතුරින් දෙවිදුහල් ම අවස්ථාව බැගින් ජයග්‍රහණ වාර්තා කළා. එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 55 (25.0) බුද්ධිම ශාන් 11, චමුදිත දෙවිමිත් 10, ඔෂාන් දම්සර 2/13, යසිඳු වගීෂ 2/17, අග්රාජා සදෙව් 6/13

ජනාධිපති විද්‍යාලය – කිසිවෙක් නොදැවී 56 (6.1) මහිත් සස්මිත නොදැවී 32, ජනීශ බිම්සර නොදැවී 18

 

ජනාධිපති විද්‍යාලය කඩුලු 10ක ජයක්.   

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – මහිත් සස්මිත (ජනාධිපති විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – අග්රාජ සදෙව් (ජනාධිපති විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පිතිකරු – මහිත් සස්මිත (ජනාධිපති විද්‍යාලය) 
  • තරගයේ වීරයා – අග්රාජා සදෙව් (ජනාධිපති විද්‍යාලය) 

දෙනුවර සටන 

ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය සහ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසල අතර පැවැති දෙනුවර සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් වික්‍රමභාහු මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 162ක ජයග්‍රහණයක් හිමි වුනා. මෙම තරගය ගම්පොළ වික්‍රමභාහු මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී පැවැතියා. 

වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 224 (45.5) ඉරුෂ ආදිත් 46, ගීත් මාලිංග 31, තිමිර දේශාන් නොදැවී 34, දනුශ්ක දනංජය 24, බිපුල ජයනාත් 4/51, දිල්රුක් හේවාසිංහ 2/31 

 

අනුරුද්ධ කුමාර ජාතික පාසල – සියලුම දෙනා දැවී 62 (27.5) බිපුල ජයනාත් 21, ඉරුෂ ආදිත් 2/03, ඉරුක දේශාන් 2/21, ගීත් මාලිංග 4/11 

 

වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 162ක ජයක්. 

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<