යාපනය සාන්ත ප්‍රැටික් විද්‍යාලය සහ වඩ්ඩුකොඩ්ඩායි යාපනය විද්‍යාලය අතර යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය පිටියේ දී පැවැති උතුරු රන් සටනේ දී සාන්ත පැට්‍රික් විද්‍යාලයට එරෙහි ව ලකුණු 59ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලය සමත් වුනා.
යාපනය අර්ධද්වීපයේ පැවැත්වෙන පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතර 2 වැනි ස්ථානයට පත් මෙම තරගය මෙවර පැවැත් වූයේ 108 වැනි වරටයි. මෙවර තුන් දින තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ දී යාපනය විද්‍යාලය ජයග්‍රහණයක් වාර්තා කරන්නේ වසර 52කට පසුව වීම විශේෂත්වයක්.
යාපනය මහා විද්‍යාලය
Sithamparalingam Mathusan (නායක), Anushanthan Harmishan, Mohan Emaxshan (කඩුලු රකින්නා), Keetheswaran Harishan, Robinson Uthayakumar, Suresh Kabishan, Tharmakumaran Demian, Thivakaran Karthikan, Uthajaraja Kenreksan, Vasuthevan Vishnugoban, Hamish Harmishon.
සාන්ත පැට්‍රික් විද්‍යාලය
Patkunam Mathushan (නායක), David Abilash, Kumanathasan Sarushan, Steef Adithya, Premanayakam Mathusan, Robinsan Denowan, Robisan Shiyansan (කඩුලු රකින්නා), Vijayakumar Evon, Vimalathas Defano, Titus Jojesh.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ යාපනය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් සියලුම දෙනා ම දැවී ලබා ගත්තේ ලකුණු 153ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Robinson Uthayakumar. ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.
ඊට අමතර ව Vasuthevan Vishnugoban පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Vijayakumar Evon ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Premanayakam Mathusan, Vimalathas Priyankan සහ Kumanathasan Sarushan කඩුලු ද්විත්වය බැගින් ද David Abilash කඩුල්ලක් ද දවා ගත්තා.
ඉන් අනතුරු ව පිටියට පිවිසි සාන්ත පැට්‍රික් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 167ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 14ක් ඉදිරියෙන් සිටියා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ David Abilash. ඔහු පන්දු 107කට මුහුණ දෙමින් ලකුණු 28ක් ලබා ගත්තා.
- “නිල”ට ගැටෙන රාජකීයයන් සහ තෝමස්වරුන්
- 75 වැනි රන් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- සුලෝහිත සංග්‍රාමය විසඳුමක් නැතිව අවසන් වේ
- පාසල් ක්‍රිකට් තරග රැසක් දින දෙකේ සිට දින තුන දක්වා පරිවර්තනයක්
- දකුණුලක බාලිකාවන් ගැටෙන “මිත්‍රත්වයේ සටන”
කඩුලු දවා ගැනීමේ දී යාපනය විද්‍යාලයේ නායක Sithamparalingam Mathusan ලකුණු 45කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. ඊට අමතර ව Vasuthevan Vishnugoban සහ Hamish Harmishon අතර කඩුලු ද්විත්වය බැගින් බෙදී ගියා.
තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය විද්‍යාලයීය ක්‍රීඩකයෝ එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් Suresh Kabishan පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ද සහ Sithamparalingam Mathusan පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Kumanathasan Sarushan ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත් අතර Premanayakam Mathusan කඩුලු 3ක් ද, Patkunam Mathushan කඩුලු ද්විත්වයක් ද දවා ගත්තා.
ජයග්‍රහණය සඳහා ලකුණු 146ක් අවශ්‍යතාව වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත පැට්‍රික් ක්‍රීඩකයන්ට එවර ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 86ක් පමණයි. එම ඉනිම සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමේ දී යාපනය මහා විද්‍යාලයේ නායක Sithamparalingam Mathusan පෙරමුණ ගත්තා. ඔහු එම ඉනිමේ දී ලකුණු 23කට කඩුලු 6ක් දවා ගත් අතර තරගයේ දී ලකුණු 68කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
සාන්ත පැට්‍රික් පරාජිත ඉනිමේ දී නායක Patkunam Mathushan පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී Vasuthevan Vishnugoban කඩුලු 3ක් ද සහ Hamish Harmishon කඩුල්ලක් ද දවා ගන්නවා.
මෙම ජයග්‍රහණයත් සමඟින් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ යාපනය රන් කුසලානය 17 වතාවක් තම පාසලට රැගෙන ගොස් තිබෙනවා.
කෙටි ලකුණු පුවරුව
- යාපනය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (68.2) Robinson Uthayakumar 61, Vasuthevan Vishnugoban 30, Vijayakumar Evon 3/17, Premanayakam Mathusan 2/17, Kumanathasan Sarushan 2/41, Vimalathas Priyankan 2/21
- සාන්ත පැට්‍රික් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (65.3) Steef Adhithya 27, David Abilash 28, Vimalathas Priyankan නොදැවී 20, Sithamparalingam Mathusan 5/45, Vasuthevan Vishnugoban 2/34, Hamish Harmishon 2/43
- යාපනය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 159 (87.1) Sithamparalingam Mathusan 32, Suresh Kabishan 35, Premanayakam Mathusan 3/25, Kumanathasan Sarushan 4/45, Patkunam Mathushan 2/09
- සාන්ත පැට්‍රික් විද්‍යාලය – සියලුම දෙනා දැවී 86 (35.3) Patkunam Mathushan 35, Vasuthevan Vishnugoban 3/43, Sithamparalingam Mathusan 6/23
යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 59ක ජයක්.
- තරගයේ වීරයා – Sithamparalingam Mathusan (යාපනය විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<